නැවත පත් වූ නව නායකයාගේ පරණ ආබාධය නැවත මතුවෙයි

306
@AFP PHOTO

දකුණු පාදයේ කලවා ආශ්‍රිත මස්පිඩු ආබාධයක් හේතුවෙන් ශ්‍රී ලංකා සීමිත පන්දු වාර ක්‍රිකට් නායක ඇන්ජලෝ මැතිව්ස්, තුන් කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ බංග්ලාදේශය සමඟ හෙට (19) පැවැත්වීමට නියමිත තරගයට සහභාගී වීම අවිනිශ්චිත තත්ත්වයකට පත් වී තිබේ.

යොවුන් ක්‍රීඩකයෙකු නැවතත් දිවයිනට

වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා නවසීලන්තය බලා පිටත් ගිය..

”බංග්ලාදේශයේ පැවැත්වෙන තුන් කොන් එක් දින ක්‍රිකට් තරගාවලියේ සිම්බාබ්වේ කණ්ඩායම සමඟ ඊයේ (17) පැවති තරගයේ පන්දුවට පහර දෙමින් සිටිය දී, මැතිව්ස්ගේ පදයේ මෙම කලවා මස්පිඩු ආශ්‍රිත ආබාධය හට ගෙන තිබේ. කණ්ඩායම් කළමනාකාරිත්වයට අනුව මැතිව්ස් මේ වන විට ප්‍රතිකාර ලබමින් පසුවන අතර මීළඟ තරගයට ඔහු සහභාගී වීම පිළිබඳ අවසන් තීරණය හෙට දිනය වන විට ගැනීමට නියමිතයි.” ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මාධ්‍ය නිවේදනයක් මගින් අනාවරණ කරන ලදි.

ශ්‍රී ලංකා කණ්ඩායම හෙට දිනයේ දී (19) සත්කාරක බංග්ලාදේශ කණ්ඩායම සමඟින් තරග වැදීමට නියමිත අතර එම තරගය පැවැත්වෙන්නේ ද ශ්‍රී ලංකාව බදාදා පැවති සිය පළමු තරගයේ දී සිම්බාබ්වේ කණ්ඩායම හමුවේ ලකුණු 12ක පරාජයක්  උරුම කර ගත් මීර්පූර්, ශරේ බංග්ලා ක්‍රීඩාංගණයේ දී මය.

සිම්බාබ්වේ කණ්ඩායම සමඟ පැවති එම තරගය ඇන්ජලෝ මැතිව්ස් නායකත්වයට නැවත පත් කිරීමෙන් පසු ක්‍රීඩා කළ පළමු තරගය විය. කලවා සහ කෙන්ඩා ආශ්‍රිත මස්පිඩු ආබාධ මෙන්ම වළලු කර ආබාධ හේතුවෙන් පසුගිය කාලය ඇතුළත ඇන්ජලෝ මැතිව්ස් හට අහිමි වී ගිය ජාත්‍යන්තර තරග සංඛ්‍යාව අතලොස්සක් නම් නොවේ. හෙට තරගය සඳහා ද මැතිව්ස් සහභාගී නොවුනහොත් දිනේෂ් චන්දිමාල් හට නායකත්වයේ වගකීම පැවරෙනු ඇති.

 >> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<