Home Sinhala සුලෝහිත සංග්‍රාමයේ එක්දින තරග ජය නාලන්දාවට

සුලෝහිත සංග්‍රාමයේ එක්දින තරග ජය නාලන්දාවට

192

45 වැනි වරටත් ක්‍රියාත්මක වූ සුලෝහිත සංග්‍රාමයේ සීමිත පන්දුවාර ක්‍රිකට් සටනින් ජය ලබන්නට අද (17) කොළඹ නාලන්දා විද්‍යාලය සමත් විය. ඒ ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව තම සාම්ප්‍රදායික ප්‍රතිවාදියා වන කොළඹ ආනන්ද විද්‍යාලය ලකුණු 16කින් පරාජය කරමිනි.

තවීෂ ආදරවන්තයන්ගේ කුසලානය රිච්මන්ඩ් කන්දට රැගෙන යයි

දකුණුලක අගනගරය ක්‍රිකට් උන්මාදයෙන් ඇවිල වූ ගාලු ආදරවන්තයෙන්ගේ 114 වැනි සංග්‍රාමය ජයග්‍රහණය කිරීමට රිච්මන්ඩ්

සිංහල ක්‍රීඩා සමාජ පිටියේ දී පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට සමත් වූයේ ආනන්ද විද්‍යාලයයි. ඊට ප්‍රතිචාර වශයෙන් ඔවුන් මුලින් පන්දුවට පහර දීමට තීරණය කළ ද ප්‍රමාණවත් ලකුණු සංඛ්‍යාවක් ලබා ගැනීමට ආනන්ද විද්‍යාලයට හැකි වූයේ නැත. ආනන්ද විද්‍යාලයීය ඉනිම ආරම්භ කළ සුදීප අඟුළුගහ සහ කණිෂ්ක රන්තිලකගේ යන දෙදෙනාම තනි ඉලක්කමේ ලකුණු සංඛ්‍යාවලට දවා ගනිමින් නාලන්දාව මුල සිටම තරගයේ පෙරමුණ ගත්තේය. කණ්ඩායමේ සෙසු මුල්පෙළ පිතිකරුවන් ද ලකුණු පුවරුව කරකැවීමට එතරම් සහයෝගයක් දුන්නේ නැත.

Photos: Ananda College vs Nalanda College | 45th One Day Encounter

තත්ත්වය මෙසේ තිබිය දී අංක 7 පිතිකරුවා ලෙස පිටියට පිවිසි දකුණත් පිතිකරු කළණ විජේසිරි ලකුණු 46ක් ලබාගෙන කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා බවට පත්විය. පන්දු 52කට මුහුණ දුන් ඔහු එහි දී තම ඉනිමට හතරේ පහර 2ක් සහ එක් හයේ පහරක් ඇතුළත් කර ගත්තේය. අංක 9 පිතිකරණ ස්ථානයේ ක්‍රීඩා කළ නදීශ කරුණාරත්න ද පන්දු 40කින් ලකුණු 43ක් ලබා ගනිමින් තම සහෝදර පන්දු යවන්නන්ට තරගයක් ලබා දීමට හෝ හැකි ලකුණු පුවරුවක් නිර්මාණය කිරීමට උපකාරී විය. නදීශගේ ඉනිම හතරේ පහර 4කින් සහ එක් හයේ පහරකින් හැඩවිය.

ඥානිස්සර විද්‍යාලය මංගල තරගය ජය ගනී

දර්ගා ටවුන්, ඥානිස්සර මහා විද්‍යාලය සහ අහුංගල්ල රාජපක්ෂ මහා විද්‍යාලය අතර පැවති මංගල යහළුවන්ගේ වාර්ෂික මහා ක්‍රිකට් තරගයේ

කෙසේ වෙතත් මුල්පෙළ පිතිකරුවන්ගෙන් සහයක් නොලද ආනන්ද විද්‍යාලයීය ඉනිම අද පන්දුවාර 48ක් අවසානයේ නිමාවට පත්වූයේ ලකුණු 197කටයි. එහි දී ප්‍රතිවාදී පිතිකරුවන් තම දකුණත් පා දඟපන්දුවෙන් මට්ටු කළ රවීන් ද සිල්වා අද ලකුණු 50කට කඩුලු 4ක් දවා ගනිමින් ආනන්දය පසු පාදයට ඇද දමන්නට පෙරමුණ ගත්තේය. මීට අමතරව දකුණතින් පිට දඟපන්දු යවන ක්‍රීඩක ලක්ෂිත රසාංජන කඩුලු 3ක් බිඳ හෙලුවේ ලකුණු 53ක් පමණක් ප්‍රතිවාදීන්ට ලබා දෙමිනි. සමස්තයක් වශයෙන් අද නාලන්දා විද්‍යාලයේ සියලුම පන්දු යවන්නන් මනා පාලනයකින් යුතුව පන්දුව හසුරුවා ගැනීම තරගයේ තීරණාත්මක සංධිස්ථානය බවට පත්විය.

තම රාජකාරියෙන් අඩක් සාර්ථකව සම්පූර්ණ කළ නාලන්දා විද්‍යාලය හමුවේ මීළඟට තිබූ අභියෝගය ලකුණු 198ක ඉලක්කය සාර්ථකව හඹා යාමයි. කෙසේ වෙතත් නාලන්දා විද්‍යාලය මහත් බලාපොරොත්තු තබා තිබූ රනිඳු ද සිල්වා, තනුෂ්ක පොල්ගම්පළ සහ ලක්ෂිත මානසිංහ යන පිතිකරුවන් තිදෙනාම තුන් ඉරියව් ක්‍රීඩක සුදීප අඟුළුගහගේ විශිෂ්ට පන්දු යැවීම ඉදිරියේ ඉතා ඉක්මනින් පිටිය හැර යාමත් සමඟ නාලන්දා කඳවුර ද තරමක් සලිත විය. කෙසේ වෙතත් ඔවුන්ට හඹා යාමට එතරම් විශාල ලකුණු සංඛ්‍යාවක් නොතිබූ නිසා හානිය අවම වන ලෙස කඩුල්ලේ රැඳී සිටින්නට කණ්ඩායමේ සෙසු පිතිකරුවෝ කටයුතු කළහ.

අභිෂේක් ආනන්දකුමාර් අන්තෝනි ක්‍රීඩකයෝ මෙල්ල කරයි

කන්ද උඩරට ප්‍රමුඛ පෙළේ පාසල් දෙකක් වන මහනුවර ත්‍රිත්ව විද්‍යාලය සහ කටුගස්තොට සාන්ත අන්තෝනි විද්‍යාලය අතර පැවති ’38 වන නිල් මහා

එහි දී ආරම්භක පිතිකරු අවිශ්ක පෙරේරා පන්දු 26ක දී ලකුණු 26ක් ලබා ගත්තේ හතරේ පහර 3ක් සමඟයි. අද දිනයේ ඉවසිලිවන්තම ඉනිම ක්‍රීඩා කළ දකුණත් පිතිකරු ජයෝද් කල්දේරා තරගය අයහපත් කාලගුණය නිසා නතර කරන තුරුම කඩුල්ලේ රැඳී සිටිමින් ලකුණු 38ක් ලබා ගත්තේය. ඒ පන්දු 84කට මුහුණ දෙමිනි. මහා ක්‍රිකට් තරගයක වීරයෙකු වනවාට වඩා තම පාසලේ ජයග්‍රහණය වැදගත් වන බව වටහා ගත් ඔහුගේ ඉනිමට ඇතුළත් වූයේ හතරේ පහර 3ක් පමණි. මීට අමතරව තරගයේ අවසන් කොටසේ දී නාලන්දා පිළට ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව ජයග්‍රහණය වෙනුවෙන් අවශ්‍ය ලකුණු ගණන උපයා දුන් චමිඳු විජේසිංහ ලකුණු 29ක් ලබා ගත්තේය.

ඒ අනුව පන්දුවාර 33යි එක් පන්දුවක් අවසානයේ තරගය නතර කරන විට නාලන්දා විද්‍යාලය කඩුලු 5කට ලකුණු 141ක් ලබා සිටියහ. එම පන්දුවාර ගණන වන විට ජයග්‍රහණය සඳහා අවශ්‍ය වූයේ ලකුණු 125ක් පමණක් වන නිසා නාලන්දා විද්‍යාලය මෙවර එක්දින ක්‍රිකට් සංග්‍රාමයේ ජයග්‍රාහකයින් බවට පත්විය. අවසන් ප්‍රතිඵලය කුමක් වුවද තරගය තම විද්‍යාලයට දිනා දීමට දැඩි වෙහෙසක් දැරූ ආනන්ද විද්‍යාලයේ දකුණත් වේගපන්දු යවන ක්‍රීඩක සුදීප අඟුළුගහ ප්‍රතිවාදීන්ගේ බිඳ වැටුණු කඩුලු පහේම හිමිකරුවා බවට පත්විය. පරාජය පෙනී පෙනී ඔහු ලබා දුන් සටන නිසා ඔහු විද්‍යාල දෙකේම ප්‍රේක්ෂකයින්ගේ අවධානයටත් ප්‍රසංසාවටත් පාත්‍රවිය.

>> ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් පිටුවට <<

Result


Ananda College
197/10 (48)

Nalanda College
141/5 (33.1)

Batsmen R B 4s 6s SR
Sudeepa Agulugaha lbw b Chamindu Wijesinghe 0 3 0 0 0.00
Kanishka Rantilakage c Jayod Kaldera b Lakshitha Rasanjana Manasinghe 6 21 1 0 28.57
Adeesha Perera st Thanushka Dilhara Polgampola b Raveen De Silva 22 66 1 1 33.33
Kamesh Nirmal c Thanushka Dilhara Polgampola b Raveen De Silva 13 21 1 1 61.90
Moditha Ranathunga b Raveen De Silva 4 12 0 0 33.33
Daminda Reshan c Moksha Sankalpa b Dineth Samaraweera 23 42 0 0 54.76
Kalana Sulakkana Wijesiri c Ranindu C de Silva b Raveen De Silva 46 52 2 1 88.46
Janindu Jayaweera b Dineth Samaraweera 1 8 0 0 12.50
Nadeesha Karunarathna c Mahima Weerakoon b Lakshitha Manasinghe 43 40 4 1 107.50
Chamika Deemantha Gunasekara not out 15 12 1 0 125.00
Maoshada Fernando c Thanushka Polgampola b Lakshitha Manasinghe 11 10 2 0 110.00


Extras 13 (b 0 , lb 6 , nb 0, w 7, pen 0)
Total 197/10 (48 Overs, RR: 4.1)
Bowling O M R W Econ
Chamindu Wijesinghe 9 1 37 1 4.11
Dineth Samaraweera 10 3 25 2 2.50
Lakshitha Rasanjana Manasinghe 10 0 53 3 5.30
Kaveesh Madurapperuma 9 0 26 0 2.89
Raveen De Silva 10 1 50 4 5.00


Batsmen R B 4s 6s SR
Ranindu C de Silva c Chamika Deemantha Gunasekara b Sudeepa Agulugaha 7 28 0 0 25.00
Avishka Perera c Kalana Wijesiri b Sudeepa Agulugaha 26 26 3 0 100.00
Thanushka Polgampola b Sudeepa Agulugaha 5 5 1 0 100.00
Lakshitha Manasinghe c Nadeesha Karunarathna b Sudeepa Agulugaha 6 8 1 0 75.00
Jayod Kaldera not out 38 84 3 0 45.24
Chamindu Wijesinghe c Kamesh Nirmal b Sudeepa Agulugaha 29 35 2 1 82.86
Raveen De Silva not out 12 15 0 0 80.00


Extras 18 (b 0 , lb 1 , nb 2, w 15, pen 0)
Total 141/5 (33.1 Overs, RR: 4.25)
Bowling O M R W Econ
Chamika Deemantha Gunasekara 6 0 30 0 5.00
Adeesha Perera 9 0 29 0 3.22
Sudeepa Agulugaha 7 0 28 5 4.00
Nadeesha Karunarathna 2.1 0 19 0 9.05
Maoshada Fernando 3 0 7 0 2.33
Janindu Jayaweera 5 0 22 0 4.40
Daminda Reshan 1 0 4 0 4.00