කොළඹ ආනන්ද විද්‍යාලය හා කොළඹ නාලන්ද විද්‍යාලය අතර පැවැත්වෙන සුලෝහිත සංග්‍රාමයට සමගාමීව සංවිධානය කරනු ලබන වාර්ෂික එක්දින තරගාවලියේ 43 වන රජ දැක්ම අද (19) කොළඹ SSC ක්‍රීඩාංගණයේ දී පැවැත්වූ අතර, එම තරගයෙන් කඩුලු 2ක තියුණු ජයග්‍රහණයක් ලබා ගැනීමට නාලන්ද විද්‍යාලය සමත් විය.

ජයවර්ධනපුර සටන ජය පරාජයෙන් තොරයි

වසර 127ක විශාල ඉතිහාසයක් ඇති කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයත් හා වසර 102ක ප්‍රෞඪ ඉතිහාසයකට හිමිකම් කියන නුගේගොඩ සාන්ත ජෝන් විද්‍යාලයත් අතර 21 වන වරටත් පැවැත්වූ ජයවර්ධනපුර මහා සටන ඊයේ (18) ජය පරාජයෙන් තොරව අවසන් විය…

කොළඹ ආනන්ද සහ නාලන්ද දෙවිදුහල් අතර වාර්ෂික එක්දින තරග ඉතිහාසය, 1975 දක්වා ඈතට දිව යන්නකි. 2014 වසරේ දී තරගය පැවැත්වීමට නොහැකි වූ අතර අවසන් වරට පැවති තරග 6ක ම ජයග්‍රහණය හිමි කරගෙන සිටියේ ආනන්ද විද්‍යාලයයි. එක්දින තරගාවලි ඉතිහාසය දෙස බලන කළ ආනන්දීයයන් ජයග්‍රහණ 26කට හිමිකම් කියමින් ඉදිරියෙන් පසුවෙද්දී, නාලන්ද ක්‍රීඩකයන් තරග ජයග්‍රහණ 12ක අයිතිය තහවුරු කරගෙන තිබේ.

[rev_slider dfcc728]

 

ඉතිහාසයට අනුව තරගයේ වැඩි වාසිය හිමිකරගත් ආනන්ද විද්‍යාලය කාසියේ වාසිය ජයග්‍රහණය කර පළමුව පන්දුවට පහර දීමට තීරණය කරන ලදි. ඒ අවසරයෙන් පිටියට පැමිණි ආනන්ද පිතිකරුවන් මුල් පන්දුවාර කිහිපය තුල යම්තාක් දුරකට පාලනය කර ගැනීමට නාලන්ද පන්දු යවන්නන් සමත් වුවද, එම පීඩනය මඟ හැර ගත් සම්මු අශාන් පිටියේ ස්වභාවය මනාව අවබෝධ කර ගනිමින් ලකුණු 96ක් වාර්තා කලත්, ශතකය සම්පූර්ණ කර ගැනීමට තරම් වාසනාවන්ත නොවීය.

ඔහුට සහයක් වෙමින් ලකුණු පුවරුවට තවත් ලකුණු 42ක් එක් කල අසේල සිගේරා ආනන්ද විද්‍යාලයට සවිමත් මැදපෙළක් සකස් කරන ලදි. නායක කවිශ්ක අංජුල ලකුණු 38ක් එක් කරමින් 257ක් දක්වා තම ලකුණු පුවරුව ඔසවන ලදි.

නාලන්ද ඉතිහාසයේ වෙනසක් ද? ආනන්ද ප්‍රතිඵලයේ වෙනසක් ද?

සුලෝහිත සංග්‍රාමයට සමගාමීව සංවිධානය කරන වාර්ෂික එක්දින තරගයේ දී ආනන්ද විදුහල් කණ්ඩායම ජයග්‍රහණය සඳහා වැඩි වාසි සමඟින් පිටියට පිවිසුනත්…

පන්දු යැවීමේ දී නාලන්ද විද්‍යාලය වෙනුවෙන් කලන පෙරේරා, අසේල කුලතුංග හා මාලිංග අමරසිංහ කඩුලු 2ක බැගින් දවා ගනිමින් දස්කම් දැක්විය.

ලකුණු 258ක තරගකාරී ලකුණකට තම උකුසු ඇස දියත් කල නාලන්ද පිතිකරුවන් මුල සිටම ඉතාමත් සංයමයකින් යුතුව තම ප්‍රහාරය දියත් කරන බවක් පෙනෙන්නට විය. එය සනාථ කරමින් නාලන්ද විද්‍යාලයේ තුන් ඉරියව් තරුව වන මාලිංග අමරසිංහ තම පිත්තෙන් ලකුණු 67ක් වාර්තා කරන ලදි.

අමරසිංහ විසින් නාලන්ද ලකුණු පුවරුවට එක් අන්තයකින් ජවය එක් කරන විට, තම අවස්ථාව පැමිණෙන තුරු කඩුල්ලේ රැඳී සිටි කසුන් සඳරුවන් නොදැවී ලකුණු 57*ක් ලබාගෙන අමරසිංහ මත පතිතව තිබූ පීඩනය යම්තාක් දුරකට අවම කරවීය. දසුන් සෙනෙවිරත්න ලකුණු 32යි.

ආනන්ද විද්‍යාලය වෙනුවෙන් කඩුලු 2 බැගින් දවා ගැනීමට සම්මු අශාන් හා අසේල සිගේරා සමත් විය.

ආනන්ද විද්‍යාලය – කඩුලු 8ක් දැවී ලකුණු 257 (පන්දුවාර 50): සම්මු අශාන් 96, අසේල සිගේරා 42, කවිශ්ක අංජුල 38, කවිදු ගිම්හාන 31, කලන පෙරේරා 2/45, අසේල කුලතුංග 2/45, මාලිංග අමරසිංහ 2/62

නාලන්ද විද්‍යාලය – කඩුලු 8ක් දැවී ලකුණු 258 (පන්දුවාර 50): මාලිංග අමරසිංහ 67, කසුන් සඳරුවන් 57*, දසුන් සෙනෙවිරත්න 32, අවිශ්ක පෙරේරා 25, සම්මු අශාන් 2/49, අසේල සිගේරා 2/51

නාලන්ද විද්‍යාලය අවසන් වරට වාර්ෂික එක්දින තරග ජය හිමි කර ගෙන තිබෙන්නේ දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩකයකු වන නිපුන් කරුණානායක යටතේ තරග වැදුණු 2009 වර්ෂයේදීය. ඒ අනුව මෙවර ජයග්‍රහණයත් සමඟින් වසර 8ක ක්‍රිකට් මතක පොත අලුතින් ලියා ගන්නට නාලන්ද විද්‍යාලයට හැකිවිය.

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න  ක්‍රිකට්  ක්‍රීඩා පිටුවට