ආනන්ද – නාලන්ද ක්‍රිකට් කණ්ඩායම් උරෙනුර ගැටෙන දින තීන්දුයි

193

කොළඹ ආනන්ද විද්‍යාලය සහ කොළඹ නාලන්දා විද්‍යාලය අතර ආචාර්ය එන්. එම්. පෙරේරා අභියෝගතා කුසලානය වෙනුවෙන් පැවැත්වෙන වාර්ෂික මහා ක්‍රිකට් තරගය වන “සුලෝහිත සංග්‍රාමයේ” 91 වැනි දිග හැරුම මාර්තු මස 7 සහ 8 කොළඹ SSC ක්‍රීඩා පිටියේ දී පැවැත්වීමට නියමිතයි.

සාන්ත ජෝසප් සහ මහානාම සුපිරි 8ට

සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ ….

පසුගිය වසරේ පැවති 90 වැනි සුලෝහිත සංග්‍රාමය ජය-පරාජයෙන් තොරව අවසන් වූ නමුත් එක්දින තරගය ජයග්‍රහණය කිරීමට නාලන්දා ක්‍රීඩකයින් සමත් විය.

91 වැනි සුලෝහිත සංග්‍රාමය සඳහා මෙවර සාඩම්බර අනුග්‍රාහකයා ලෙස ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සබඳතා සහකරු වන ඩයලොග් ආසිආටා සමාගම කටයුතු කරනු ලබයි. මේ පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවක් ඊයේ (26) නාලන්දා විද්‍යාල මලලසේකර ශාලාවේ දී පැවැත්විය.

Photos: Ananda-Nalanda Battle of the Maroons Press Conference 2020

නාලන්දා විදුහලේ නායකයා වන අවිශ්ක පෙරේරා මෙවර තරගාවලියේ ලකුණු 1000 සීමාව ඉක්මවා සිටින පිතිකරුවන් කිහිප දෙනාගෙන් එක් පිතිකරුවෙක් වන අතර මාධ්‍ය හමුවට සහභාගී වූ ඔහු ThePapare.com හමුවේ මෙසේ අදහස් ප්‍රකාශ කළේය.

“තරග ජයග්‍රහණයට වඩා කණ්ඩායම් දෙකම සහෝදරත්වයෙන් ක්‍රීඩා කිරීම තමා ගොඩක් වටින්නේ, කණ්ඩායම සමඟ ඉතාමත් හොඳින් හා හොඳ ජීවගුණයක් පවත්වා ගෙන තරගය ක්‍රීඩා කරලා නාලන්දා විද්‍යාලයට ජය ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා.”

ආනන්ද විද්‍යාල නායකයා ලෙස කටයුතු කරන වමත් පිතිකරුවෙක් වන කනිෂ්ක රන්තිලකගේ ThePapare.com වෙත අදහස් දක්වමින් පවසා සිටියේ, ඔවුන් මෙවර තරග වාරයේ දී ඉතාමත් හොඳින් ක්‍රීඩා කර ඇති බවත්, පසුගිය වසරේ තරගය ජය පරාජයෙන් තොරව අවසන් වූ නමුත් මෙවර නව සැලැස්මකට අනුව ක්‍රීඩා කරමින් ජයග්‍රහණය කිරීම තම අපේක්ෂාව බවයි.

Video – සුලෝහිත සංග්‍රාමය පිත්තෙන් වර්ණවත් කළ අවිශ්ක පෙරේරා – Powerplay

දක්ෂ කඩුලු රකින්නෙකු මෙන්ම ප්‍රවේගකාරී පිතිකරුවෙකු…

සුලෝහිත සංග්‍රාමයේ ඉතිහාසය 1924 තරම් ඈතට විහිදී යන අතර එම වසරේ දී ආනන්ද විදුහල වෙනුවෙන් නායකත්වය දැරුවේ කේ. ඒ. පී. රාජකරුණා විසිනි. නාලන්දාව මෙහෙය වනු ලැබුවේ බී. එස්. පෙරේරා විසිනි. 

කෙසේ නමුත් වර්ෂාවෙන් බාධා එල්ල වූ නිසාවෙන් ප්‍රථම තරගය පැවැත්වීමට නොහැකි විය. ඊට පසු වර්ෂය එනම් 1925 දී ආනන්ද විදුහල, පසු කලෙක ප්‍රබල දේශපාලනඥයෙකු වූ එන්. එම්. පෙරේරා මහතා විසින් මෙහෙය වනු ලැබීය.

එසේ ආරම්භ වූ මෙම පාසල් මහා ක්‍රිකට් තරගය අඛණ්ඩව වසර 90ක් පුරාවට පැවති අතර මේ හරහා පාසල් දෙකෙන්ම ක්‍රිකට් පිටියට නිර්මාණය කර දුන් විශිෂ්ටයින් ගණන අතිවිශාලය.

මාධ්‍ය හමුව සඳහා ආනන්ද විද්‍යාලයීය විදුහල්පති එස්. එම්. කීර්තිරත්න, නාලන්දා විද්‍යාලයීය විදුහල්පති තිලක් වාස්තුහේවා, ඩයලොග් ආසිආටා ආයතනයේ සමූහ ප්‍රධාන නිලධාරි – වැඩසටහන් කළමනාකරණ, ටෙලි-යටිතල පහසුකම් සහ සමූහ කණ්ඩායම් කළමනාකරණ නිලධාරි උපාලි ගජනායක, ඇතුළු නිලධාරි මහත්වරුන් කිහිපදෙනෙක් පැමිණ සිටියහ.

මේ අතර පී. ද. එස්. කුලරත්න කුසලානය වෙනුවෙන් 46 වැනි වතාවටත් පැවැත්වෙන ආනන්ද – නාලන්ද වාර්ෂික එක්දින ක්‍රිකට් තරගය මාර්තු මස 15 වැනිදා SSC ක්‍රීඩා පිටියේ දී ම පැවැත්වීමට නියමිතයි.

ක්‍රිකට්වලට මගේ කැමැත්තක් නැහැ – ක්‍රිස් ගේල්

90 දශකයේ ක්‍රිකට් ක්‍රීඩාව උඩු යටිකුරු කළ පිතිකරුවා ….

91 වැනි සුලෝහිත සංග්‍රාමය හා 46 වැනි එක්දින තරගය ඩයලොග් TV නාලිකා අංක 1, ඩයලොග් MyTV හා ThePapare.com වෙබ් අඩවිය හරහා සජීව ලෙස ඔබ වෙත සමීප කරන්නට සූදානමින් සිටියි. එසේම තරග වාර්තා, තරග පෙර විමසුම්, විශේෂ වීඩියෝ, තරග සේයා රූ ඇතුළු තවත් බොහෝ දෑ ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<