ශ්‍රී ලංකාවට එරෙහි වන බංග්ලාදේශ එක්දින සංචිතය

6848

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසානයත් සමඟ ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය සහභාගී වන පළමු ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය මේ මස 26 වැනිදා සිට 31 වැනිදා දක්වා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනු ඇත. ඒ සඳහා සහභාගී වන  ක්‍රීඩකයන් 15 දෙනෙකුගෙන් සමන්විත බංග්ලාදේශ සංචිතය අද (16) නම් කර තිබේ. 

බංග්ලාදේශය ශ්‍රී ලංකාවට එන්න කැමති වෙයි

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසානයත් සමඟ ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය සහභාගී වන…

මෙම සංචිතයේ නායකත්වය සුපුරුදු පරිදි වේගපන්දු යවන ක්‍රීඩක මෂ්රෆි මෝර්ටාසාට හිමිව තිබෙන අතර ලෝක කුසලානයට පසුව ශකිබ් අල් හසන් තමා හට යම් විවේකයක් අවශ්‍ය බව පුද්ගලිකව බංග්ලාදේශ ක්‍රිකට් බලධාරීන්ට දැනුම් දී තිබූ නිසාවෙන් බංග්ලාදේශ ක්‍රිකට් තේරීම් කමිටුව ශ්‍රී ලංකා තරග සංචාරයේ දී ඔහුව විවේක ගැන්වීමට තීරණය කර ඇත.

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී බංග්ලාදේශ තුන් ඉරියව් ක්‍රීඩක ශකිබ් අල් හසන් පිතිකරණයෙන් ලකුණු 606ක් හා පන්දු යැවීමෙන් කඩුලු 11ක් දවාගෙන කැපී පෙනෙන තුන් ඉරියව් දස්කම් දැක්වීමට සමත් විය. එහි දී ඔහු 86.57ක දල ලකුණු ලබාගැනීමේ සාමාන්‍යයක් රඳවා ගෙන පිතිකරණයේ නිරත වූ අතර ඒ සඳහා ශතක දෙකක් හා අර්ධ ශතක 5ක් අන්තර්ගත වන  ලදි.

එසේම බංග්ලාදේශ ලෝක කුසලාන සංචිතයේ සිටි තවත් දක්ෂ මැදපෙළ පිතිකරුවෙක් හා කඩුලු රකින ක්‍රීඩක ලිටන් දාස් මේ මස 28 වැනිදා යුග දිවියට එළඹෙන නිසාවෙන් ඔහු ද මේ සංචිතය සඳහා නම් කර නොමැත.

ශ්‍රී ලංකා සංචාරයෙන් බංග්ලාදේශ ප්‍රබලයින් කිහිප දෙනෙක් ඉවතට?

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය මේ මස අගදී ආරම්භ වීමට නියමිතව…

පසුගිය දා අවසන් වුනු ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට  සහභාගී වූ බංග්ලාදේශ සංචිතයේ සිටි අබු ජායේඩ්, ලිටන් දාස්, ශකිබ් අල් හසන් වෙනුවෙන් ටයිජුල් ඉස්ලාම්, එනමුල් හක්, ටයිජුල් ඉස්ලාම් යන ක්‍රීඩකයින් නැවතත් සිය සංචිතයට කැඳවා ඇත.

වේගපන්දු යවන ක්‍රීඩක ටස්කින් අහමඩ් සහ ආරම්භ පිතිකරු ඉම්රුල් කයිස් හට අවසන් සංචිතයෙහි සිය ස්ථානය තහවුරු කරගැනීමට නොහැකි වීම වඩාත් කැපී පෙනේ.

එක්දින තරග 3කින් සමන්විත මෙම තරගාවලිය සඳහා බංග්ලාදේශ කණ්ඩායම ලබන 23 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබෙන අතර ඔවුන් දින 10ක කාලයක් ශ්‍රී ලංකාවේ රැඳී සිටිනු ඇත. ලබන මස 26, 28 සහ 31 යන දිනයන්හි පැවැත්වීමට නියමිත මෙම තරග තුනම දිවා/රාත්‍රි තරග වශයෙන් පැවැත්වේ.

මෙය එංගලන්ත ඉතිහාසය වෙනස් කළා – ප්ලන්කට්, බට්ලර්

ලෝක ක්‍රිකට් ඉතිහාසයේ පළමු වතාවට එක්දින ලෝක කුසලාන ජයග්‍රහණය කරන්නට එංගලන්තය පසුගිය…

එසේම මෙම තරගාවලිය ලසිත් මාලිංගගේ අවසන් ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරගාවලිය වීමට ද වැඩි ඉඩකඩක් තිබෙන නමුත් ඔහු ඒ පිළිබඳව තවමත් නිසි ප්‍රකාශයක් කළ නොමැත‍.

ශ්‍රී ලංකාව සමඟ තරග වදින බංග්ලාදේශ එක්දින සංචිතය

මෂ්රෆි මෝර්ටාසා (නායක), තමිම් ඉක්බාල්, මුෂ්ෆිකර් රහීම්, සබීර් රෙහ්මාන්, සෞම්‍ය සර්කාර්, මොහොමඩ් මිතුන්, මහමදුල්ලා රියාද්, මොසදික් හුසේන්, රුබෙල් හුසේන්, මස්ටෆිසුර් රෙහ්මාන්, මෙහෙදි හසන් මිරාස්, මොහොමඩ් සයිෆුදීන්, එනමුල් හක්, ටයිජුල් ඉස්ලාම්

තරග කාලසටහන

  • ජූලි 23 – පුහුණු එක්දින ක්‍රිකට් තරගය කොළඹ පී. සරා ඕවල් ක්‍රිකට් පිටියේ දී
  • ජූලි 26 – පළමු එක්දින තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී
  • ජූලි 28 – දෙවැනි එක්දින තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී
  • ජූලි 31 – තෙවැනි එක්දින තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී 

තරගාවලියේ සියලුම උණුසුම් තතු, තරග සේයා රූ, ලකුණු  සටහන්, තරග වාර්තා ඇතුළු තවත් බොහෝ දෑ ඔබ වෙතට රැගෙන ඒමට ThePapare.com සූදානමින් සිටී. තවත් උණුසුම් පුවත් හා තොරතුරු දැන ගැනීමට ThePapare.com සමඟින් රැඳී සිටින්න.

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<