තණකොළ කැපිල්ල ගැන හොයන්න විමර්ශනයක්

193
An inquiry to be launched on ‘grass-trimming’ fiasco

පසුගිය සතියේ දී බත්තරමුල්ල වෝටස් ඒජ් හිදී පැවති වැඩමුළුව අතරතුර දී, ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ වේගපන්දු යවන ක්‍රීඩක මාලිංග සිදු කළ පිටියේ තණකොළ කැපීමේ හෙළිදරව්වට අදාළව, ස්වාධීන විමර්ශනයක් ආරම්භ කිරීමට ගරු ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා තීරණය කර ඇත.

නව මුහුණු ද සමඟින් එළියට ආ ක්‍රිකට් තේරීම් කමිටුව

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් තෝරා පත්කරගත් නව ක්‍රිකට් තේරීම් කමිටුව අද (19) නිල වශයෙන් මාධ්‍ය වෙත නිකුත් කළේය…

“පසුගිය ඉන්දියානු සංචාරය අතරතුර දී පිටිය සැකසීමේ දී සිදු වුන බව කියන අකටයුතු සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන්න කියලා මාලිංග අපෙන් ඉල්ලීමක් කළා. ඒ අනුව ක්‍රීඩා අමාත්‍යංශයේ සිටින අතිරේක ලේකම්වරයෙකුගේ ප්‍රධානත්වයෙන් එම අදාළ විමර්ශනය පවත්වනවා.”

ජාතික කණ්ඩායමේ සාමාජිකයින්, හිටපු ක්‍රීඩකයින්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවකයින්, මාධ්‍යවේදීන් සහ ක්‍රීඩා අමාත්‍යංශයේ නිලධාරීන්ගේ සහාභාගීත්වයෙන් මෙම එක්දින වැඩමුළුව පැවැත්වුණු අතර එහි දී දේශීය ක්‍රිකට් සැකැස්ම ඉහළ නැංවීම, ස්ථාවර තේරීමේ ප්‍රතිපත්තියක්, විනිවිද භාවයෙන් යුතු පරිපාලනයක් වැනි ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව වර්තමානයේ මුහුණ දෙන ගැටලු රාශියක් සාකච්ඡාවට ලක්විය.

“අපි තණකොළ සහිත පිටියක් ඉල්ලුවම ඔවුන් තණකොළ කපලා, අපිට තණකොළ නැති පිටියක් ලබා දුන්නා.”

මාලිංග එහි දී පැවසීය.

“තණකොළ කපලා තියෙන්නේ ඇයි කියලා ඇහුවම ඔවුන් කිව්වා ඔවුන් වැරදි තලය පාවිච්චි කරලා තියෙන්නේ කියලා. මේක එක පාරක් නෙමෙයි, දෙපාරක් වුනා. මම බලධාරීන්ව මේ සම්බන්ධයෙන් දැනුවත් කළත් ඒ සම්බන්ධයෙන් මොකුත් කළේ නැහැ. මම කියන් නැහැ අපි තරග පැරදුණේ ඒ නිසා කියලා. නමුත් අපිට ඕනේ විදිහට වැඩකටයුතු නොවෙන කොට ඒක ක්‍රීඩකයින්ගේ ආත්ම විශ්වාසයට බලපානවා.”

මාලිංග වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න –ක්‍රිකට් ක්‍රීඩා පිටුවට