මොහොමඩ් අමීර්ගේ ලෝක කුසලාන සිහිනය බොඳ වෙයි

348

එළඹෙන 2019 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට මේ වන ලෝකයේ ප්‍රබල ක්‍රිකට් කණ්ඩායම් රැසක්ම සිය සංචිත නිවේදනය කර අවසන්. ආසියාවේ ප්‍රබලතම කණ්ඩායමක් වන පාකිස්තානය ද සිය ලෝක කුසලාන එක්දින ක්‍රිකට් සංචිතය නිවේදනය ඊයේ (18) නිවේදනය කළේය.

අම්ලා සහ ඩුමිනි ද. අප්‍රිකානු ලෝක කුසලාන සංචිතයට

එළඹෙන 2019 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කරන දකුණු අප්‍රිකානු එක්දින සංචිතය අද මාධ්‍ය වෙත නිකුත් කළේය. දකුණු අප්‍රිකා…

එම සංචිතය බොහෝ දෙනාගේ කතාබහට ලක්ව ඇත්තේ පාකිස්තාන කණ්ඩායම සතුව සිටි අත්දැකීම් බහුල සුපිරි වේගපන්දු යවන්නෙකු වන මොහොමඩ් අමීර්ට ලෝක කුසලාන සංචිතයේ ඉඩක් හිමි නොවීමයි. කෙසේ වෙතත් එංගලන්ත කණ්ඩායම සමඟ ඉදිරියේ දී පැවැත්වීමට නියමිත එක්දින ක්‍රිකට් තරගාවලියට නම් කරන ලද සංචිතයට අමීර්ව ඇතුළත් කර තිබේ.

එංගල්තයේ දී පැවති 2017 ශූරයින්ගේ කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ දී අමීර් තරගයේ වීරයා සම්මානය ද දිනා ගැනීමට සමත් විය. කෙසේ වෙතත් මොහොමඩ් අමීර්ට ඉන්පසුව පැවති එක්දින තරග 14න් තරග 9ක දී ම කිසිදු කඩුල්ලක් දවා ගැනීමට නොහැකි විය.

ප්‍රවේගකාරී පිතිකරුවෙකු වන අසීෆ් අලී ද එංගලන්තය සමඟ පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියට නම් කළ සංචිතයට ඇතුළත් නමුත් ලෝක කුසලාන සංචිතයේ  ස්ථානයක් හිමිව නොමැත.

එළඹෙන ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට නම් කළ පාකිස්තාන සංචිතයේ ආරම්භක පිතිකරුවෙකු ලෙස ශාන් මසූඩ් වෙනුවට කැඳවා ඇත්තේ අබිඩ් අලී ය. යොවුන් වේගපන්දු යවන්නන් වන මොහොමඩ් හස්නෙයින් සහ ශහීන් ශා අෆ්රිඩි ද මෙම පාකිස්තාන ලෝක කුසලාන සංචිතයට ඇතුළත්ව තිබේ.

ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතයේ ප්‍රබල වෙනස්කම්

එළඹෙන මැයි මස 30 වැනිදා එංගලන්තයේ දී ආරම්භ වීමට නියමිත 12 වැනි ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් තරග වදිනු ලබන ක්‍රීඩකයින්…

මොහොමඩ් හස්නෙයින් ලෝක කුසලාන සංචිතයට කැඳවීම පිළිබඳව අදහස් දක්වමින් පාකිස්තාන ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ඉන්සමාම් උල් හක් පවසා සිටියේ ඔහුගේ වේගය හා දෝලනය ලෝක කුසලානයේ දී පාකිස්තානයට විශාල සහයක් වන බවය.

පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම සතුව සිටින අත්දැකීම් බහුල තුන් ඉරියව් ක්‍රීඩකයින් වන මොහොමඩ් හෆීස් සහ ශොයිබ් මලික් ද මෙම ලෝක කුසලාන සංචිතයට ඇතුළත්ය. ඔවුන් දෙදෙනා මීට පෙර 2007 වසරේ දී ද ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සහභාගී විය.

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට නම් කළ අවසන් සංචිතයට පෙර ක්‍රීඩකයින් 23 දෙනෙකුගෙන් සමන්විත සංචිතයක් පාකිස්තාන ක්‍රිකට් ආයතනය විසින් පසුගිය දා නිවේදනය කළේය.

එම ක්‍රීඩකයින් 23 දෙනා අතරින් මොහොමඩ් අබ්බාස්, මොහොමඩ් නවාස්, මොහොමඩ් රිස්වාන්, උස්මන් ශින්වාරි සහ යශිර් ශාට අවසන් පාකිස්තාන සංචිතයේ ස්ථානයක් හිමි වී නොමැත.

පාකිස්තාන සංචිතය – සෆ්රාස් අහමඩ් (නායක), අබිඩ් අලි, බාබර් අසාම්, ෆහීම් අශ්රෆ්, ෆකාර් සමාන්, හාරිස් සොහොයිල්, හසන් අලි, ඉමාඩ් වසීම්, ඉමාම් උල් හක්, ජුනෙයිඩ් ඛාන්, මොහොමඩ් හෆීස්, මොහොමඩ් හස්නෙයින්, ශඩාබ් ඛාන්, ශහීන් ශා අෆ්රිඩි, ශොයිබ් මලික්.

එංගලන්ත තරගාවලියට කැඳවා ඇති අනෙක් ක්‍රීඩකයින් – මොහොමඩ් අමිර්, අසිෆ් අලි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<