ලෝක කුසලානයේ අමීර් සාධකය

228
Amir aims for another Taunton triumph as Australia

2019 ලෝක ක්‍රිකට් වසන්තය මේ වන විට දෙවන සතියට පැමිණ ඇත. තරග කිහිපයක්ම වර්ෂාව නිසා සේදී ගිය අතර තවත් තරග කිහිපයක් සඳහා ඩක්වත් ලුවිස් න්‍යායේ පිහිට පැතීමට ද සිදුව තිබුණි.

හිත මිතුරු සුළඟ ළඟ එන වැහි වලාවට කියන්

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ඉදිරි ගමන තීරණය කරන ප්‍රධාන සාධකය පිත්ත ද, එසේත්…

පාකිස්තාන කණ්ඩායමේ වේගපන්දු බලඇණියේ ප්‍රබලතම තුරුම්පුව වන මොහොමඩ් අමීර් පසුගිය එංගලන්ත තරගයේ දී කැපී පෙනෙන දස්කම් දැක්වීමට සමත්වූ අතර ඔහු තම ක්‍රිකට් දිවියේ තවත් එක් සංධිස්ථානයක් සඳහා බදාදා පැවැත්වීමට නියමිත ඕස්ට්‍රේලියානු තරගයේ දී එළඹෙනු ඇත.

ඕස්ට්‍රේලියා – පාකිස්තාන තරගය සවුත්වෙස්ට් හි සෝමර්සෙට් ක්‍රීඩා සමාජයේ ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිත අතර එය මොහොමඩ් අමීර් වසර තුනකට පෙර එංගලන්ත පළමු පෙළ සමාජ ක්‍රිකට් සඳහා පිවිසි ක්‍රීඩාංගණයයි.

2010 වසරේ ලෝක ක්‍රිකට් පන්දු ‍යවන්නන් අතර ප්‍රබලතම ස්ථානයක් මොහොමඩ් අමීර්ට හිමිවී තිබුණි. එම වසරේ දී ඔහුගේ ක්‍රිකට් ජීවිතයේ අමිහිරිම අත්දැකීමට මුහුණ දුන් මොහොමඩ් අමීර් වසර 5ක ක්‍රිකට් තහනමකට ලක්විය. ඒ එවකට කණ්ඩායමේ සිටි මොහොමඩ් අසීෆ්, මොහොමඩ් අමීර් හා නායක සල්මන් බට් තරග පාවා දීමේ චෝදනාවකට වැරදිකරුවන් වීම නිසාවෙනි.

හිටපු පාකිස්තානු ක්‍රිකට් ක්‍රීඩකයෙකු ජීවිතක්ෂයට

පාකිස්තානු ක්‍රිකට් කණ්ඩායමේ හිටපු පිතිකරුවෙකු වන අක්තාර් සෆ්රාස් මහ බඩවැල් ආශ්‍රිතව ඇතිවූ…

එම වසරේ ඕස්ට්‍රේලියාව සමඟින් පැවති ටෙස්ට් තරගාවලියක දී අතිවිශිෂ්ට පන්දු ‍යැවීමක නිරත වූ මොහොමඩ් අමීර් පන්දුවේ දෝලනය උපයෝගී කර ගනිමින් ඕස්ට්‍රේලියානු කඩුලු 3ක් දවා ගත්තේ ලකුණු 20කටය. හෙඩිංලි හි පැවති එම තරගයේ දී ඕස්ට්‍රේලියා පළමු ඉනිම ලකුණු 88කට සීමා විය.

වසර 6කට පසුව 2016 වසරේ දී නැවතත් එංගලන්ත පළමු පෙළ තරග සඳහා එක්වන අමීර් ටොවුන්ටන් ක්‍රීඩාංගණයේ දී සෝමර්සෙට් කණ්ඩායමට එරෙහිව කඩුලු 3ක් දවා ගැනීමට සමත් විය.

එංගලන්තයේ හිටපු නායක මාකස් ට්‍රෙස්කොතික්ගේ කඩුල්ල ද එයට අයත් වූ අතර එම කඩුල්ල late swing පන්දුවක් උපයෝගී කරගනිමින් ලබාගැනීම අමීර්ගෙර් ප්‍රබලත්වය පෙන්වීමට සමත් විය.

ක්‍රිකට් තහනම් වූ කාලය අමීර්ට එතරම් පහසු කාලයක් නොවූ අතර ඔහුගේ පළමු ලෝක කුසලාන අවස්ථාව ද අහිමි විය. 2019 ලෝක කුසලානයට පෙර අමීර් තම සුපුරුදු රිද්මයෙන් ඈත්වී සිටි අතර තරගාවලියට පෙර පැවති තරග 14ක දී අමීර් ලබාගෙන තිබුණේ කඩුලු 5ක් පමණි.

ලෝක කුසලානයට පෙර එංගලන්තයේ තරග සංචාරයක් සඳහා එක්වූ පාකිස්තාන කණ්ඩායම නියෝජනය කිරීමට අමීර්ට නොහැකි වූයේ රෝගී තත්වයක් හේතුවෙනි. එම තරගාවලිය පාකිස්තානය පරාජය වූයේ 4-0ක් ලෙසිනි. පාකිස්තානය ලෝක කුසලානය සඳහා පළමුව එක්කර නොසිටි අමීර්ට අවසන් අවස්ථාවේ දී ඔහුට සංචිතයේ ස්ථානයක් හිමි විය.

මොහොමඩ් අමීර්ගේ පළමු ලෝක කුසලාන තරගයම අමිහිරි අත්දැකීමක් වූ අතර පාකිස්තානය එංගලන්තය හමුවේ ලකුණු 105කට සියල්ලන් දැවී ගියේය.

මොහොමඩ් අමීර් එංගලන්ත තරගයේ දී නැවතත් කඩුලු අතරට පැමිණි අතර ලකුණු 67කට කඩුලු 2ක් දවා ගනිමින් තරගාවලියේ ප්‍රබලතම කණ්ඩායම වන එංගලන්තය ලකුණු 14කින් පරාජය කිරීමට සමත් විය.

පාකිස්තාන ශ්‍රී ලංකා තරගය වර්ෂාව නිසා ක්‍රීඩා කිරීමට නොහැකි විය.

පාකිස්තානය හා ඕස්ට්‍රේලියාව අතර මේ දක්වා තරග 14ක් පවත්වා ඇති අතර පාකිස්තානය ඒ අතරින් ජයග්‍රහණය කර ඇත්තේ තරග එකක් පමණි. එම තරගයේ දී මොහොමඩ් හෆීස් ලකුණු 72ක් වාර්තා කිරීමට සමත් විය.

නිමා වූ එංගලන්ත තරගයේ දී ද මොහොමඩ් හෆීස් ලකුණු 84ක් වාර්තා කළ අතර පාකිස්තානය ප්‍රබල ලකුණු 348ක ඉලක්කයක් ලබා දීමට සමත් විය.

“අපි ඕස්ට්‍රේලියා තරග ගොඩක් දිනලා නෑ. ඒත් අපි එංගලන්තය එක්ක ගොඩක් තරග දිනලා තිබ්බෙත් නෑ” සෆ්‍රාස් අහමඩ් පවසා සිටියා.

“අපි අන්තිමේ දී එංගලන්තය පරාජය කළා. ඒක අපිට ගොඩක් ලොකු සුබවාදී මානසිකත්වයක් ලබා දුන්නා.”

“අපි එංගලන්තය එක්ක ක්‍රීඩා කළා වගේ ප්‍රවේගකාරී විදහට ඉදිරියේදිත් ක්‍රීඩා කරනවා”

ඉන්දීය ප්‍රේක්ෂකයින් කළ වැඩේට කෝලිගේ අප්‍රසාදය

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ වැඩිම දෙනෙකුගේ අවධානය දිනා ගත් තවත් එක් තරගයක්…

ඕස්ට්‍රේලියා කණ්ඩායම ඉන්දියාව හමුවේ ලකුණු 36කින් පරාජය වූ අතර එය මෙම තරගාවලියේ ඕස්ට්‍රේලියාව ලැබූ පළමු පරාජය වේ.

“අපි දන්නවා ඕස්ට්‍රේලියාව තරගය ජයග්‍රහණය කරන්න උත්සාහ කරනවා කියලා. ස්ටීව් ස්මිත් හා ඩේවිඩ් වෝනර් එක්ක ඔවුන් ප්‍රබලතම කණ්ඩායමක්. අපි අපේ සියලු ප්‍රතිවාදීන්ට ගෞරව කරනවා. ඔවුන්ට හොඳ තරගයක් දෙන්න බලාපොරොත්තු වෙනවා”

ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ප්‍රබලතම බලාපොරොත්තුව ඩේවිඩ් වෝනර් බවට පත්ව හමාරය. ඔහු මේ වන විට අර්ධ ශතක දෙකක් වාර්තා කර ඇත.

ඉන්දීය තරගයේ දී වෝනර් පන්දු 84කින් ලකුණු 56ක් වාර්තා කළ අතර එයින් පන්දු 48ක් ම නිලකුණු පන්දු වීම විශේෂත්වයකි. එම නිසා ඕස්ට්‍රේලියානු ලකුණු ලබා ගන්නා වේගය අඩාල වූ අතර අවසන් පන්දුවාර කිහිපයේ දී ඔවුන්ට ලබා ගැනීමට තිබූ ලකුණු ප්‍රමාණය වැඩි විය.

ඉන්දියානුවෝ කැන්ගරුවන්ගේ සෙල්ලම් මෙල්ල කරති

පිතිකරුවන්ගේ විශිෂ්ට පිතිහරඹය හා වේගපන්දු යවන්නන්ගේ මනා පාලනයක් සහිත පන්දු යැවීම…

වෝනර්, ෆින්ච් හා ස්මිත්ගේ දුවද්දී දැවී යාම් වලට හවුල්විය. පන්දුව පළුදු කිරීමේ චෝදනා මත වසරක තරග තහනමකට ලක්වූ අතර ඉන්පසු ස්මිත් හා වෝනර් පළමුව සම්බන්ධ වන තරගාවලිය මෙයයි.

ඉන්දීය තරගය පිළිබඳව අදහස් දක්වමින් ෆින්ච් වෝනර් පිළිබඳව පවසා සිටියා.

“ඉන්දියාව දක්ෂ ලෙස ක්‍රීඩා කළා. ඔවුන් වෝනර්ට හොඳින් පන්දු ‍යැවුවා. ඔහුට තව වෙලාව ඕන වුනා ස්ථාවර වෙන්න. ඔහු ප්‍රබල ක්‍රීඩකයෙක්. ඔහු අනිවාර්යයෙන්ම අපිව ඉදිරියට රැගෙන යාවි.”

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<