ශ්‍රී ලංකා යෞවනයෝ රිදී 2ක් සහ ලෝකඩ පදක්කමක් දිනති

295

3 වැනි වරටත් පැවති ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියේ දී පදක්කම් 3ක් සමඟින් තරගාවලිය නිමා කිරීමට ශ්‍රී ලංකාව යොවුන් මලල ක්‍රීඩා කණ්ඩායමට හැකි විය. ඒ තරගාවලියේ අවසන් දිනය වූ අද (17) ලබා ගත් රිදී පදක්කම හා ලෝකඩ පදක්කම ද සමඟිනි.

රටවල් 7ක් අතරින් නවිෂ්ක රිදි පදක්කම දිනයි

තුන්වැනි යොවුන් ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ දෙවන දිනය අද (16) ආරම්භ විය. ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයන් අද දිනයේදීත් තරග කිහිපයකටම සහභාගී වූ අතර ඒ අතරින් නවිෂ්ක…

ශ්‍රී ලංකාව බිහි කළ යොවුන් ක්‍රීඩිකාවන් අතර කැපී පෙනෙන ක්‍රීඩිකාවක් වූ මහනුවර විහාර මහාදේවි බාලිකා විද්‍යාලයේ අමේශා හෙට්ටිආරච්චි තරගාවලියට පෙර සිටම තම දක්ශතාවන් පිළිබඳව ඉඟි පල කළ අතර එම සියලු බලාපොරොත්තු මල්ඵල ගන්වමින් කාන්තා මීටර් 400 කඩුලු මතින් දිවීමේ ඉසව්වේ දී විනාඩි 01:01.42ක කාලයක් වාර්තා කරමින් එම ඉසව්වේ ලෝකඩ පදක්කම ශ්‍රී ලංකා මාතාවට පැලඳවීමට ඇය සමත් විය.

අවසන් තරගයේ දී අමේශාගේ ආරම්භය එතරම් සාර්ථක නොවූවද තරගයේ දෙවන අර්ධය සාර්ථකව නිමා කිරීමට ඇය සමත් වීම විශේෂත්වයකි. තායිලන්ත ක්‍රීඩිකා Arisa Weruwanarak එම ඉසව්වේ රන් පදක්කම දිනා ගත් අතර රිදී පදක්කම තායිපේ ක්‍රීඩිකා Jui-Hsuan Yang විසින් දිනා ගන්නා ලදි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් තුන්වැනි සහ අවසන් පදක්කම පිරිමි මිශ්‍ර සහය දිවීමේ තරගය සඳහා සහභාගී වූ යොවුන් කණ්ඩායම විසින් දිනා ගැනීමට සමත් විය. එම සහය දිවීමේ තරගයේ දී ඔවුන්ට මීටර් 100, 200, 300 හා 400 ලෙස ඉසව් 4ක් සම්පූර්ණ කිරීමට සිදු විය.

මලින්ද හා නවිෂ්කගෙන් සුපිරි දස්කම්; තවත් හතරක් ඉදිරියට

තෙවැනි යොවුන් ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලිය අද (15) හොංකොං හිදී ශ්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 8.30ට ආරම්භ විය. ඔලිම්පික් සිහිනය සිතේ දරාගෙන එන…

ශ්‍රී ලංකාව වෙනුවෙන් හිරූෂ හශේන්, ශෙමාල් මිලින්ද, ඉසුරු අබේවර්ධන සමඟින් මෙවර තරගාවලියේ මීටර් 400 ඉසව්වේ දී ‍රිදී පදක්කම දිනා ගත් නවිශ්ක සංදේශ් මෙම ජයග්‍රාහී කණ්ඩායමට ඇතුළත් විය.

තරගයේ මුල් වට දෙකේ දී එතරම් සාර්ථක නොවූ ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ඉසුරු අබේවර්ධන කැපී පෙනෙන ලෙස තරග කළ අතර ඔහු විසින් ඉදිරියෙන් සිටි ක්‍රීඩකයන් 4 දෙනා සමඟ පැවති පරතරය අවම කිරීමට සමත් වීමත් සමඟම අවසන් තරග වටය සඳහා නවිශ්කට අවස්ථාව ලැබුණු අතර ශ්‍රී ලංකාව 5 වැනි ස්ථානයේ සිට රිදී පදක්කම දක්වා ‍රැගෙන ඒමට ද ඔහු සමත් වූයේ ඉන්දීය කණ්ඩායමට පමණක් දෙවැනි වෙමිනි. එම තරගයේ ලෝකඩ පදක්කම චීනය විසින් දිනා ගැනීමට සමත් විය.

ශ්‍රී ලංකාවට පදක්කමක් දිනා ගැනීමේ ආසන්න අවස්ථාවක් මගහැරී ගියේ කණ්ඩායම් නායිකා ශානිකා ලක්මාලි මීටර් 800 අවසන් තරගයේ දී සිව්වැනි ස්ථානය ලබා ගැනීම නිසාවෙනි.

උස පැනීමේ අවසන් තරගයට ක්‍රීඩා කළ නෙත්මිණී පල්ලේගම ක්‍රීඩිකාවට ද එම තරගයේ සිව්වැනි ස්ථානයෙන් සෑහීමකට පත්වීමට සිදු වූයේ අවාසනාවන්ත අයුරිනි. එහි දී ඇය මීටර් 1.65 සීමාව පසු කළ නමුත් ලෝකඩ පදක්කම සඳහා ඉලක්කගත සීමාව වූ මීටර් 1.69 පසුකර යාමට නොහැකි විය.

ආසියානු මලල ක්‍රීඩා ශූරතාවයේ සිංහයින්ගේ කාලසටහන

යොවුන් ආසියානු මලල ක්‍රීඩා ශූරතාවය අද (15) ශ්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 8.30ට හොංකොං හිදී ආරම්භ විය. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් 13 දෙනෙක්…

මෙවර තරගාවලියේ තවත් ඉසව් දෙකක අවසන් තරගය සඳහා සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකාව නියෝජනය කළ ක්‍රීඩක ශේමාල් මිලින්ද හා සදීපා හෙන්ඩර්සන් ක්‍රීඩිකාවට අවස්ථාව උදා වූ අතර පිරිමි මීටර් 200 තරගයේ දී ශේමාල් මිලින්දට අවසන් ස්ථානයෙන් සෑහීමකට පත්වීමට සිදු වූයේ තත්පර 22.63ක කාලයක් වාර්තා කරමිනි. කාන්තා මීටර් 200 අවසන් තරගයේ දී සදීපා හෙන්ඩසන්ට හිමි වූයේ 5 වැනි ස්ථානයයි. එහි දී ඇය තත්පර 24.98ක කාලයක් වාර්තා කිරීමට සමත් විය.

ශ්‍රී ලංකාව මෙවර තරගාවලිය සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 13 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් ඉදිරිපත් කළ අතර ඒ අතරින් නවිශ්ක සංදේශ් පිරිමි මීටර් 400 ඉසව්වේ දී ‍රිදී පදක්කම ලබා ගත් අතර පිරිමි මිශ්‍ර සහය දිවීමේ තරග ඉසව්වේ දී ද ශ්‍රී ලංකා කණ්ඩායම රිදී පදක්කම ජයග්‍රහණය කළේය.

කණ්ඩායම වෙනුවෙන් සාර්ථක වූ එකම ක්‍රීඩිකාව වූ අමේශා හෙට්ටිආරච්චි මීටර් 400 ඉසව්වේ ලෝකඩ පදක්කම ජයග්‍රහණය කිරීමට සමත් විය. තරගාවලිය පුරාවට ශ්‍රී ලංකා කණ්ඩායම කැපී පෙනෙන දක්ෂතා දැක්වීමට සමත් වීම මලල ක්‍රීඩා අනාගතය පිළිබඳව බලාපොරොත්තු තබා ගැනීමට හැකි බවට හොඳ සාක්ෂියකි.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<