​ICCය අකිලට එල්ල කළ චෝදනාවම රයිඳුටත් එල්ල කරයි

1651

ඉන්දියාව හා ඕස්ට්‍රේලියාව අතර ඊයේ (12) සිඩ්නි ක්‍රිකට් පිටියේ පැවැත්වුණු පළමු එක්දින ක්‍රිකට් තරගය අතරතුර ඉන්දීය කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක අම්බති රයිඳුගේ පන්දු යැවීමේ ඉරියව්වේ සැක සහිත බවක් ඇති බව පිටියේ විනිසුරුවරුන් විසින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය වෙත දන්වා තිබේ.

ඒ අනුව ඉදිරි දින 14ක කාලය ඇතුළත පන්දු යැවීමේ ඉරියව්ව පරික්ෂා කිරීම වෙනුවෙන් පැවැත්වෙන ICC පරීක්‍ෂණයකට පෙනී සිටීමට අම්බති රයිඳුට සිදු වනු ඇත.

ඉන්දීය කණ්ඩායමේ වෙහෙස වතුරේ යයි

වාර්තා කිහිපයක් අලුත් කරමින් පසුගිය දා නිමා වූ ටෙස්ට් තරගාවලිය 3-1ක් ලෙස….

පිටියේ විනිසුරුවරුන්, තරග තීරකවරුන්, හා තෙවැනි විනිසුරු එක්ව ඕනෑම ජාත්‍යන්තර ක්‍රිකට් තරගයක් අවසන් වීමෙන් පසුව විශේෂ වාර්තාවක් සකස් කරන අතර ඊයේ පැවැත්වුණු මේ තරගය අවසන් වීමෙන් පසුව ද එවැනි වාර්තාවක් සකසා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය වෙත ලබා දී තිබේ. එසේම එහි පිටපතක් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකාරිත්වයට ද ලබා දී ඇත්තේ රයිදුගේ පන්දු යැවීමේ ඉරියව්ව පිළිබඳව ඇතිවූ සැකය නිසාවෙනි.

වයස අවුරුදු 33ක් වන රයිඳු මැදපෙළ සවිමත් කළ හැකි පිතිකරුවෙක් වන අතර ඊට අමතරව කඩුලු රැකීම මෙන්ම පන්දු යැවීම ද ඔහුට සිදු කළ හැකිය. දකුණතින් පිතිකරණයේ නිරත වන, දකුණතින් පිට දඟපන්දු යවන රයිඳු ඉන්දීය ජාතික ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් මේ දක්වා එක්දින ක්‍රිකට් තරග 46ක් හා විස්සයි විස්ස ක්‍රිකට් තරග 6කට ක්‍රීඩා කර තිබේ. ඒ අතරින් එක්දින තරග රටාව තුල මේ දක්වා ඉතාමත් හොඳින් සාර්ථක වී ඇති ඔහු ලකුණු 1447ක් ලබාගෙන තිබෙන්නේ 49.89ක් වැනි ඉහළ මට්ටමේ ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යයක් රඳවා ගෙනයි. ඒසේම පන්දු යැවීමේ දී කඩුලු 3ක් ද දවා ගැනීමට රයිඳු සමත්ව ඇත.

අකිල දනංජයට අපල කාලයක් එළඹෙමින් ICC තීන්දුව නිකුත් වේ!

ශ්‍රී ලංකාවේ දඟපන්දු යවන ක්‍රීඩක අකිල දනංජය හට වහාම ක්‍රියාත්මක වන පරිදි…

ඕස්ට්‍රේලියානු ජාතික පෝල් විල්සන් හා එංගලන්ත ජාතික මයිකල් ගෆ් යන විනිසුරුවරුන් දෙදෙනා සිඩ්නි හිදී පැවති එක්දින ක්‍රිකට් තරගයේ දී පිටියේ විනිසුරුවරුන් ලෙස කටයුතු කර ඇත.

කෙසේ නමුත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් (ICC) පවත්වනු ලබන පරීක්‍ෂණයේ නිල ප්‍රතිඵල ලැබෙන තුරු ජාත්‍යන්තර ක්‍රිකට් තරගවල දී පන්දු යැවීමේ අවස්ථාව අම්බති රයිඳු හට හිමි වෙන බවයි.

මින් පෙර අකිල දනංජයට මෙසේ චෝදනා එල්ල වූ අතර පරීක්ෂණවලින් අනතුරුව අකිලගේ පන්දු යැවීම නීත්‍යානුකූල නොවන බව තහවුරු විය. එබැවින් ඉදිරි සති කිහිපය තුල අකිල ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව සකසා ගෙන නැවත වතාවක් පන්දු යැවීමේ ඉරියව්ව පරීක්ෂණය වෙනුවෙන් සූදානමින් සිටින බව ThePapare.com වෙත වාර්තා වේ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<