ලොව පුරා කාන්තා ක්‍රිකට් නංවාලිය යුතුයි – එලයිසා හීලි

154
Alyssa Healy

ඕස්ට්‍රේලියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ කඩුලු රකින පිතිකාරිනියක් වන එලයිසා හීලි ලොව පුරා කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව තවදුරටත් සංවර්ධනය කරමින් ව්‍යාප්ත කළ යුතු බවත් ඒ සඳහා තරුණ ක්‍රීඩිකාවන්ගේ සහභාගීත්වය පවසා සිටියි.

“මට කවදාවත් ඒ දසුන අමතක නොවේවි” – දසුන් ශානක

පසුගිය පාස්කු ඉරිදා දිනයේ ඇති වූ පිපිරුම් මාලාවට හසුවීමට ගිය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩක දසුන් ශානක…

ලොව පුරා කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව වෙනමම මාවතකට යොමුවන්නට පටන් ගත්තේ 2017 වසරේ දී වන අතර ඒ සඳහා හේතු වූයේ ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පරිපාලනය විසින් එරට කාන්ත ක්‍රිකට් ක්‍රීඩිකාවන් හා පිරිමි ක්‍රීඩකයින් එකම කොන්ත්‍රාත්තු රාමුවකට ගෙන ඒමයි.

“මම හිතන්නේ පිරිමි කණ්ඩායම් ක්‍රිකට් ක්‍රීඩාවෙන් ගොඩක් මුදල් උපයනවා. ඒ වගේම ඔවුන් ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කරනවා වගේම කාන්තාවනුත් ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කරන්න ලොකු වෙහෙසක් දරනවා.” යැයි එලයිසා හීලි පවසා සිටියේය.

“දැන් ඉන්න තරුණ ක්‍රීඩිකාවන්ට ඕනෑ තරම් අවස්ථාවන් තිබෙනවා ඔවුන්ගේ දක්ෂතා දක්වන්න නමුත් වෙලා තියෙන්නේ ගොඩක් රටවල තරුණියන්ට ඒ සඳහා අවශ්‍ය මූලික අඩිතාලම නිසියාකාරව සැකසෙන්නේ නැහැ. නමුත් රටවල් කිහිපයක ඒ අඩිතාලම සැකසෙනවා මම නැහැ කියන්නේ නැහැ. නමුත් ගොඩක් රටවල්වල ඉන්න තරුණියන්ට මේ අවස්ථාව ලැබෙන්නේ නැහැ කියලයි මම කියන්නේ. අනාගතයේ යම් දිනයක පිරිමි ක්‍රිකට් ක්‍රීඩාව හා කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව සමාන වෙනවා දකින්න මම ගොඩක් ආසාවෙන් බලාගෙන ඉන්නවා. ඒ දවස මට වගේම මුළු ලෝකයාටම ගොඩක් විශේෂ දවසක් වේවි.” යැයි හීලි වැඩිදුරටත් සිය අදහස් දක්වමින් පැවසීය.

එලයිසා හීලි ලොව පුරා සිටින කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවන් අතර සිටින දක්ෂ ක්‍රිකට් ක්‍රීඩිකාවක් වන අතර ඇය බටහිර ඉන්දීය කොදෙව් දේශයේ පැවැත්වුණු ලෝක කාන්තා විස්සයි විස්ස කිරුල ඕස්ට්‍රේලියාවට දිනා දීම වෙනුවෙන් විශාල මෙහෙයක් සිදු කරන ලදි. ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පරිපාලනය විසින් වසරක් පාසා පවත්වනු ලබන ක්‍රිකට් සම්මාන උළෙලේ 2018 වර්ෂය සඳහා වූ සම්මාන පිරිනැමීම පසුගිය පෙබරවාරි මාසයේ පැවැත්වුණු අතර එහි දී වසරේ හොඳම කාන්තා එක්දින හා විස්සයි විස්ස ක්‍රීඩිකාව ලෙස සම්මාන දිනා ගැනීමට ඇයට හැකියාව ලැබුණි.

ඕස්ට්‍රේලියාවේ කාන්තා ක්‍රීඩාවේ විශාල වර්ධනයක් පෙනෙන්නට තිබෙන අතර ක්‍රිකට් ක්‍රීඩාව අතින් බැලූ විට කාන්තාවන් සඳහා වූ බිග් බෑෂ් ක්‍රිකට් තරගාවලිය 2015 වසරේ ආරම්භ කිරීමට ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පරිපාලනයට හැකි විය. එපමණක් නොව ඒ සඳහා විදේශීය ක්‍රීඩිකාවන්ව සම්බන්ධ කරගැනීමට ලැබීම ඔවුන් ලැබූ තවත් සුවිශල් ජයග්‍රහණයකි.

“ඉන්දියාව එක්ක වගේ අපි හැම තරගයක්ම සෙල්ලම් කරනවා” – සෆ්රාස් අහමඩ්

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී පාකිස්තානු කණ්ඩායම ක්‍රීඩා කරනු ලබන සෑම තරගයක දී…

එසේම ලබන වසරේ පැවැත්වෙන ICC ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් දැරීම වෙනුවෙන් ඕස්ට්‍රේලියාව සූදානමින් සිටියි. එහි විශේෂත්වය වන්නේ එම තරගාවලියේ අවසන් මහා ක්‍රිකට් තරගය මාර්තු මස 8 වැනිදා (ජාත්‍යන්තර කාන්තා දිනයේ) ඕස්ට්‍රේලියාවේ මෙල්බන් ක්‍රිකට් පිටියේ පැවැත්වීමට සූදානම් කර තිබෙන අතර එම තරගය දැකබලාගැනීම වෙනුවෙන් විශාල ප්‍රේක්ෂකයින් පිරිසක් පැමිණෙනු ඇතැයි විචාරකයින් මත පළ කරයි. එය කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවට හා කාන්තා ක්‍රීඩාවට විශාල පිටිවහලක් ලෙස ද ඔවුන් වැඩිදුරටත් අදහස් පළකරමින් පවසා සිටියි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<