ජාතික ක්‍රිකට් තරු එක්වන ‘සහිරා සුපිරි 16’ පාපන්දු තරගාවලිය

526

13 වන වරට පැවැත්වෙන ‘සහිරා සුපිරි 16’ පාපන්දු තරගාවලිය ඔක්තෝබර් මස 07 වන දින ආරම්භ වන අතර තරගාවලියේ සුවිශේෂීම අංගය වන්නේ ‘All Stars’ සහ ‘Cricket Stars’ කණ්ඩායම් 2 අතර පැවැත්වෙන පාපන්දු තරගය යි.

සහිරා විද්‍යාලයට තියුණු ජයක්

වයස අවුරුදු 18න් පහළ පළමුපෙළ පාසල් පාපන්දු තරගාවලියට සමගාමීව හමීඩ්, අල් හුසේයිනි විද්‍යාලය හා සහිරා විද්‍යාලය අතර පැවැත්වූ පාපන්දු තරගය ඊයේ (21) කොළඹ සිටි ලීග් පාපන්දු සංකීර්ණ පිටියේ දී පැවැත්විය……..

සහිරා විද්‍යාලයේ පාපන්දු ක්‍රීඩාවේ 100 වැනි සංවත්සරය මෙම වසරට යෙදී ඇති අතර එම කාලය පුරාවට ඔවුන් ශ්‍රී ලාංකේය පාසල් පාපන්දු පිටියේ ජයග්‍රහණ රාශියක් දිනා ගැනීමට සමත් වී ඇත. ඒ අනුව මෙම වසරේ දී ‘සහිරා සුපිරි 16’ පාපන්දු තරගාවලිය 13 වන වසරටත් පැවැත්වීමට ඔවුන් කටයුතු සූදානම් කර ඇති අතර මෙවර තරගාවලියේ විශේෂත්වය වන්නේ ‘Cool Planet’, ‘The Factory Outlet’ සහ ‘Bolt Gear’ යන ආයතනවල අනුග්‍රහය යටතේ පැවැත්වෙන ශ්‍රී ලංකාවේ ජනප්‍රිය පුද්ගලයින්ගෙන් සමන්විත ‘All Stars’ සහ ‘Cricket Stars’ කණ්ඩායම් 2 අතර පැවැත්වෙන පාපන්දු තරගය යි. ඒ අනුව එම පාපන්දු තරගය ඔක්තෝබර් මස 07 වන දින සවස 3.30ට සහිරා විද්‍යාලයීය පාපන්දු ක්‍රීඩාංගණයේ දී ආරම්භ වීමට නියමිතය.

එහි දී ‘Cricket Stars’ කණ්ඩායමට ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙක් වන මහේල ජයවර්ධන නායකත්වය ලබා දෙන අතර එය තවදුරටත් රොමේෂ් කළුවිතාරණ, ග්‍රැහැම් ලැබ්රෝයි, චමින්ද වාස්, උපුල් චන්දන, නුවන් සොයිසා සහ ඉසුරු උදාන යන ක්‍රීඩකයින්ගෙන් සමන්විත වේ.

අනෙක් පසින් ප්‍රසිද්ධ ගායකයෙක් වන සන්තුෂ් වීරමන් ‘All Stars’ කණ්ඩායමේ නායකත්වය දරන අතර තවදුරටත් එය රග්බි ක්‍රීඩකයින්, පාපන්දු ක්‍රීඩකයින්, කලාකරුවන්, මාධ්‍යවේදීන් ඇතුළු ජනප්‍රිය පුද්ගලයින්ගෙන් සමන්විත වනු ඇත.

‘සහිරා සුපිරි 16’ පාපන්දු තරගාවලියේ තරග ඔක්තෝබර් මස 15 වන දින ආරම්භ වී ඔක්තෝබර් 22 වන දින දක්වා සතියක කාලයක් පුරාවට පැවැත්වීමට නියමිතයි. පසුගිය වසර 12ක කාලය පුරාවට තරගාවලිය සත් සාමාජික තරගාවලියක් ලෙස පවත්වනු ලැබුවත්, තරගාවලිය සංවිධානය කරනු ලබන සහිරා විද්‍යාලයීය ආදි ශිෂ්‍ය නායක සංගමය ගත් තීරණයකට අනුව මෙවර තරගාවලිය කණ්ඩායමක් ක්‍රීඩකයින් 11 දෙනෙකුගෙන් සමන්විත වන පරිදි සාම්ප්‍රදායික ආකාරයට පැවැත්වෙනු ඇත. ඒ අනුව මෙම වෙනස්කම හරහා ක්‍රීඩකයින්ට හොඳ අත්දැකීමක් ලබා ගැනීමට අවස්ථාවක් සැලසෙන අතර අනෙක් පසින් ශ්‍රී ලංකාවේ යොවුන් පාපන්දු ක්ෂේත්‍රයට ද එය වැදගත් වනු ඇත.

සාන්ත ජෝසප් විද්‍යාලයෙන් ගෝල වර්ෂාවක්

වයස අවුරුදු 18න් පහළ පළමු කාණ්ඩයේ පාසල් පාපන්දු ශූරතාවලිය යටතේ මරදාන සාන්ත ජෝසප් විද්‍යාලය සහ ගම්පොළ වික්‍රමබාහු විද්‍යාලය අතර ඊයේ (20) මොරගස්මුල්ල ජනක රණවක ක්‍රීඩාංගණයේ දී පැවති තරගයෙන්,,,,,,,,,

මෙවර තරගාවලිය සඳහා හමීඩ් අල් හුසේනි විද්‍යාලය, ගේට්වේ ජාත්‍යන්තර පාසල, ලයිසියම් ජාත්‍යන්තර පාසල සහ යාපනය ශාන්ත හෙන්රි විද්‍යාලය නව කණ්ඩායම් 4ක් ලෙස තරගාවලියට එක්වන අතර ඒ අනුව සහභාගී වන කණ්ඩායම් 16 කාණ්ඩ 4කට බෙදා දක්වා ඇත.

පළමු වටය අවසානයේ සෑම කාණ්ඩයකම ප්‍රථම ස්ථානය දිනා ගන්නා කණ්ඩායම් 4 තරගාවලියේ ශූරතා කුසලානය සඳහා වන අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබන අතර දෙවන ස්ථානය දිනා ගන්නා කණ්ඩායම් 4 පළඟ ශූරතාවය සඳහා වන අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි. අනතුරුව ශූරතා කුසලානය සඳහා වන අවසන් පූර්ව තරග පරාජයට පත්වන කණ්ඩායම් 2 බඳුන ශූරතාවය සඳහා වන අවසන් තරගයට සුදුසුකම් ලබන අතර පළඟ ශූරතාවය සඳහා වන අවසන් පූර්ව තරග පරාජයට පත්වන කණ්ඩායම් 2 පලිහ ශූරතාවයේ අවසන් තරගයට සුදුසුකම් ලබයි.

තරගාවලියේ A කාණ්ඩය යටතේ පසුගිය වසරේ තරගාවලියේ ශූරතාවය දිනාගත් වෙස්ලි විද්‍යාලය, හමීඩ් අල් හුසේනි විද්‍යාලය, ඉසිපතන විද්‍යාලය සහ නාලන්ද විද්‍යාලය තරග වදින අතර B කාණ්ඩය යටතේ ත්‍රිත්ව විද්‍යාලය, හින්දු විද්‍යාලය, සාන්ත පීතර විද්‍යාලය සහ සාන්ත හෙන්රි විද්‍යාලය තරග වදියි.

2016 වසරේ වයස අවුරුදු 19න් පහළ සමස්ත ලංකා පාසල් පාපන්දු ශූරතාවය ජයග්‍රහණය කළ සාන්ත ජෝසප් විද්‍යාලය, ශාන්ත බෙනඩික්ට් විද්‍යාලය, රාජකීය විද්‍යාලය සහ ලයිසියම් ජාත්‍යන්තර පාසල C කාණ්ඩය යටතේ තරගාවලියට එක්වේ. බෙදා වෙන්කර ඇති කාණ්ඩ යටතේ ඇති තරගකාරීම කාණ්ඩය ලෙස හඳුනාගත හැකි D කාණ්ඩය යටතේ සහිරා විද්‍යාලය, මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය සහ ද මැසිනොද් විද්‍යාලය තරගාවලියට එක්වන අතර එම කාණ්ඩය යටතේ තරග වදින අනෙක් කණ්ඩායම වන්නේ ගේට්වේ ජාත්‍යන්තර පාසල යි.

පළමු වටයේ තරගයක එක් අර්ධයක් මිනිත්තු 25කින් සමන්විත වන අතර පළඟ, බඳුන සහ පලිහ ශූරතා සඳහා පැවැත්වෙන තරගවල එක් අර්ධයක් මිනිත්තු 20කින් සමන්විත වේ. තවදුරටත් ශූරතා කුසලානය සඳහා පැවැත්වෙන අවසන් පූර්ව වටයේ තරගයක එක් අර්ධයක් මිනිත්තු 30කින් සමන්විත වන අතර එහි අවසන් මහා තරගයේ එක් අර්ධයක් මිනිත්තු 35කින් සමන්විත වේ.

තරගාවලිය සඳහා ප්‍රධාන අනුග්‍රාහකත්වය ‘Cool Planet’ ආයතනය විසින් ලබා දෙන අතර තරගාවලියේ රන්, රිදී හා ලෝකඩ අනුග්‍රාහකයින් ලෙස පිළිවෙළින් ‘The Factory Outlet’, ‘Bolt Gear’ සහ ‘The Traveller’ ආයතන කටයුතු කරයි. තවදුරටත් පසුගිය වසරේ මෙන් මෙවර තරගාවලියේ දී ද සහභාගී වන කණ්ඩායම් 16යේ අනුග්‍රාහකයින් ලෙස තවත් අනුග්‍රාහක භවතුන් 16ක් කටයුතු කරනු ඇත.

තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්නපාපන්දු ක්රීඩා පිටුවට