වලල ඒ රත්නායක, සාන්ත පීතර සමස්ත ශූරතා දිනති

424

වාර්ෂික සමස්ත ලංකා පාසල් සහය දිවීමේ ශූරතාවලිය අද (26) බදුල්ල වින්සන්ට් ඩයස් ක්‍රීඩාංගණයේ දී සාර්ථකව නිමා විය. දින තුනක් පුරා පැවැත්වුණු තරගාවලිය අධ්‍යාපන අමාත්‍යංශය විසින් සංවිධානය කළ අතර මෙවර ශූරතාවලියේ දී නව තරග වාර්තා 33ක් බිහිවීම විශේෂත්වයක් විය.

වලල ඒ. රත්නායක විද්‍යාලයෙන් විශිෂ්ට දස්කම්

2018 සමස්ත ලංකා පාසල් සහය දිවීමේ ශූරතාවලියේ දෙවන දිනයේ දී පැවති 4x800M ඉසව්වල අවසන් මහා තරග වලල ඒ. රත්නායක විද්‍යාලයීය ක්‍රීඩක ක්‍රීඩිකාවන් පහසුවෙන් ජයග්‍රහණය…

නව තරග වාර්තා හතක් හා ප්‍රසාද ලකුණු 118ක් සමඟින් බාලක සමස්ත ශූරතාව බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය විසින් දිනා ගත් අතර වයස අවුරුදු 16න් පහළ, 18න් පහළ හා 20න් පහළ ශූරතා දිනා ගැනීමට ද ඔවුන් සමත් විය.

ප්‍රසාද ලකුණු 79ක් සමඟින් සමස්ත ශූරතාවේ දෙවන ස්ථානය දිනා ගැනීමට කොළඹ රාජකීය විද්‍යාලය සමත් විය. වයස අවුරුදු 12න් පහළ හා 14න් පහළ වයස් කාණ්ඩවල ශූරතාව දිනා ගැනීමට ද ඔවුන් සමත් විය.

>> තරගාවලියේ ඡායාරූප සඳහා පිවිසෙන්න <<

2016 වසරේ ශූරයින් වූ වලල ඒ රත්නායක මාධ්‍ය මහා විද්‍යාලය බාලිකා සමස්ත ශූරතාවය දිනා ගත් අතර ඔවුන් සමස්ත මිශ්‍ර පාසල් ශූරතාවය ද දිනා ගැනීමට සමත් විය. මැදි දුර ඉසව්වල දී නව තරග වාර්තා නවයක් පිහිට වූ ඔවුන් වයස අවුරුදු 16න් පහළ කාණ්ඩයට ඉහළ සියලු වයස් කාණ්ඩවල සිය ආධිපත්‍ය පතුරවමින් ප්‍රසාද ලකුණු රැසක් එක් කර ගැනීමට සමත් විය. වයස අවුරුදු 20න් පහළ ඉසව්වලට සහභාගී වූ මලල ක්‍රීඩිකාවන් සියල්ලෝම නව වාර්තා සමඟ එම ඉසව් නිමා කළ අතර වලල යොවුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් මැදි දුර 4x400m හා  4x800m ඉසව්වල විශේෂ දක්ෂතා දැක්වීමට සමත් විය.

සමස්ත බාලිකා ලකුණු සටහනේ දෙවන ස්ථානය දිනා ගන්නට සර් ජෝන් කොතලාවල විද්‍යාලයේ ක්‍රීඩිකාවන් සමත් වූ අතර වයස අවුරුදු 18න් පහළ වයස් කාණ්ඩයේ ශූරතාව දිනා ගත් ඔවුන් නව තරග වාර්තා දෙකක් සමඟින් 4x200m හා මිශ්‍ර සහය දිවීමේ ඉසව්ව නිම කිරීමට සමත් විය. තවද ඔවුන් සමස්ත මිශ්‍ර ශූරතා ද දිනා ගත්තේ අඛණ්ඩව දෙවන වසරටය.

පෙර වසරවල මෙන් නොව මේ වසරේ දී මේ සහය දිවීමේ සැණකෙළිය යාපනයේ නොපැවැත්වූ නිසා දේශගුණ තත්වය හොඳ වීමත් සමඟ ක්‍රීඩක ක්‍රීඩිකාවන් තමන්ගේ දක්ෂතා ඉහළ දමා ගැනීමට සමත් වූ අතර ඒ නිසා නව තරග වාර්තා 33ක් බිහි විය.    

>> අවසාන දිනයේ ප්‍රතිඵල සඳහා පිවිසෙන්න <<

 තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට