වලල ඒ. රත්නායක විද්‍යාලයෙන් විශිෂ්ට දස්කම්

298

2018 සමස්ත ලංකා පාසල් සහය දිවීමේ ශූරතාවලියේ දෙවන දිනයේ දී පැවති 4x800M ඉසව්වල අවසන් මහා තරග වලල ඒ. රත්නායක විද්‍යාලයීය ක්‍රීඩක ක්‍රීඩිකාවන් පහසුවෙන් ජයග්‍රහණය කිරීමත් සමඟ ඔවුන් එහි අවසන් තරග 4ම නව තරගාවලි වාර්තා පිහිටුවමින් ජයග්‍රහණය කිරීමට සමත් විය.

වාර්තා පිට වාර්තා තැබූ කෑගල්ල සාන්ත ජෝසප් බාලිකාවේ දිරිය දියණියෝ

කොළඹටත් නුවරටත් මැදිව පිහිටා ඇති කෑගල්ල ශ්‍රී ලංකාව නියෝජනය කළ කෙටිදුර හා මැදි දුර ධාවන ශූරයින්ගේ…

දෙවන දිනයේ ආරම්භක තරග ඉසව් ලෙස පැවති 4x800M ඉසව්වල අවසන් මහා තරග සමඟින් දිනයට ඉතා ජවසම්පන්න ආරම්භයක් ලබා ගැනීමට ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත් විය. ශ්‍රී ලංකා පාසල් මලල ක්‍රීඩා පිටියේ මැදි දුර සහ දිගු දුර ධාවන ඉසව්වල අසහාය ප්‍රමුඛයා වන වලල ඒ. රත්නායක විද්‍යාලය එහි දී 4x800M ඉසව්වල වයස අවුරුදු 18න් හා 20න් පහළ බාලක සහ බාලිකා සියලුම ඉසව් ජයග්‍රහණය කරමින් සිය ආධිපත්‍යය නැවත වරක් විදහා දක්වන්නට සමත් විය.

4x800m වයස අවුරුදු 18න් පහළ බාලක ඉසව්වේ අවසන් මහා තරගයට පැමිණෙන විට ඒ සඳහා හොඳම කාලයක් වාර්තා කරගෙන සිටියේ බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය යි. ඒ ඊයේ (24) පැවති මූලික වටයේ තරගවල දී මිනිත්තු 8:31.3ක කාලයක් වාර්තා කර ගනිමින් නව තරගාවලි වාර්තාවක් ද පිහිටුවමිනි.

කෙසේ නමුත් අවසන් මහා තරගයේ දී විශිෂ්ට දස්කම් ප්‍රදර්ශනය කළ වලල ඒ. රත්නායක ක්‍රීඩකයින් මිනිත්තු 8:13.7ක කාලයක් වාර්තා කර ගනිමින් නව තරගාවලි වාර්තාවක් ද පිහිටුවමින් එහි ප්‍රථම ස්ථානය දිනා ගැනීමට සමත් විය. එහි දී ඔවුන් කලින් පිහිට වූ වාර්තාව අභිබවමින් දස්කම් ප්‍රදර්ශනය කළ සාන්ත පීතර ක්‍රීඩකයින් මිනිත්තු 8:23.1ක කාලයක් වාර්තා කර ගනිමින් ඉසව්ව අවසන් කළත් ඔවුන්ට එහි දී දෙවන ස්ථානයෙන් සෑහීමකට පත්වීමට සිදු විය.

එහි බාලිකා අවසන් මහා තරගයේ දී වලල ඒ. රත්නායක ක්‍රීඩිකාවන් හට අනෙක් තරගකරුවන්ගෙන් කිසිදු අභියෝගයක් හිමි නොවූ අතර ඒ අනුව ඔවුන් පහසුවෙන් එම ඉසව්ව ජයග්‍රහණය කරනු ලැබුවේ නව තරගාවලි වාර්තාවක් ද සමඟිනි. ඒ මිනිත්තු 9:57.2ක කාලයක් වාර්තා කර ගනිමිනි. එහි දෙවන ස්ථානය මිනිත්තු 10:39.4ක කාලයක් වාර්තා කර ගත් කුරුණෑගල සර් ජෝන් කොතලාවල විද්‍යාලයත්, තෙවන ස්ථානය මිනිත්තු 10:59.3ක කාලයක් වාර්තා කර ගත් ආනමඩුව ශ්‍රී රත්නපාල විද්‍යාලයත් ජයග්‍රහණය කිරීමට සමත් විය.

මලල ක්‍රීඩාවට ආයෙත් “U TURN” එකක්?

මේ වන විට ශ්‍රී ලංකාවේ පුහුණුවීම් සඳහා පවතින එකම ජාත්‍යන්තර මලල ක්‍රීඩා ධාවන පථය ජුනි 25 වැනිදා සිට ජූලි 10 වැනිදා…

4x800m වයස අවුරුදු 20න් පහළ බාලිකා ඉසව්වේ දී වලල ඒ. රත්නායක විද්‍යාලය මිනිත්තු 9:42.3ක කාලයක් සමඟින් නව තරගාවලි වාර්තාවක් ද සමඟින් ප්‍රථම ස්ථානය කරා මෙහෙය වූ දිල්ෂි කුමාරසිංහ තරගාවලියේ සිය දෙවැනි රන් පදක්කමට හිමිකම් කියන්නට සමත් විය. එහි අවසන් වටයට පැමිණෙන විටත් ඔවුන් ප්‍රතිවාදීන් සමඟ විශාල පරතරයක් ගොඩනඟාගන්නට සමත්ව තිබූ අතර ඒ අනුව එම ඉසව්ව අවසානයේ ද ඔවුන් ඉතා පහසු ජයග්‍රහණයකට හිමිකම් කියනු ලැබීය.

කෙසේ නමුත් එහි බාලක ඉසව්වේ දී වලල ඒ. රත්නායක ක්‍රීඩකයින් හට සාන්ත පීතර විද්‍යාලයීය ක්‍රීඩකයින් සහ මහනුවර සාන්ත සිල්වෙස්තර ක්‍රීඩකයින් ඉතා තියුණු තරගයක් ලබා දීමට සමත් විය. ඒ අනුව තරගය ආරම්භයේ ඔවුන්ගෙන් හිමි වූ අභියෝගය සාර්ථකව ජය ගත් වලල ඒ. රත්නායක විද්‍යාලයීය කණ්ඩායම මිනිත්තු 7:59.5ක කාලයක් සමඟින් නව තරගාවලි වාර්තාවක් ද පිහිටුවමින් එම ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට සමත් විය.

එහි දී මිනිත්තු 8:16.6ක කාලයක් වාර්තා කළ සාන්ත පීතර ක්‍රීඩකයින් දෙවන ස්ථානයත්, මිනිත්තු 8:17.6ක කාලයක් වාර්තා කළ සාන්ත සිල්වෙස්තර ක්‍රීඩකයින් තෙවන ස්ථානයත් දිනා ගන්නට සමත් වූයේ ඔවුන් ද මීට පෙර පැවති තරගාවලි වාර්තාවට වඩා හොඳ කාලයක් වාර්තා කරගනිමිනි.

ඒ අනුව දිනයේ පළමු අදියරේ දී 4x800m ඉසව්වල අවසන් මහා තරග පැවැත්වීමත් සමඟ දිනයේ ඉතිරි කාලය තුළ වෙනත් ඉසව්වල මූලික වටයේ තරග සහ අවසන් පූර්ව වටයේ තරග පවත්වනු ලැබීය.

තරගාවලියේ ආරම්භක දිනය වූ ඊයේ (24) දිනයේ දී 4x100m ඉසව්වල අවසන් මහා තරග පැවති අතර එහි දී පිහිටු වනු ලැබූ නව තරගාවලි වාර්තා 4 ද ඇතුළුව පළමු දිනය තුළ පිහිටුවනු ලැබූ සමස්ත තරගාවලි වාර්තා ගණන 7කි.

එහි දී වයස අවුරුදු 20න් පහළ බාලක සහ බාලිකා ඉසව් ද්විත්වයේ දී ම නව තරගාවලි වාර්තා 2ක් පිහිටු වනු ලැබීය. ඒ අනුව එහි බාලිකා ඉසව්වේ දී වලල ඒ. රත්නායක විද්‍යාලයීය කණ්ඩායම නව තරගාවලි වාර්තාවක් ද සමඟින් ප්‍රථම ස්ථානය කරා මෙහෙයවන්නට කනිෂ්ඨ ආසියානු පදක්කම් ලාභී දිල්ෂි කුමාරසිංහ සමත් විය. ඔවුන් එහි දී වාර්තා කර ගත් කාලය තත්පර 50.6කි.

එහි බාලක ඉසව්වේ අවසන් මහා තරගයේ දී මීගමුව මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය සහ සාන්ත බෙනඩික්ට් විද්‍යාලය අතර අවසානය දක්වා ඉතා උණුසුම් තරගයක් පැවති නමුත් අවසානයේ තත්පර 42.6ක නව තරගාවලි වාර්තාවක් ද සමඟින් එම ඉසව්වේ රන් පදක්කම දිනා ගනු ලැබුවේ මාරිස් ස්ටෙල්ලා විද්‍යාලයීය ක්‍රීඩකයින් ය. ඒ අනුව සාන්ත බෙනඩික්ට් ක්‍රීඩකයින් හට එහි දී දෙවන ස්ථානයෙන් සෑහීමකට පත්වීමට සිදු විය.

තවදුරටත් වයස අවුරුදු 18න් පහළ 4x100m බාලිකා ඉසව්වේ රන් පදක්කම දිනා ගත් බෙන්තොට ගාමිණී මධ්‍ය මහා විද්‍යාලය තත්පර 50.7ක කාලයක් වාර්තා කර ගනිමින් නව තරගාවලි වාර්තාවකට හිමිකම් කියනු ලැබූ අතර එහි වයස අවුරුදු 12න් පහළ බාලිකා ඉසව්වේ අවසන් තරගයේ දී රන් පදක්කම දිනා ගත් පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයීය ක්‍රීඩිකාවන් තත්පර 56.6ක කාලයක් වාර්තා කර ගනිමින් කොළඹ මියුසියස් විද්‍යාලයීය ක්‍රීඩිකාවන් මෙම තරගාවලියේම මූලික වටයේ දී පිහිටු වනු ලැබූ තරගාවලි වාර්තාව සම කරන්නට සමත් විය. කෙසේ නමුත් එම මූලික වටයේ දී තරගාවලි වාර්තාව පිහිට වූ මියුසියස් විද්‍යාලයීය කණ්ඩායමට අවසන් තරගයේ දී දෙවන ස්ථානයෙන් සෑහීමකට පත්වීමට සිදු විය.

පළමු දිනයේ දී පැවති වයස අවුරුදු 18න් හා 20න් පහළ බාලක 4x800m ඉසව්වල මූලික වටයේ තරගවල දී නව තරගාවලි වාර්තා පිහිටුවන්නට පිළිවෙළින් සාන්ත පීතර විද්‍යාලය සහ වලල ඒ. රත්නායක විද්‍යාලය සමත් වුවත් එම වාර්තා තරගාවලියේ දෙවන දිනයේ දී පැවති එම ඉසව්වල අවසන් තරගවල දී නැවතත් අලුත් වනු දැකගත හැකි විය.

තරගාවලියේ අවසන් දිනය වන හෙට දිනයේ දී අවසන් තරග 23ක් පැවැත්වීමට නියමිත අතර ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය ThePapare.com අපි, බදුල්ල වින්සන්ට් ඩයස් ක්‍රීඩාංගණයේ සිට 2018 සමස්ත ලංකා පාසල් සහය දිවීමේ ශූරතාවලියේ අවසන් දිනයේ සියලුම තොරතුරු ඔබ වෙත ගෙන ඒමට සූදානමින්.

පළමු දිනයේ අවසන් තරග ප්‍රතිඵල

දෙවන දිනයේ අවසන් තරග ප්‍රතිඵල

E: No. 201 4x800M U18 Boys Final
Place BIB School Achievement Remarks
1 280 A Rathnayake C.C, Walala 8:13.7 Min *NMR
2 166 St. Joshep’s Vaz College Wennappuwa 8:23.1
3 273 St. Peters College, Colombo 4 8:24.2
4 539 Bandarawela Central College, Bandarawela 8:38.3
5 171 Kegalu Vidyalaya  Kegalle 8:43.5
6 250 Wangiyakumbura National Sch., Boralanda 8:56.4
7 1435 Marisstella College – Negambo 9:12.8
E: No. 202 4x800M U18 Girls Final
Place BIB School Achievement Remarks
1 638 A Rathnayake C.C. Wawala. 9:57.2 Min *NMR
2 925 Sir John Kothalawala College, Kurunegala 10:39.4
3 964 Sri Rathanapala M. V., Anamaduwa 10:59.3
4 690 Wangiyakumbura National School, Boralanda 11:10.5
5 1509 Ambagamuwa Central College – Ambagamuwa 11:10.9
6 643 Sumana Balika Vidyalya, Rathnapura 11:14.8
7 701 Welimada Central College, Welimada 11:15.0
8 666 President college, Ambagasduwa 12:00.9
1003 Girls High School, Kandy DNF
838 Swarnapli Balika M. V., Anuradhapura. DNF
E: No. 203 4x800M U20 Boys Final
Place BIB School Achievement Remarks
1 281 A Rathnayake C.C, Walala 7:59.5 Min *NMR
2 274 St. Peters College, Colombo 4 8:16.6 *BPR
3 1295 St. Sylvester’s College, Kandy 8:17.6 *BPR
4 180 Rahula College  Matara 8:21.6
5 317 President College, Ambagasdowa, Welimada 8:47.3
6 509 Sri Rahula College, Katugasthota 8:48.0
7 277 Welimada M.M.V., Welimada 9:19.5
E: No. 204 4x800M U20 Girls Final
Place BIB School Achievement Remarks
1 639 A Rathnayake C.C. Wawala. 9:42.3 Min *NMR
2 965 Sri Rathanapala M. V., Anamaduwa 10:26.5
3 667 President college, Ambagasduwa 10:31.9
4 702 Welimada Central College, Welimada 10:45.8
5 644 Sumana Balika Vidyalya, Rathnapura 11:14.1
6 1023 Haliela Central College, Haliela 12:51.8
7 983 Sri Rahula college, Katugasthota 12:59.8

 

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<