වලල ඒ. රත්නායක විදුහල් බාලිකාවෝ අංක එකට

630
All island schools relay carnival

පාසල් මලල ක්‍රීඩා පිටියේ සුවිශේෂී තරග සැණකෙලියක් වන සමසත් ලංකා පාසල් සහය දිවීමේ සැණකෙලිය වසර කිහිපයකට පසුව නැවතත් අාරම්භ කරමින් ඉකුත් 22 වැනි දා සිට අද (24) දිනය දක්වා මහනුවර බෝගම්බර පිටියේදි පැවැත් වුයේ ThePapare.com සහ රිට්ස්බරි සවිබල ගැන්වීමත් සමඟිනි.

සැනකෙලියට දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් වයස් කාණ්ඩ 5ක් යටතේ පාසල් 300ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 3500 පමණ සහභාගී විය. තරගය අාරම්භක දිනයේ සිටම උරෙන් උර තරග වැදුනු පාසල් අතරින් වලල ඒ්. රත්නායක මහ විද්‍යාලය කැපි පෙනෙන දස්කම් දැක්වීමට සමත් විය.

තරගයේ තෙවැනි දිනය නිමාවන විට මුළු ලකුණු 91ක් ලබා ගත් වලල ඒ. රත්නායක විදුහල බාලිකා විද්‍යාල අතරින් ප්‍රථම ස්ථානයට පැමිනි අතර ලකුණු 54ක් සහ 48 ක් ලබා ගත් කෑගල්ල ශාන්ත ජෝසප් විදුහල සහ කුරුණෑගල සර් ජෝන් කොතලාවල විදුහල දෙවැනි සහ තෙවැනි ස්ථාන හිමි කර ගැනීමට සමත් විය.

සමස්ත ලකුණු සංඛ්‍යාව 73ක් ලබා ගත් ශාන්ත බෙනඩික් විදුහල බාලක විදුහල් අතරින් ප්‍රථම ස්ථානට පැමිණි අතර ලකුණු 59ක් ලබා ගත් මහනුවර ත්‍රිත්ව විදුහල දෙවැනි ස්ථානයත්, වලල ඒ. රත්නායක විදුහල ලකුණු 57ක් ලබා තෙවැනි ස්ථානයටත් පාත්‍ර විය.

ප්‍රථම දිනය නිමා වන විට වසය අවුරුදු 21න් පහල 4*100 ඉසව්වේ බාලක  සහ බාලිකා වන්හි ජය කෑගල්ලට රැගෙන යෑමට ශාන්ත මරියා විද්‍යාලය (තත්පර 43.9) සහ ශාන්ත ජොසප් බාලිකා විද්‍යාලය (තත්පර 52.8) සමත් විය.

ප්‍රථම දිනයේ ඡායාරූප ඇල්බමය වෙත පිවිසෙන්න

වසය අවුරුදු 17න් පහල, 21න් පහල 4*800 ඉසව්වේ බාලක බාලිකා ශූරතාවයන් සියල්ල වලල ඒ. රත්නායක විදුහල විසින් ලබා ගැනීමට සමත් වු අතර 19න් පහල 4*800 ඉසව්ව ත්‍රිත්ව විද්‍යාලය ප්‍රථම ස්ථානයට පැමිනි අතර එහි කාන්තා ඉසව්වේ ජය වලල ඒ. රත්නායක විද්‍යාලය සතු විය.

තරගාවලිය දෙවන දිනය 4*200 සහය දවිමේ ඉසව්ව නියෝජනය කල රත්නපුර සුමන බාලිකාවත් බණ්ඩාරවෙල මහ විද්‍යාලයත් 17න් පහල බාලක බාලිකා ශූරතාවයන් දිනා ගැනීමට සමත් විය.

එම ඉසව්වේ 19න් පහල බාලක ශූරතාවය කොළඹ සාන්ත පීතර විද්‍යාලයත්, බාලිකා ශූරතාවය කොළඹ මෙතොදිස්ත විද්‍යාලයත් ලබා ගැනීමට සමත් විය. තවද වයස අවුරුදු 21න් පහල 4*200 ඉසව්වේ බාලිකා ශූරතාවය වලල විද්‍යාලයටත් බාලික ශූරතාවය කෑගල්ල ශාන්ත මරියා විද්‍යාලයත් හිමි විය.

තරගයේ තෙවැනි දිනය වු අද දිගු දුර සහය දිවීමේ ඉසව්ව කිහිපයක් පැවැත් වු අතර එහි 4*1500 ඉසව්ව නියෝජනය කර වයස 17න්, 19න් සහ 21න් පහල  බාලක – බාලිකා ශුරතාවයන් වලල ඒ. රත්නායක විදුහල විසින් ජයග්‍රහණය කිරීමට සමත් විය.

දෙවන දිනයේ ඡායාරූප ඇල්බමය වෙත පිවිසෙන්න

සන්ද්‍යාභාගයේ දි පැවැත්  වු මෙඩ්ලි සහය දිවීමේ ඉසව්වේ 17න් පහල බාලක ශූරතාවය ශාන්ත බෙනඩික් විද්‍යාලයටත් බාලිකා ශූරතාවය ශාන්ත ජොසප් බාලිකා විද්‍යාලයටත් හිමිවිය. තවද 19න් පහල බාලිකා ශූරතාවය අඹගමුව මහ විදුහලටත් බාලක ශූරතාවය නාලන්දා විද්‍යාලයත් දිනා ගැනීමට සමත් විය.  4*400 ඉසව්වේ වයස අවුරුදු 17න් සහ 19න් පහල බාලිකා ශූරතාවයන් දිනා ගැනීමට වලල ඒ. රත්නායක විදුහල සමත් වු අතර එම ඉසව්වේ බාලක ශූරතාවයන් පිලිවෙලින් ශාන්ත බෙනඩික් විද්‍යාලයට සහ නාලන්ද විද්‍යාලයට හිමි විය.

ලකුණු සාරාංශය –

15න් පහල බාලිකා

ශූරතාවය ශාන්ත ජෝසප් බාලිකා විදුහල 17
2වන ස්ථානය සර්. ජෝන් කොතලාවල විදුහල 15
3වන ස්ථානය පන්නිපිටිය ධර්මපාල විදුහල 11

15න් පහල බාලක

ශූරතාවය කොළඹ ශාන්ත බෙනඩික් විදුහල 20
2වන ස්ථානය ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහල 17
3වන ස්ථානය මහනුවර ත්‍රිත්ව විදුහල 15

17න් පහල බාලිකා  

ශූරතාවය වලල ඒ. රත්නායක විදුහල   35
2වන ස්ථානය සර්. ජෝන් කොතලාවල විදුහල 33
3වන ස්ථානය කෑගල්ල ශාන්ත ජොසප් විද්‍යාලය 27

17න් පහල බාලක

ශූරතාවය කොළඹ ශාන්ත බෙනඩික් විදුහල 40
2වන ස්ථානය වලල ඒ. රත්නායක විදුහල   34
3වන ස්ථානය ශාන්ත අන්තෝනි විදුහල 15

19න් පහල බාලිකා

ශූරතාවය වලල ඒ. රත්නායක විදුහල   21
2වන ස්ථානය අඹගමුව මධ්‍ය මහ විදුහල 30
3වන ස්ථානය වැලිමඩ මධ්‍ය මහ විදුහල 26

19න් පහල බාලක

ශූරතාවය කොළඹ නාලන්දා විදුහල 37
2වන ස්ථානය මහනුවර ත්‍රිත්ව විදුහල 34
3වන ස්ථානය වලල ඒ. රත්නායක විදුහල   22

21න් පහල බාලිකා

ශූරතාවය වලල ඒ. රත්නායක විදුහල   57
2වන ස්ථානය අඹගමුව මධ්‍ය මහ විදුහල 40
3වන ස්ථානය රත්නපුර සුමන බාලිකා විදුහල 28

21න් පහල බාලක

ශූරතාවය ශාන්ත මේරි විදුහල 45
2වන ස්ථානය වලල ඒ. රත්නායක විදුහල   42
3වන ස්ථානය ශාන්ත පීතර විද්‍යාලය 19

වසරේ වැඩිම ලකුණු සංඛ්‍යාවක් ලබා ගත් කාන්තා විද්‍යාල-

-වලල ඒ. රත්නායක විදුහල – 148
-කෑගල්ල ශාන්ත ජොසප් විද්‍යාලය – 64
-රත්නපුර සුමන බාලිකා විදුහල – 54

වසරේ වැඩිම ලකුණු සංඛ්‍යාවක් ලබා ගත් පිරිමි විද්‍යාල-

-වලල ඒ. රත්නායක විදුහල – 99
-කොළඹ ශාන්ත බෙනඩික් විදුහල – 88
-ත්‍රිත්ව විදුහල – 59

තවත් පුවත් සිංහලෙන්ම කියවන්න – පිවිසෙන්න