පළමු වටයේ තරග අවසන්

482

ශ්‍රී ලංකා පාසල් අත්පන්දු සංගමය මඟින් සංවිධානය කරනු ලබන සමස්ත ලංකා පාසල් අත්පන්දු තරගාවලියේ වයස අවුරුදු 20න් පහළ තරගවල පළමු වටයේ තරග පසුගිය දින දෙක තුළ මොරටුව වේල්ස් කුමාර විද්‍යාලයීය ප්‍රධාන ක්‍රීඩාංගණයේ දී පැවැත්විය. තරගාවලියෙන් අවසන් දිනය අදයි.

සමස්ත ලංකා පාසල් අත්පන්දු තරගාවලිය හෙටින් ඇරඹේ

ශ්‍රී ලංකා පාසල් අත්පන්දු සංගමය මඟින් සංවිධානය කරනු ලබන සමස්ත ලංකා පාසල් අත්පන්දු තරගාවලියේ වයස අවුරුදු 20න් පහළ තරග මෙම මස (ජුනි) 15, 16 හා 17 තෙදින මොරටුව…

ඒ අනුව දින තුනක් පුරා පැවැත්වෙන තරගාවලියේ පළමු දින දෙක තුළ පැවැත්වුණේ තරගාවලියේ පළමු වටයේ තරග සහ අර්ධ අවසන් පූර්ව වටයේ තරගයි. ඒ අනුව පළමු වටයේ තරග අවසානයේ අදාළ කණ්ඩායම් ලබා ගත් ලකුණු පදනම් කර ගෙන ඔවුන්ව එක් එක් ශූරතාවන් වෙනුවෙන් පැවැත්වෙන අවසන් වටයේ තරග සඳහා යොමු කරන ලදි.

ඊයේ තරගාවලියට දැඩි වර්ෂාපතනය හේතුවෙන් බාධා ඇති වූ අතර එමනිසා පැය 3ක පමණ කාලයක් තරග පැවැත්වීම අත්හිටු වීමට සිදු විය. කෙසේ වුවත් සැලසුම් කර තිබූ පරිදි ඊයේ දිනය තුළ බාලක හා බාලිකා අංශ දෙකේම පළමු වටයේ තරග සහ අර්ධ අවසන් පූර්ව තරග අවසන් කරන්නට සංවිධායක මණ්ඩලය සමත් විය.

තරගාවලියේ අවසන් දිනය වන අද (17) දිනයේ දී ශූරතාවන් වෙනුවෙන් පැවැත්වෙන අර්ධ අවසන් තරග, 3 වන ස්ථානය තේරීමේ තරග සහ තරගාවලියේ අවසන් මහා තරග පැවැත්වීමට නියමිතව ඇත.

තරගාවලියේ පළමු වටයේ තරග අවසානයේ අදාළ කණ්ඩායම් ලබාගත් ලකුණු මෙසේය.

බාලක අංශය

A කාණ්ඩය

කණ්ඩායම තරග ජයග්‍රහණ පරාජ ජය පැරදුමෙන් තොර ලකුණු
නාලන්ද විද්‍යාලය (A) 4 2 2 _ 4
කොට්ටාව ධර්මපාල විද්‍යාලය 4 2 2 _ 4
වේල්ස් කුමර විදුහල (B) 4 4 _ _ 8
ඩී. එස්. සේනානායක විදුහල (A) 4 _ 4 _ 0
විද්‍යා විද්‍යාලය 4 2 2 _ 4

B කාණ්ඩය

කණ්ඩායම තරග ජයග්‍රහණ පරාජ ජය පැරදුමෙන් තොර ලකුණු
ජනාධිපති විද්‍යාලය, රාජගිරිය 4 2 2 _ 4
ඉසිපතන විද්‍යාලය (B) 4 3 1 _ 6
සිරි සුනන්ද විද්‍යාලය, ගාල්ල 4 3 _ 1 7
සිරි පියරතන විදුහල, පාදුක්ක 4 1 2 1 3
ඔක්කම්පිටිය මහා විද්‍යාලය 4 _ 4 _ 0

C කාණ්ඩය

කණ්ඩායම තරග ජයග්‍රහණ පරාජ ජය පැරදුමෙන් තොර ලකුණු
සාන්ත අන්තෝනි විදුහල, ගලේවෙල 4 3 1 _ 6
මහානාම විද්‍යාලය 4 _ 4 _ 0
සුභාරතී මහා විද්‍යාලය 4 1 3 _ 2
ආනන්ද විද්‍යාලය 4 3 1 _ 6
ඉසිපතන විද්‍යාලය (A) 4 3 1 _ 6

D කාණ්ඩය

කණ්ඩායම තරග ජයග්‍රහණ පරාජ ජය පැරදුමෙන් තොර ලකුණු
වේල්ස් කුමර විදුහල (A) 4 4 _ _ 8
නාලන්ද විද්‍යාලය (B) 4 1 3 _ 2
මැදබැද්ද විද්‍යාලය 4 3 1 _ 6
ඩී. එස්. සේනානායක විදුහල (B) 4 2 2 _ 4
හෝමාගම මධ්‍ය මහා විද්‍යාලය 4 _ 4 _ 0

බාලිකා අංශය

A කාණ්ඩය

කණ්ඩායම තරග ජයග්‍රහණ පරාජ ජය පැරදුමෙන් තොර ලකුණු
බෞද්ධ කාන්තා විද්‍යාලය (A) 2 1 _ 1 3
හෝමාගම මධ්‍ය මහා විද්‍යාලය 2 1 1 _ 2
ලින්ඩ්සේ බාලිකා විද්‍යාලය 2 _ 1 1 1

B කාණ්ඩය

කණ්ඩායම තරග ජයග්‍රහණ පරාජ ජය පැරදුමෙන් තොර ලකුණු
උසස් බාලිකා විදුහල, ගල්කිස්ස 3 _ 3 _ 0
බෞද්ධ කාන්තා විද්‍යාලය (B) 3 1 2 _ 2
දේවි බාලිකා විද්‍යාලය (A) 3 2 1 _ 4
සාන්ත ජෝසප් විද්‍යාලය, කෑගල්ල 3 3 _ _ 6

C කාණ්ඩය

කණ්ඩායම තරග ජයග්‍රහණ පරාජ ජය පැරදුමෙන් තොර ලකුණු
වේල්ස් කුමරි විදුහල 3 2 1 _ 4
සාන්ත පාවුළු බාලිකා විද්‍යාලය 3 1 2 _ 2
අනුලා විද්‍යාලය 3 _ 3 _ 0
යහපත් එඩේරාගේ කන්‍යාරාමය, කොටහේන 3 3 0 _ 6

D කාණ්ඩය

කණ්ඩායම තරග ජයග්‍රහණ පරාජ ජය පැරදුමෙන් තොර ලකුණු
මැදබැද්ද විද්‍යාලය 2 2 _ _ 4
දේවි බාලිකා විද්‍යාලය (B) 2 _ 2 _ 0
ගෝතමී බාලිකා විද්‍යාලය 2 1 1 _ 2

පළමු වටයේ තරග අවසානයේ තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ තරග පැවැත්විණ. එහි ප්‍රතිඵල වලට අනුව අර්ධ අවසන් තරග සඳහා ක්‍රීඩා කරන කණ්ඩායම් තීරණය විය.

අද දින පැවැත්වීමට නියමිත තරග පහත පරිදි ය.

බාලක අංශය – අර්ධ අවසන් තරග

බඳුන ශූරතාවය

  • කොට්ටාව ධර්මපාල විද්‍යාලය – නාලන්ද විද්‍යාලය (B)
  • සාන්ත අන්තෝනි විදුහල – ඩී. එස්. සේනානායක විදුහල (B)

පළඟ ශූරතාවය

  • වේල්ස් කුමර විදුහල (B) – සිරි සුනන්ද විද්‍යාලය
  • නාලන්ද විද්‍යාලය (A) – ඉසිපතන විද්‍යාලය (B)

ශූරතා කුසලානය

  • ආනන්ද විද්‍යාලය – මැදබැද්ද විද්‍යාලය
  • ඉසිපතන විද්‍යාලය (A) – වේල්ස් කුමර විදුහල (A)

මෙම තරග වල ජයග්‍රාහකයින් අදාළ කුසලාන වල අවසන් මහා තරග සඳහා සුදුසුකම් ලබන අතර එම තරග පරාජයට පත්වන කණ්ඩායම් අදාළ ශූරතා වල 3 වන ස්ථානය සඳහා තරග වදිනු ඇත.

බාලිකා අංශය – අවසන් මහා තරග

බඳුන ශූරතාවය

  • ලින්ඩ්සේ බාලිකා විද්‍යාලය – සාන්ත පාවුළු බාලිකා විද්‍යාලය

පළඟ ශූරතාවය

  • බෞද්ධ කාන්තා විද්‍යාලය (A) – දේවි බාලිකා විද්‍යාලය (A)

අවසන් මහා තරග

  • වේල්ස් කුමරි විදුහල – මැදබැද්ද විද්‍යාලය

3 වන ස්ථානය සඳහා පැවැත්වෙන තරග

බඳුන ශූරතාවය

  • බෞද්ධ කාන්තා විද්‍යාලය (B) – දේවි බාලිකා විද්‍යාලය (B)

පළඟ ශූරතාවය

  • ගෝතමී බාලිකා විද්‍යාලය – හෝමාගම මධ්‍ය මහා විද්‍යාලය

ශූරතා කුසලානය

  • සාන්ත ජෝසප් විද්‍යාලය – යහපත් එඩේරාගේ කන්‍යාරාමය

තරගාවලියේ අවසන් දිනය වන අද දිනය අවසානයේ ශ්‍රී ලංකා පාසල් අත්පන්දු තරගාවලියේ ශූරයින් කවුදැයි දැන ගැනීමට ඔබට හැකි වනු ඇත.

 තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට