සාන්ත සේවියර් සහ විජයබා පාසල්වලට ශූරතා හතරක්

262
All Island Schools Games Volleyball final report

අධ්‍යාපන අමාත්‍යාංශයේ මූලිකත්වය ඇතිව 33 වන වරටත් සංවිධානය කරනු ලබන සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙලේ වොලිබෝල් තරග පසුගිය 6, 7 හා 8 යන තෙදින පුරාවටම සීදූව දවිසමර මහා විදුහල් පිටියේ දී පැවැත්විය.

ජාතික මහා ක්‍රීඩා උළෙලේ වොලිබෝල් ශූරතා වයඹ පළාතට

43 වන ජාතික මහා ක්‍රීඩා උළෙල යටතේ මාතර කොටවිල ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී පැවති කාන්තා හා පිරිමි වොලිබෝල්…

එහි දී බාලක අංශය තුළ කැපී පෙනෙන දස්කම් දැක්වීමට මාරවිල සාන්ත සේවියර් විද්‍යාලය හා රුවන්වැල්ල රාජසිංහ විද්‍යාලය සමත් විය. ඒ අතුරෙන් සාන්ත සේවියර් විද්‍යාලය පිළිවෙළින් වෙන්නප්පුව ජෝසප් වාස් විද්‍යාලය හා රුවන්වැල්ල රාජසිංහ විද්‍යාලය පරාජය කරමින් වයස අවුරුදු 16න් හා 18න් පහළ බාලක ශූරතා ජයග්‍රහණය කළේය. 20න් පහළ බාලක ශූරතාවය ජයග්‍රහණය කළේ රුවන්වැල්ල රාජසිංහ විද්‍යාලයයි. එහි අනුශූරතාවය ජෝසප් වාස් විද්‍යාලය විසින් ජයග්‍රහණය කරන ලදි.

වයස අවුරුදු 16න් පහළ බාලක

  • පළමු ස්ථානය – මාරවිල සාන්ත සේවියර් විද්‍යාලය
  • දෙවන ස්ථානය – වෙන්නප්පුව ජෝසප් වාස් විද්‍යාලය
  • තෙවන ස්ථානය – හුංගම විජයබා විද්‍යාලය

වයස අවුරුදු 18න් පහළ බාලක

  • පළමු ස්ථානය – මාරවිල සාන්ත සේවියර් විද්‍යාලය
  • දෙවන ස්ථානය – රුවන්වැල්ල රාජසිංහ විද්‍යාලය
  • තෙවන ස්ථානය – නාත්තන්ඩිය ධම්මිස්සර ජාතික පාසල

වයස අවුරුදු 20න් පහළ බාලක

  • පළමු ස්ථානය – රුවන්වැල්ල රාජසිංහ විද්‍යාලය
  • දෙවන ස්ථානය – වෙන්නප්පුව ජෝසප් වාස් විද්‍යාලය
  • තෙවන ස්ථානය – කඳාන ද මැසනොඩ් විද්‍යාලය

දක්ෂතම ක්‍රීඩකයා – සංක ජයරත්න (රුවන්වැල්ල රාජසිංහ විද්‍යාලය)

බාලිකා අංශයේ දී හුංගම විජයබා විද්‍යාලය වයස අවුරුදු 16න් පහළ හා 20න් පහළ බාලිකා ශූරතා ජයග්‍රහණය කරන විට, ආනමඩුව මධ්‍ය විද්‍යාලයට හා ඇහැලියගොඩ ධර්මපාල විද්‍යාලය පිළිවෙළින් එහි  අනුශූරතාවයට හිමිකම් කියන ලදි. ආනමඩුව ශ්‍රී රතනපාල මහා විද්‍යාලය වයස අවුරුදු 18න් පහළ බාලිකා ශූරතාවය සඳහා හිමිකම් කියන ලදි.

වයස අවුරුදු 16න් පහළ  බාලිකා

  • පළමු ස්ථානය – හුංගම විජයබා විද්‍යාලය
  • දෙවන ස්ථානය – ආනමඩුව මධ්‍ය විද්‍යාලය
  • තෙවන ස්ථානය – උහන තිස්සපුර විද්‍යාලය

වයස අවුරුදු 18න් පහළ  බාලිකා

  • පළමු ස්ථානය – ආනමඩුව ශ්‍රී රතනපාල මහා විද්‍යාලය
  • දෙවන ස්ථානය – ආනමඩුව මධ්‍ය විද්‍යාලය
  • තෙවන ස්ථානය – අනුරාධපුර මධ්‍ය විද්‍යාලය

වයස අවුරුදු 20න් පහළ බාලිකා

  • පළමු ස්ථානය – හුංගම විජයබා විද්‍යාලය
  • දෙවන ස්ථානය – ඇහැලියගොඩ ධර්මපාල විද්‍යාලය
  • තෙවන ස්ථානය – පානදුර අගමැති බාලිකා විද්‍යාලය

දක්ෂතම ක්‍රීඩිකාව – එච්. ජී. චකීරා ලක්චානි (හුංගම විජයබා විද්‍යාලය)

වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න – වොලිබෝල් පිටුවට