දෙවන වරටත් සාර්ථකව පවත්වන ලද සමස්ත ලංකා පාසල් සහය දිවීමේ සැණකෙළිය සැප්තැම්බර් මස 8 වන දා සිට 10 වන දා දක්වා උතුරු පළාතේ ප්‍රධාන ක්‍රීඩාංගණයක් වන යාපනය දුරේයප්පා ක්‍රීඩාංගණයේ දී නිමාවට පත්විය.

මෙවර තරගාවලිය අවසානයේ බාලක ශූරතාවය සාන්ත බෙනඩික්ට් විද්‍යාලය විසින් ජයග්‍රහණය කළ අතර බාලිකා ශූරතාවය වලල ඒ. රත්නායක මධ්‍ය මහා විද්‍යාලය සතු කර ගන්නා ලදි.

ශ්‍රී ලංකා අධ්‍යාපන අමාත්‍යාංශයේ පූර්ණ අනුදැනුම යටතේ, ශ්‍රී ලංකා පාසල් මලල ක්‍රීඩා සංගමය විසින් මෙවර සහය දිවීමේ සැණකෙළිය සංවිධානය කරන ලදි.

පාසල් සහය දිවීමේ තරගාවලියේ සත්කාරකත්වය යාපනයට

දෙවන වරටත් පැවැත්වීමට නියමිත සමස්ත ලංකා පාසල් සහය දිවීමේ සැණකෙළිය සැප්තැම්බර් මස 8 වන දා සිට 10 වන දා දක්වා උතුරු පළාතේ…

පළමු දිනය (සැප්තැම්බර් 8)

තරගාවලියේ ආරම්භක දිනයේ දී සියලුම වයස් කාණ්ඩයන් යටතේ බාලක හා බාලිකා 4×100m තරග ඉසව්වල අවසන් තරග පැවැත්විය.

adsd

ගියවර මෙහි ශූරතාවය ජයග්‍රහණය කළ කොටහේන සාන්ත බෙනඩික්ට් විද්‍යාලය වයස අවුරුදු 16න් පහළ හා 18න් පහළ කාණ්ඩයේ ප්‍රථම ස්ථානය, මෙවර ද ජයග්‍රහණය කරන ලදි. නමුත් වයස අවුරුදු 20න් පහළ බාලක කාණ්ඩයේ ජයග්‍රහණය හිමි කර ගැනීමට මීගමුව මාරිස් ස්ටෙල්ලා විද්‍යාලයීය කණ්ඩායම සමත් විය.

බාලිකා අංශය යටතේ කුරුණෑගල සර් ජෝන් කොතලාවල මධ්‍ය විද්‍යාලයේ ක්‍රීඩිකාවන්, වයස අවුරුදු 16න් පහළ හා 18න් පහළ ඉසව්වල පළමුවැනි ස්ථාන ජයග්‍රහණය කළ අතර, ගියවර මෙහි සමස්ත බාලිකා ශූරතාවය හිමි කර ගත් වලල ඒ. රත්නායක විදුහලට මම දිනය තුල කැපී පෙනෙන දස්කම් දැක්වීමට නොහැකි වීම සුවිශේෂී සිදුවීමක් විය.

4×50m අවසන් තරග ප්‍රතිඵල

12න් පහළ බාලක:

  1. ත්‍රිත්ව විද්‍යාලය (27.8)
  2. මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය (28.1)
  3. ආනන්ද විද්‍යාලය (28.4)

12න් පහළ බාලිකා:

  1. පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය (29.8)
  2. මහනුවර මහාමායා බාලිකා විද්‍යාලය (30.0)
  3. මීගමුව ආවේ මරියා කන්‍යාරාමය (30.1)

14න් පහළ බාලක:

  1. මාතර රාහුල විද්‍යාලය (25.4)
  2. සාන්ත ජෝශප් වාස් විද්‍යාලය (25.6)
  3. සාන්ත ජෝශප් විද්‍යාලය (26.0)

14න් පහළ බාලිකා:

  1. මහඋස්සාව ශ්‍රී රත්නපාල මහා විද්‍යාලය (28.4)
  2. නාවල ජනාධිපති බාලිකා විද්‍යාලය (28.6)
  3. කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලය (28.7)

බාලක 4X100m අවසන් තරග ප්‍රතිඵල

වයස අවුරුදු 12න් පහළ

  1. ත්‍රිත්ව විද්‍යාලය (55.0)
  2. මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය (56.0)
  3. මාතර, රාහුල විද්‍යාලය (56.8)

වයස අවුරුදු 14න් පහළ :  

  1. සාන්ත පීතර විද්‍යාලය (48.2)
  2. සාන්ත ජෝසප් විද්‍යාලය (49.1)
  3. මාතර, රාහුල විද්‍යාලය (49.2)

වයස අවුරුදු 16න් පහළ:

  1. සාන්ත බෙනඩික්ට් විද්‍යාලය (44.6)
  2. සාන්ත තෝමස් විද්‍යාලය (45.2)
  3. ත්‍රිත්ව විද්‍යාලය (45.3)

වයස අවුරුදු 18න් පහළ:

  1. සාන්ත බෙනඩික්ට් විද්‍යාලය (42.6)
  2. රාජකීය විද්‍යාලය (43.3)
  3. මාතර, රාහුල විද්‍යාලය (43.4)

වයස අවුරුදු 20න් පහළ:

  1. මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය (42.9)
  2. සාන්ත බෙනඩික්ට් විද්‍යාලය (42.9)
  3. ත්‍රිත්ව විද්‍යාලය (43.0)

බාලිකා 4X100m අවසන් තරග ප්‍රතිඵල

වයස අවුරුදු 12න් පහළ:

  1. මීගමුව ආවේ මරියා කන්‍යාරාමය (58.9)
  2. මහනුවර මහාමායා බාලිකා විද්‍යාලය (59.2)
  3. නාවලපිටිය සාන්ත ඇන්ඩෲ බාලිකා විද්‍යාලය (59.6)

වයස අවුරුදු 14න් පහළ:  

  1. නාවල ජනාධිපති බාලිකා විද්‍යාලය (54.2)
  2. පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය (55.3)
  3. රත්නපුර සුමන බාලිකා විද්‍යාලය (55.3)

වයස අවුරුදු 16න් පහළ:

  1. කුරුණෑගල සර් ජෝන් කොතලාවල මධ්‍ය විද්‍යාලය (51.2)
  2. මහනුවර යහපත් එඩේරාගේ කන්‍යාරාමය (51.4)
  3. පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය  (52.2)

වයස අවුරුදු 18න් පහළ:

  1. කුරුණෑගල සර් ජෝන් කොතලාවල මධ්‍ය විද්‍යාලය (51.5)
  2. මියුසියස් බාලිකා විද්‍යාලය (51.7)
  3. වලල ඒ. රත්නායක විද්‍යාලය (51.7)

වයස අවුරුදු 20න් පහළ:

  1. අඹගමුව මහා විදුහල (51.9)
  2. වලල ඒ. රත්නායක විද්‍යාලය  (52.2)
  3. රත්නපුර සුමන බාලිකා විද්‍යාලය (54.1)

දෙවන දිනය (සැප්තැම්බර් 9)

වයස අවුරුදු 18න් පහළ හා 20න් පහළ බාලක හා බාලිකා 4X800m ධාවන ඉසව්වල දී වලල ඒ. රත්නායක විද්‍යාලයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සුවිශේෂී දස්කම් දැක්වීමට සමත් විය.

aaaa

ගියවර සමස්ත බාලක ශූරතාවය ජයග්‍රහණය කළ සාන්ත බෙනඩික්ට් විද්‍යාලය දෙවන දිනය අවසානයේ දී ප්‍රසාද ලකුණු 30ක් ලබාගෙන බාලක අංශයේ පෙරමුණේ පසු වූ අතර, ඔවුන්ට තියුණු අභියෝගයක් එල්ල කළ මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය ප්‍රසාද ලකුණු 29ක් ලබාගෙන එහි දෙවන ස්ථානයේ පසුවිය.

බාලිකා අංශයේ ප්‍රසාද ලකුණු පුවරුව සැලකූ විට වලල ඒ. රත්නායක විද්‍යාලය (ප්‍රසාද ලකුණු 22ක්) හා කුරුණෑගල සර් ජෝන් කොතලාවල මධ්‍ය විද්‍යාලය (ප්‍රසාද ලකුණු 20ක්) අතර උණුසුම් සටනක් නිර්මාණය කරමින් දෙවන දිනය නිමා විය.

බාලක  4×800m අවසන් තරඟ ප්‍රතිඵල

වයස අවුරුදු 18න් පහළ:

  1. වලල ඒ. රත්නායක මධ්‍ය මහා විද්‍යාලය (8:32.0)
  2. මහනුවර සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය (8:39.4)
  3. වෙන්නප්පුව සාන්ත ජෝසප් වාස් විද්‍යාලය (8:43.2)

වයස අවුරුදු 20න් පහළ:

  1. වලල ඒ. රත්නායක මධ්‍ය මහා විද්‍යාලය (8:25.9)
  2. මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය (8:43.7)
  3. සාන්ත පීතර විද්‍යාලය (8:46.0)

බාලිකා  4x800m අවසන් තරග ප්‍රතිඵල

වයස අවුරුදු 18න් පහළ:

  1. වලල ඒ. රත්නායක විද්‍යාලය (10:01.9)
  2. මහඋස්සාව ශ්‍රී රත්නපාල මහා විද්‍යාලය (10:47.6)
  3. වැලිමඩ මධ්‍ය විද්‍යාලය (11:10.2)

වයස අවුරුදු 20න් පහළ:

  1. වලල ඒ. රත්නායක මධ්‍ය මහා විද්‍යාලය (10:15.5)
  2. වැලිමඩ මධ්‍ය විද්‍යාලය (10:58.4)
  3. අඹගස්දූව මහා විද්‍යාලය (11:06.4)

බාලක 4×400m අවසන් තරග ප්‍රතිඵල

වයස අවුරුදු 16න් පහළ:

  1. පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය (3:40.9)
  2. වලල ඒ. රත්නායක විද්‍යාලය (3:41.1)
  3. ත්‍රිත්ව විද්‍යාලය (3:42.5)

වයස අවුරුදු 18න් පහළ:

  1. වලල එ්. රත්නායක විද්‍යාලය (3:29.5)
  2. සාන්ත බෙනඩික්ට් විද්‍යාලය (3:29.9)
  3. මහනුවර සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය (3:30.0)

වයස අවුරුදු 20න් පහළ:

  1. මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය (3:27.1)
  2. වලල ඒ. රත්නායක විද්‍යාලය (3:27.4)
  3. ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලය (3:28.2)

බාලිකා  4x400m අවසන් තරග ප්‍රතිඵල

වයස අවුරුදු 16න් පහළ:

  1. වලල එ්. රත්නායක විද්‍යාලය (4:17.9)
  2. කුරුණෑගල සර් ජෝන් කොතලාවල විද්‍යාලය (4:24.3)
  3. හොරණ තක්ෂිලා විද්‍යාලය (4:29.2)

වයස අවුරුදු 18න් පහළ:

  1. වලල එ්. රත්නායක විද්‍යාලය (4:15.0)
  2. කුරුණෑගල සර් ජෝන් කොතලාවල විද්‍යාලය (4:23.9)
  3. මහඋස්සාව ශ්‍රී රත්නපාල මහා විද්‍යාලය (4:27.5)

වයස අවුරුදු 20න් පහළ:

  1. වලල එ්. රත්නායක විද්‍යාලය (4:13.0)
  2. අඹගමුව මහා විද්‍යාලය (4:24.6)
  3. වැලිමඩ මධ්‍ය විද්‍යාලය (4:29.0)

දෙවන දිනය අවසානයේ සමස්ත බාලක ලකුණු පුවරුව

  1. කොටහේන සාන්ත බෙනඩික්ට් විද්‍යාලය 30
  2. මීගමුව මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය 29
  3. මහනුවර ත්‍රිත්ව විද්‍යාලය 20
  4. වලල ඒ. රත්නායක මධ්‍ය මහා  විද්‍යාලය 20

දෙවන දිනය අවසානයේ සමස්ත බාලිකා ලකුණු පුවරුව

  1. වලල ඒ. රත්නායක මධ්‍ය මහා  විද්‍යාලය 22
  2. කුරුණෑගල සර් ජෝන් කොතලාවල මධ්‍ය විද්‍යාලය 20
  3. රත්නපුර සුමන බාලිකා විද්‍යාලය 16

තෙවන හා අවසන් දිනය (සැප්තැම්බර් 10)

hhhh

තෙවැනි සහ අවසන් දිනයේ දී සාන්ත බෙනඩික්ට් විද්‍යාලය බාලක අංශය යටතේ කැපී පෙනෙන දස්කම් දැක්වීමට සමත් විය. එහි බාලිකා තරග ඉසව්වල දී වලල ඒ. රත්නායක විද්‍යාලයේ ක්‍රීඩිකාවන් දස්කම් අතරට පැමිණියේ වයස අවුරුදු 18න් පහළ හා 20න් පහළ 4x200m ඉසව්වන් ද්විත්වයේම ප්‍රථමයා වෙමිනි.

බාලක 4X200m අවසන් තරග ප්‍රතිඵල

වයස අවුරුදු 14න් පහළ:

  1. සාන්ත පීතර විද්‍යාලය (1:45.2)
  2. කුරුණෑගල සර් ජෝන් කොතලාවල විද්‍යාලය (1:47.1)
  3. ආනන්ද විද්‍යාලය (1:47.7)

වයස අවුරුදු 16න් පහළ:

  1. පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය (1:37.2)
  2. ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය (1:38.6)
  3. කුරුණෑගල සර් ජෝන් කොතලාවල විද්‍යාලය (1:39.4)

වයස අවුරුදු 18න් පහළ:

  1. සාන්ත බෙනඩික්ට් විද්‍යාලය (1:32.4)
  2. රාජකීය විද්‍යාලය (1:34.1)
  3. මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය (1:34.4)

වයස අවුරුදු 20න් පහළ:

  1. සාන්ත බෙනඩික්ට් විද්‍යාලය (1:32.3)
  2. මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය  (1:33.1)
  3. සාන්ත පීතර විද්‍යාලය  (1:33.9)

බාලිකා  4x200m අවසන් තරග ප්‍රතිඵල

වයස අවුරුදු 14න් පහළ:

  1. නාවල ජනාධිපති බාලිකා විද්‍යාලය (1:58.3)
  2. රත්නපුර සුමන බාලිකා විද්‍යාලය (1:59.7)
  3. මහඋස්සාව ශ්‍රී රත්නපාල මහා විද්‍යාලය (2:01.3)

වයස අවුරුදු 16න් පහළ:

  1. කුරුණෑගල සර් ජෝන් කොතලාවල විද්‍යාලය (1:51.8)
  2. පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය (1:53.6)
  3. මහනුවර යහපත් එඩේරාගේ කන්‍යාරාමය (1:54.2)

වයස අවුරුදු 18න් පහළ:

  1. වලල ඒ. රත්නායක විද්‍යාලය (1:51.7)
  2. මියුසියස් විද්‍යාලය (1:52.1)
  3. කුරුණෑගල සර් ජොන් කොතලාවල විද්‍යාලය (1:52.4)

වයස අවුරුදු 20න් පහළ:

  1. වලල ඒ. රත්නායක විද්‍යාලය (1:50.5)
  2. අඹගමුව මහා විද්‍යාලය (1:51.1)
  3. රත්නපුර සුමන බාලිකා විද්‍යාලය (1:52.2)

සමස්ත අවසන් ප්‍රතිඵලය – වයස් කාණ්ඩ අනුව

බාලක (පළමු ස්ථාන පමණි)

  • 12න් පහළ –  ත්‍රිත්ව විද්‍යාලය (ප්‍රසාද ලකුණු 20)
  • 14න් පහළ – සාන්ත පීතර විද්‍යාලය (ප්‍රසාද ලකුණු 22)
  • 16න් පහළ – පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය (ප්‍රසාද ලකුණු 30)
  • 18න් පහළ – සාන්ත බෙනඩික්ට් විද්‍යාලය (ප්‍රසාද ලකුණු 38)
  • 20න් පහළ – මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය (ප්‍රසාද ලකුණු 41)

බාලිකා  (පළමු ස්ථාන පමණි)

  • 12න් පහළ – මීගමුව ආවේ මරියා කන්‍යාරාමය (ප්‍රසාද ලකුණු 15)
  • 14න් පහළ – නාවල ජනාධිපති බාලිකා විද්‍යාලය (ප්‍රසාද ලකුණු 27)
  • 16න් පහළ – කුරුණෑගල සර් ජෝන් කොතලාවල මහා විද්‍යාලය (ප්‍රසාද ලකුණු 37)
  • 18න් පහළ – වලල ඒ. රත්නායක මධ්‍ය විද්‍යාලය (ප්‍රසාද ලකුණු 45)
  • 20න් පහළ – වලල ඒ. රත්නායක මධ්‍ය විද්‍යාලය (ප්‍රසාද ලකුණු 47)

සමස්ත ප්‍රතිඵලය – බාලක

  • 1 වන ස්ථානය – කොටහේන සාන්ත බෙනඩික්ට් විද්‍යාලය (ප්‍රසාද ලකුණු 83)
  • 2 වන ස්ථානය – මීගමුව මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය (ප්‍රසාද ලකුණු 71)
  • 3 වන ස්ථානය – වලල ඒ. රත්නායක මධ්‍ය මහා විද්‍යාලය (ප්‍රසාද ලකුණු 60)

සමස්ත ප්‍රතිඵලය – බාලිකා

  • 1 වන ස්ථානය – වලල ඒ. රත්නායක මධ්‍ය මහා විද්‍යාලය (ප්‍රසාද ලකුණු 112)
  • 2 වන ස්ථානය – කුරුණෑගල සර් ජෝන් කොතලාවල මහා විද්‍යාලය (ප්‍රසාද ලකුණු 66)
  • 3 වන ස්ථානය – රත්නපුර සුමන බාලිකා විද්‍යාලය (ප්‍රසාද ලකුණු 42)

 තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට