පළමු දිනයේම නව වාර්තා තුනක් බිහි වේ

296

34 වැනි දිනට පවත්වනු ලබන සමස්ත ලංකා පාසල් මලල ක්‍රීඩා ශූරතාවලියේ අද (1) ආරම්භ විය. අද දින ඇරඹි ක්‍රීඩා උළෙල දින පහක් (5 වැනිදා) පුරා කොළඹ සුගතදාස එළිමහන් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනු ඇත.

අධ්‍යාපන අමාත්‍ය ගරු අකිල විරාජ් කාරියවසම් මහතාගේ මෙහෙයවීම මත අධ්‍යාපන අමාත්‍යාංශයේ ශාරීරික යෝග්‍යතාවය හා ක්‍රීඩා අංශය විසින් මෙවර ක්‍රීඩා උළෙල සංවිධානය කරයි.

කාණ්ඩ 6ක් යටතේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 5800ක් සුගතදාසයට

සමස්ත ලංකා පාසල් ක්‍රීඩා මලල ක්‍රීඩා ශූරතාවලිය 34 වැනි වතාවටත් ඔක්තෝබර් 1 වැනිදා සිට 5 වැනිදා දක්වා කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී…..

නව තරගාවලි වාර්තාවකින්ම මෙවර ක්‍රීඩා උළෙල ආරම්භ කිරීමට කඳාන සාන්ත සෙබස්තියන් බාලිකා විදුහලේ  W. K. හේශානි මහේශිකාට හැකි විය.

16න් පහළ බාලිකා කවපෙත්ත වීසි කිරීමේ ඉසව්වේ දී මීටර 38.98ක දුරක් වාර්තා කරමින් ඇය විසින් නව තරගාවලි වාර්තාව පිහිටු වනු ලැබීය. පසුගිය වසරේ දී ඇය විසින් තබා තිබූ වාර්තාව, මෙවර ඇය විසින්ම බිඳ හෙළීම විශේෂිත කරුණකි.

12න් පහළ බාලිකා දුර පැනීමේ ඉසව්වෙන් ද නව තරගාවලි වාර්තාවක් පිහිටුවීමට පානදුර යහපත් එඩේරාගේ කන්‍යාරාමයේ L. M. ශිහාරා සඳමිනී සිල්වා සමත් විය.

ඇය විසින් මීටර 4.89ක දුරක් ගුවනේ පාවී ගිය අතර ඇය විසින් බිද හෙළන ලද්දේ ද පසුගිය වසරේ මෙම ක්‍රීඩා උළෙලේ දී ඇය විසින් මීටර 4.55ක දුරක් වාර්තා කරමින් තබා තිබූ වාර්තාවයි.

18න් පහළ බාලිකා තුන් පිම්ම ඉසව්වේ රන් පදක්කම හිමිකර ගැනීමට ගම්පහ සිරිකුරුස විද්‍යාලයේ M. K. P. ලක්ශානිට හැකි වූයේ මීටර 11.86ක දුරක් වාර්තා කිරීමෙනි.

18න් පහළ බාලක හෙල්ල විසි කිරීමේ ඉසව්වේ රන් පදක්කම වයඹ පලාතට හිමි කර දීමට M. තුශ්මින ක්‍රිෂ්මාල් ප්‍රනාන්දු සමත් විය. ඔහු විසින් මීටර 63.47ක දුරකට හෙල්ල විසි කරනු ලැබීය.  

බොරැල්ලේ කේරී විදුහලේ P. M. ඔමෙත් සොනිතු විසින් 12න් පහළ බාලක උස පැනීමේ ඉසව්වේ රන් පදක්කම හිමි කර ගත්තේය. ඔහු මීටර 1.50ක දක්ෂතාවයක් වාර්තා කරන ලදි.

ආසියාවේ කළු වෙළඹට අමාත්‍යංශයෙන් ලොකු පුටුවක්

ඔලිම්පික් රිදී පදක්කම් ලාභී කෙටිදුර ධාවන ශූරී සුසන්තිකා ජයසිංහ මහත්මිය ඊයේ (28) ක්‍රීඩා අමාත්‍යංශයේ නව උපදේශක තනතුරක වැඩ……

අනුරාධපුර මහපොතාන පන්ඩුල විදුහලේ J. A. N. ප්‍රියදර්ශනී විසින් 20න් පහළ බාලිකා යගුලිය විසි කිරීමෙන් ජය හිමිකරගනු ලැබුවේ මීටර 9.86ක දුරකට යගුලිය විසි කිරීමෙනි.

20න් පහළ බාලිකා උස පැනීමේ ඉසව්වෙන් රන් පදක්කම හිමි කර ගැනීමට හොරණ තක්ශිලා මහා විද්‍යාලයේ K. ශානිකා මධුභාෂිනි පෙරේරාට හැකි විය. මීටර් 5.39ක දක්ෂතාවයක් වාර්තා කළ විහාරගල මහා විද්‍යාලයේ W. A. ඉෂාරා සමන්මලී, බාලිකා 16 පහළ දුර පැනීමේ ඉසව්වේ රන් පදක්කම හිමිකර ගත්තාය.

බොහෝ දෙනාගේ අවධානයට ලක්වූ 20න් පහළ බාලක රිටි පැනීමේ ඉසව්වේ ජය හිමි කර ගන්නා ලද්දේ මීටර 4.55ක දක්ෂතාවක් පෙන්නුම් කළ යාපනය චාවකච්චේරි හින්දු විදුහලේ    A. පුවිදරන් විසිනි.

හෙට දිනයේ උදෑසන 8.30 සිට තරග පැවැත්වේ.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<