හෙන්ඩර්සන් දෙවැනි රන් පදක්කමත් දිනා ගනී

229

අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් 35 වන වරටත් සංවිධානය කරනු ලබන සමස්ත ලංකා පාසල් ක්‍රීඩා තරගාවලිය අද (11) තුන්වැනි දිනටත් සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්විය. 

ඉතා උණුසුම් මුහුණුවරක් ගත් තරග ඉසව් රැසක් පැවැත්වුණු අද දිනය පුරාවට නව තරගාවලි වාර්තා 14ක් බිහි කරන්නට තරගාවලියට එක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත් විය. 

දෙවැනි දිනයේ දී නව වාර්තා 11ක්! සමස්ත වාර්තා ගණන 15ක්

35 වැනි වරටත් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සංවිධානය කරනු ලබන සමස්ත ලංකා පාසල් ක්‍රීඩා තරගාවලියේ දෙවන……

ඒ අතරින් මීටර 200 ධාවන ඉසව්වල දී තරගාවලි 3ක්ම බිහි වීම කැපී පෙනෙන්නට වූ සිදුවීමක් විය. ඒ අනුව එහි වයස අවුරුදු 16න් පහළ බාලක ධාවන ඉසව්වේ දී තත්පර 22.16ක කාලයක් වාර්තා කර ගත් කුරුණෑගල සර් ජෝන් කොතලාවල මහා විද්‍යාලයේ සිතුම් ජයසුන්දර සහ එහි වයස අවුරුදු 18න් පහළ බාලක ධාවන ඉසව්වේ දී තත්පර 21.83ක කාලයක් වාර්තා කර ගත් හලාවත සාන්ත මරියා පිරිමි විද්‍යාලයේ මිලින්ද පෙරේරා එසේ නව තරගාවලි වාර්තාවලට හිමිකම් කියද්දී ගේට්වේ ජාත්‍යන්තර පාසලේ සදීපා හෙන්ඩර්සන් එහි වයස අවුරුදු 18න් පහළ බාලිකා ධාවන ඉසව්වේ දී තත්පර 24.88ක කාලයක් වාර්තා කරගනිමින් නව තරගාවලි වාර්තාවකට හිමිකම් කීවේ මෙම තරගාවලිය තුළ ඇය ලබා ගත් දෙවන රන් පදක්කමට ද හිමිකම් කියමිනි. 

එමෙන්ම වයස අවුරුදු 18න් පහළ මීටර 100×4 බාලක ධාවන ඉසව්වේ දී විශිෂ්ට ධාවනයක් දියත් කළ බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලයීය කණ්ඩායම තත්පර 42.15ක කාලයක් වාර්තා කරගනිමින් නව තරගාවලි වාර්තාවක් පිහිටුවීමට සමත් වූ අතර වයස අවුරුදු 16න් පහළ මීටර 400×4 බාලක සහ බාලිකා තරග ඉසව් ද්විත්වයේම නව තරගාවලි වාර්තා බිහි වූයේ පිළිවෙළින් සර් ජෝන් කොතලාවල මහා විද්‍යාලයීය කණ්ඩායම මිනිත්තු 3:27.57ක කාලයක් වාර්තා කරමිනුත්, වලල ඒ. රත්නායක මධ්‍ය මහා විද්‍යාලයීය ක්‍රීඩිකාවන් මිනිත්තු 3:56.77ක කාලයක් වාර්තා කරගනිමිනුත් එම ඉසව් අවසන් කරමින් එම ඉසව් වල පැරණි වාර්තා බිඳ දැමීමත් සමඟයි.

පාසල් ක්‍රීඩා තරගාවලිය ආරම්භයේ දී නව වාර්තා 4ක්

අධ්‍යාපන අමාත්‍යාංශය විසින් 35 වැනි වරටත් සංවිධානය කරන සමස්ත ලංකා පාසල් ක්‍රීඩා තරගාවලියේ තරග…..

තවදුරටත් වයස අවුරුදු 18න් පහළ බාලක මීටර 110 කඩුලු මතින් දිවීමේ තරග ඉසව්වට එක්වූ කොළඹ රාජකීය විද්‍යාලයේ නදුන් බණ්ඩාර තත්පර 13.80ක කාලයක් වාර්තා කරගනිමින් සහ වයස අවුරුදු 14න් පහළ බාලක මීටර 80 කඩුලු මතින් දිවීමේ ඉසව්වට එක්වූ කොටහේන සාන්ත බෙනඩික්ට් විද්‍යාලයේ ඇන්ජෙලෝ විදූෂ තත්පර 11.55ක කාලයක් වාර්තා කරගනිමින් තරගාවලි වාර්තා වලට හිමිකම් කියන්නට සමත් වූහ. 

එහි දී තවදුරටත් වයස අවුරුදු 18න් හා 16න් පහළ බාලිකා මීටර 100 කඩුලු මතින් දිවීමේ තරග ඉසව්වල දී පිළිවෙළින්  තත්පර 14.55ක කාලයක් වාර්තා කර ගත් පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ සෙනුරි අනුත්තරා සහ තත්පර 14.83ක කාලයක් වාර්තා කර ගත් රත්නපුර සුමන බාලිකා විද්‍යාලයේ එස්. ඩී. කහඳගම ද නව තරගාවලි වාර්තාවන් වලට හිමිකම් කියන්නට සමත් වූහ. 

වයස අවුරුදු 12න් පහළ බාලක දුර පැනීමේ තරග ඉසව්වේ තරගාවලි වාර්තාව මීටර 5.18ක දක්ෂතාවයක් දැක්වූ මිනුවන්ගොඩ මාරපොල මහා විද්‍යාලයේ ඒ. එන්. මින්සර විසින් තමන් සතුකර ගනිද්දී අද දිනය තුළ බාලක ඉසව්වල බිහි වූ අවසන් තරගාවලි වාර්තාව වයස අවුරුදු 14න් පහළ යගුලිය දැමීමේ ඉසව්වේ දී මීටර 15.03ක දක්ෂතාවයක් වාර්තා කර ගත් මඩකලපුව අන් නූර් මහා විද්‍යාලයේ ආර්. ඒ. ඒමාන් විසින් හිමිකරගනු ලැබීය. 

චෙල්සි චෝදනාවලින් නිදහස් කරයි

යොවුන් කෙටිදුර ධාවන ක්‍රීඩිකාවක් වන චෙල්සි මෙලනි බෙන්දරගේ හට එල්ල වූ තහනම් උත්තේජක චෝදනා වලින් ඇය නිදහස්…..

දිනයේ කාන්තා තරග ඉසව් වල බි හිවූ අවසන් තරගාවලි වාර්තාව තම නම ඉදිරියේ සටහන් කර ගනු ලැබුවේ වයස අවුරුදු 18න් පහළ කවපෙත්ත විසිකිරීමේ තරග ඉසව්වේ දී මීටර 37.55ක දක්ෂතාවයක් වාර්තා කර ගත් කඳාන සාන්ත සෙබස්තියන් විද්‍යාලයේ හේෂානි මහේෂිකා විසිනි. 

තවදුරටත් වයස අවුරුදු 14න් පහළ බාලිකා උස පැනීමේ තරග ඉසව්වේ පැවති තරගාවලි වාර්තාව සම කරන්නට එහි දී මීටර 1.53ක දක්ෂතාවයක් වාර්තා කරගත් ඉබ්බාගමුව ගෝනිගොඩ මහා විද්‍යාලයේ කෙත්මිනී කුමාරි හේරත් සමත්කම් පෑවාය.

මීටර 800 අවසන් මහා තරග ඇතුළු තවත් ඉතා උණුසුම් තරග ඉසව් රැසක්ම තරගාවලියේ සිව්වැනි දිනය වන හෙට (02) දිනයේ දීත් කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දීම පැවැත්වීමට නියමිතයි. 

තරගාවලියේ වැඩිදුර තොරතුරු, නව පුවත්, ඡායාරූප, වීඩියෝ පට ඇතුළු තවත් විශේෂාංග රැසක් සඳහා රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය ThePapare.com සමඟින්.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<