2016 සමස්ත ලංකා ජාතික පාසල් දැල්පන්දු ශූරතාවලියේ වයස අවුරුදු 17 සහ 19න් පහල අංශයන්හි ශූරතාවය දිනාගැනීමට කුරුණෑගල ශුද්ධ වූ පවුලේ කන්‍යාරම ක්‍රීඩිකාවෝ සමත් වූහ.

සැප්තැම්බර් 09, 10, 11 යන තෙදින පුරා වයස් කාණ්ඩ 3ක් යටතේ තරග පැවැත්වූයේ කුරුණෑගල ශාන්ත ආනා විද්‍යාලීය ක්‍රීඩා පිටියේදිය.

ශූද්ධ වු පවුලේ කන්‍යාරාමය 15න් පහල තරගාවලියේදි මලියදේව බාලිකා විද්‍යාලය හමුවේ 14-12ක් ලෙස පරාජය නොවුනා නම් ඔවුන්ට සමස්ත වයස් කාණ්ඩ 3ම ශූරතාවය සිය පාසල් සෙවනට ගෙන යෑමට හැකී වීමට තිබුනි.

වයස අවුරුදු 19න් පහල ශූරතාවය

දෙහිවල ප්‍රෙස්බෙටීරියන් බාලිකා විද්‍යාලය සමඟ පැවැත්වුනු මෙම තරගාවලියේදි ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය ලකුණු 31-23ක් ලෙස ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් විය.

ශුද්ධ වූ පවුලේ කන්‍යාරාම ක්‍රීඩිකාවන්ගේ දුර්වලතා මනා ලෙස උපයෝගි කර ගනිමින් දෙහිවල ක්‍රීඩිකාවෝ පළමු අර්ධය නිමාවන විට 13-12ක් ලෙස තරගයේ පෙරමුණ ගැනීමට සමත් විය.

කෙසේ නමුත් දෙවැනි අර්ධයේ දි සිය දුර්වලතාවයන් මනා ලෙස හදුනාගත් කන්‍යාරමයේ ක්‍රීඩිකාවෝ දෙවැනි අර්ධයේදි පෙරමුණ ගැනීමට සමත් වූ අතර තරගය නිමාවන විට කන්‍යාරාම ක්‍රීඩිකාවෝ අතිරේකව ලකුණු 19ක් සහ දෙහිවල ක්‍රීඩිකාවෝ ලකුණු 10ක් ද සමඟින් මුළු ලකුණු 31-23ක් ලබා ගනිමින් ශූරතාවයට හිමිකම් කීමට සමත් වූහ.

අර්ධ අවසන් වටයේදි කුරුණෑගල මලියදේව බාලිකා විදුහල 28-31 ලෙස පරාජය කරමින් දෙහිවල ප්‍රෙස්බෙටීරියන් බාලිකා විද්‍යාලය අවසන් සටනට අසුන් වෙන් කරගත් අතර සේක්‍රඩ් හාර්ට් කන්‍යාරාමය ලකුණු 33-08 ලෙසින් පරාජය කරමින් ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය අවසන් සටනට අසුන් වෙන් කරගන්නා ලදි.

අර්ධ අවසන් පූර්ව වටයේ තරගවලදි ශුද්ධ වූ පවුලේ කන්‍යාරාම ක්‍රීඩිකාවෝ හිල්වුඩ් විද්‍යාලය, දෙහිවල සහ මහනුවර ප්‍රෙස්බෙටීරියන් බාලිකා විද්‍යාලයන් පරාජය කිරීමට සමත් වූහ.

  • 19න් පහල දක්ෂතම ක්‍රීඩිකාව – එස්. එස්. සත්‍යා (කුරුණෑගල ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය)

වයස අවුරුදු 17න් පහල ශූරතාවය

මහනුවර හිල්වුඩ් විද්‍යාලය සහ ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය අතර පැවති මෙම තරගයෙන් ලකුණු 21-13ක් ලෙස ජයග්‍රහණය හිමිකරගත්තේ ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය යි.

තරගය අතරතුරදි 7-3ක් 17-9ක් ලෙසින් පෙරමුණ ගැනීමට ශුරතාවය දිනාගත් ක්‍රීඩිකාවෝ සමත් වූහ.

අවසන් පූර්ව වටයේදි 21-15ක් ලෙස මහනුවර උසස් බාලිකා විද්‍යාලය පරාජය කරමින් ශුද්ධ වු පවුලේ කන්‍යාරාම ක්‍රීඩිකාවෝ අවසන් තරගයට පිවිසි අතර විසාකා විද්‍යාලය 21-15ක් ලෙස පරාජය කරමින් හිල්වුඩ් ක්‍රීඩිකාවෝ අවසන් තරගයට අසුන් වෙන් කරගන්නා ලදි.

අර්ධ අවසන් පූර්ව වටයේ තරග වලදි හිල්වුඩ් විද්‍යාලය, කළුතර බාලිකා විද්‍යාලය සහ ශ්‍රී සන්මුහ හින්දු කාන්තා විද්‍යාලය පිලිවෙලින් පරාජය කිරීමට ශූද්ධ වූ පවුලේ කන්‍යාරාම ක්‍රීඩිකාවන් සමත් විය.

  • 17න් පහල දක්ෂතම ක්‍රීඩිකාව – සුසීමා කුමාරී (කුරුණෑගල ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය)

වයස අවුරුදු 15න් පහල ශූරතාවය

ශුද්ධ වු පවුලේ කන්‍යාරාම ක්‍රීඩිකාවන්ට ජයග්‍රහණය කිරීමට නොහැකි වු තරගයක් වන මෙයින් කරට කර තරගයකින් පසුව 14-12ක් ලෙස ජය හිමි කරගත්තේ මලියදේව බාලිකා විද්‍යාලයයි.

මලියදේව ක්‍රීඩිකාවන්ට එක් ලකුණක වාසියක් සමඟින් ප්‍රථම අර්ධය නිමා වූයේ 7-6ක් ලෙසිනි. දෙවැනි අර්ධයේදි එම පරතරය ලකුණු 2ක් දක්වා වැඩි කරගැනීමට මලියදේව ක්‍රීඩිකාවෝ සමත් වූ අතර ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයට ඔවුන් ඉක්මවා යමින් ලකුණු රැස් කිරීමට අපොහොසත් විය.

අර්ධ අවසන් පූර්ව වටයන්හිදි 14-7ක් ලෙස කළුතර ශුද්ධ වු පවුලේ කන්‍යාරාමය පරාජය කල කුරුණෑගල ශුද්ධ වු පවුලේ කන්‍යාරාමයද, 16-13 ලෙසින් විසාකා විද්‍යාලය පරාජය කල මලියදේව බාලිකා විදුහලද අවසන් මහා සටනේ සිය ස්ථානයන් වෙන්කරගැනීමට සමත් වූහ.

  • 15න් පහල දක්ෂතම ක්‍රීඩිකාව – සන්දනී නිහාරා මාදම්පගේ (මලියදේව බාලිකා විද්‍යාලය)

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට