ශූරතා දෙකම ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයට

439

කොළඹ ටොරිංටන් පිටියේ දී පැවැත්වූ සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙලේ දැල්පන්දු තරගාවලියේ වයස අවුරුදු 16න් පහළ හා 18න් පහළ ශූරතා ද්විත්වයම ජයග්‍රහණය කිරීමට කුරුණෑගල ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයේ ක්‍රීඩිකාවෝ සමත් වූහ. එහි දී ඔවුන් හමුවේ පරාජය වූයේ කොළඹ විශාඛා විද්‍යාලයයි.

ජාතික මහා ක්‍රීඩා උළෙලේ පිහිනුම් ශූරතාවය නැවතත් බස්නාහිරට

43 වන ජාතික මහා ක්‍රීඩා උළෙලේ පිහිනුම් ශූරතාවලිය පසුගිය 18 හා 19 දෙදින තුළ සුගතදාස පිහිනුම් සංකීර්ණයේ දී පැවැත්විය…

වයස අවුරුදු 18න් පහළ කාණ්ඩය

සුසීමා කුමාරි හා සෙත්මි දනෝශි වැනි ජාතික යොවුන් දැල්පන්දු කණ්ඩායම නියෝජනය කරන දක්ෂ ක්‍රීඩිකාවන්ගෙන් සන්නද්ධ කුරුණෑගල ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය හමුවේ ලකුණු 28–18ක් ලෙස පරාජය වීමට විශාඛා විද්‍යාලයට සිදු විය.

අවසන් පූර්ව වටයේ දී විශාඛා විද්‍යාලයීය ක්‍රීඩිකාවන් විසින් මහනුවර හිල්වුඩ් විද්‍යාලය පරාජය කළ අතර එහි ලකුණු පුවරුව ලකුණු 25–16ක් ලෙස දැක්විය. අනෙක් අවසන් පූර්ව තරගය ලකුණු 22–16ක් ලෙස ජයග්‍රාහීව අවසන් කිරීමට ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයේ ක්‍රීඩිකාවන්ට හැකි විය.

එහි තෙවන ස්ථානය සඳහා තියුණු සටනක් පැවැත්වූ අතර, අවසානයේ කළුතර බාලිකා විද්‍යාලය එම තරගය ලකුණු 26–25ක් ලෙස අවසන් කරමින් සිය ස්ථානය තහවුරු කර ගනු ලැබීය.

වයස අවුරුදු 18න් පහළ තරග ප්‍රතිඵල

සුපිරි 16 දෙනාගේ වටය

  • මහනුවර හිල්වුඩ් විද්‍යාලය 24 – 14 මාතර සාන්ත මරියා කන්‍යාරාමය
  • කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලය 27 -17 යාපනය අර්ලි සර්වස්ති විද්‍යාලය
  • රන්වල මහාඟ මහා විද්‍යාලය 15 – 10 මාතර සුජාතා බාලිකා විද්‍යාලය
  • මොනරාගල දුටුගැමුණු මහා විද්‍යාලය 4 – 30 විශාඛා විද්‍යාලය
  • ශ්‍රී සිද්ධාර්ථ මධ්‍ය මහා විද්‍යාලය 17 -29 කළුතර බාලිකා විද්‍යාලය
  • මඩකලපුව වන්තවමෝලි ව්ද්‍යාලය 13 – 33 අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය
  • බදුල්ල විශාඛා උසස් බාලිකා විද්‍යාලය නොපැමිණීම නිසා කළුතර ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයට නිතරග ජයක්
  • කුරුණෑගල ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය 31 – 18 යාපනය මෙතෝදිස්ත බාලිකා විද්‍යාලය

අර්ධ අවසන් පූර්ව තරග

  • මහනුවර හිල්වුඩ් විද්‍යාලය 20 – 18 කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලය
  • රන්වල මහාඟ මහා විද්‍යාලය 05 – 24 විශාඛා විද්‍යාලය
  • කළුතර බාලිකා විද්‍යාලය 40 – 18 අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය
  • කුරුණෑගල ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය 31 – 18 කළුතර ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය

අවසන් පූර්ව තරග

  • මහනුවර හිල්වුඩ් විද්‍යාලය 16 – 25 විශාඛා විද්‍යාලය
  • කළුතර බාලිකා විද්‍යාලය 16 – 22 කුරුණෑගල ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය

තෙවන ස්ථානය සඳහා වූ තරගය

  • මහනුවර හිල්වුඩ් විද්‍යාලය 25 – 26 කළුතර බාලිකා විද්‍යාලය

අවසන් මහා තරගය

  • විශාඛා විද්‍යාලය 18 – 28 කුරුණෑගල ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය

වයස අවුරුදු 16න් පහළ කාණ්ඩය

විශාඛා විද්‍යාලය මෙම වයස් කාණ්ඩයේ අවසන් මහා තරගයට සහභාගී වූ නමුත් එහි දී ද ලකුණු 27–25ක් ලෙස කුරුණෑගල ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය හමුවේ පරාජය වීමට සිදු වූයේ නැවතත් අනුශූරතාවයට හිමිකම් කියමිනි.

මෙහි අවසන් පූර්ව තරගවල දී මියුසියස් විද්‍යාලය ලකුණු 19–22ක් ලෙස කුරුණෑගල ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය හමුවේ පරාජය වූ අතර, කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලය ලකුණු 14–22ක් ලෙස කොළඹ විශාඛා විද්‍යාලය හමුවේ පරාජය විය.

කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලය විසින් මියුසියස් විද්‍යාලය ලකුණු 21–17ක් ලෙස පරාජය කර එහි තෙවන ස්ථානය හිමි කර ගන්නා ලදි.

සුපිරි 16 දෙනාගේ තරග වටය

  • කුරුණෑගල ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය 17 -14 යාපනය අර්ලි සර්වස්ති විද්‍යාලය
  • ගාල්ල සේක්‍රඩ් හාර්ට් කන්‍යාරාමය 17  – 10 ශ්‍රී සිද්ධාර්ථ මධ්‍ය මහා විද්‍යාලය
  • මහනුවර හිල්වුඩ් විද්‍යාලය 11 – 09 අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය
  • සර් ජෝන් කොතලාවල විද්‍යාලය 04 – 24 මියුසියස් විද්‍යාලය
  • රන්වල මහාඟ මහා විද්‍යාලය 11 – 22 විශාඛා විද්‍යාලය
  • මහනුවර උසස් බාලිකා විද්‍යාලය 28 – 06 හුංගම විජයබා ජාතික පාසල
  • බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලය 09 – 22 කළුතර ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය
  • මහනුවර ආදර්ශ විද්‍යාලය 07 – 27 කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලය

අර්ධ අවසන් පූර්ව තරග

  • කුරුණෑගල ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය 23 –  9 ගාල්ල සේක්‍රඩ් හාර්ට් කන්‍යාරාමය
  • මහනුවර හිල්වුඩි විද්‍යාලය 15 – 14 මියුසියස් විද්‍යාලය
  • විශාඛා විද්‍යාලය 22 – 11 මහනුවර උසස් බාලිකා විද්‍යාලය
  • කළුතර ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය 17 – 18 කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලය

අවසන් පූර්ව තරග

  • මියුසියස් විද්‍යාලය 19 – 22 කුරුණෑගල ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය
  • කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලය 14 – 22 විශාඛා විද්‍යාලය

තෙවන ස්ථානය සඳහා වූ තරගය

  • කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලය 21 – 17 මියුසියස් විද්‍යාලය

අවසන් මහා තරගය

  • විශාඛා විද්‍යාලය 25 – 27 කුරුණෑගල ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<