සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙලේ දක්ෂතා

1300

2018 වසරේ දී පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගී වන අවසන් පාසල් ක්‍රීඩා සැණකෙළිය සමස්ත ලංකා පාසල් මලල ක්‍රීඩා උළෙලයි. ඔක්තෝබර් 1 සිටි 5 දක්වා දින පහක් පුරාවට කොළඹ සුගතදාස ධාවන පථයේ දී පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 5000කට අධික ප්‍රමාණයක්, වයස් කාණ්ඩ 5ක් යටතේ දී සටන් වැදුණු අතර එම ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතරින් දක්ෂතා දැක්වූ අතලොස්සක් පිළිබඳව මේ ලිපියෙන් දැනුවත් කරයි.

සමස්ත ලංකා පාසල් මලල ක්‍රීඩා තරගාවලි ඉතිහාසයේ වැඩිම තරග වාර්තා ප්‍රමාණයක් (වාර්තා ගණන 46ක්) අලුත් වූ මෙවර තරගාවලියේ දී දක්නට ලැබුණු විශේෂ කරුණක් නම් මලල ක්‍රීඩාව වටා නැවතත් වැඩි වැඩියෙන් පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන් එක්රොක් වන බවයි.

හිරුෂට ලැබුණු අලුත් අභියෝගය රස්නි

රිස්නි වයස අවුරුදු 16න් පහළ බාලක මීටර් 100  නව තරග වාර්තාව පිහිටුවමින්

වයස අවුරුදු 16න් පහළ බාලක මීටර් 100 ඉසව්වේ වර්තමාන ආධිපත්‍ය උසුලන්නේ සාන්ත පීතර විද්‍යාලයේ හිරුෂ හෂේන්ය. නමුත් මෙවර හිරුෂට දැවැන්ත පීඩනයක් එල්ල කරන්නට අගනුවරින් පිටත ක්‍රීඩකයෙකු සමත් වීම කැපී පෙනෙන කරුණකි.

2014 වසරේ දී සාන්ත බෙනඩික්ට් විද්‍යාලයේ ශෙහාන් රාජපක්ෂ තබා තිබූ තත්පර 11.24ක වාර්තාව, තත්පර 11.16ක කාලයක් වාර්තා කරමින් බිඳ දමන්නට පොල්ගහවෙල අල්. ඉර්ෆාන් මහා විද්‍යාලයේ රස්නි අහමඩ් සමත් වූයේ හිරුෂව දෙවැනි ස්ථානය දක්වා ඇද දමමිනි. පසුගිය දා නිමා වූ ශ්‍රීමත් ජෝන් ටාබට් මලල ක්‍රීඩා උළෙලේ දී ඔහුට සිව්වැනි ස්ථානයෙන් සෑහීමට පත්වන්නට සිදු වූවත්, මේ වන විට ඔහු හිරුෂට අභියෝගයක් වී අවසන් ය.

දක්ෂතම ක්‍රීඩකයා කුරුණෑගලෙන්; ක්‍රීඩිකාව කොළඹින්

බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය සහ වලල A. රත්නායක යන විදුහලට ශූරතා ගෙන..

බෙන්තරින් බිහි වූ අලුත් කෙටිදුර ශූරිය චෙල්සි

චෙල්සි වයස අවුරුදු 18න් පහළ බාලිකා මීටර් 100  නව තරග වාර්තාව පිහිටුවමින්

පසුගිය දා නිමාවූ ශ්‍රීමත් ජෝන් ටාබට් ජ්‍යේෂ්ඨ මලල ක්‍රීඩා උළෙලේ  වැඩි වශයෙන් කතාබහට ලක්වූ 100×4 සහය දිවීමේ ඉසව්ව කුමක් දැයි ඇසුවොත් අවිවාදයෙන් සිහියට නැගෙන්නේ බෙන්තර ක්‍රීඩිකාවන් සහභාගී වූ තරගයි. එම ක්‍රීඩිකාවෝ සමස්ත ලංකා ක්‍රීඩා උළෙලේදීත් එම ඉසව්ව කිසිදු තරගයකින් තොරව ජය ගැනීමට සමත් වූහ.

එම කණ්ඩායමේ අවසන් මීටර් 100 වෙනුවෙන් ධාවනයේ නිරත වූ චෙල්සි මෙලනි බෙන්දරගේ මෙවර සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙලේ මීටර් 100 බාලිකා ඉසව්වේ ද නව වාර්තාවක් පිහිටුවීමට සමත් වූවාය. පසුගිය වසරේ මාතර සාන්ත මරියා කන්‍යාරාමයේ එවන්ති ඉමේෂිකා තත්පර 12.37කින් තබා තිබූ වාර්තාව මෙවර චෙල්සි බිඳ දමන්නේ තත්පර 12.27ක කාලයක් වාර්තා කරමිනි.

ගාලු පුරේ කළු වෙළඹ – චෙල්සි

තත්පර දෙකකින් ඇයවම පැරදවූ ඈ

කාවින්දි වාර්තාව අභියස

නාවල ජනාධිපති බාලිකා විද්‍යාලයේ කාවින්දි සංජානි වයස අවුරුදු 16න් පහළ බාලිකා මීටර් 400 ඉසව්වේ වර්තමාන ශූරියයි. පසුගිය වසරේ දී තත්පර 58.67ක් කාලයක් වාර්තා කරමින් ඇය තබා තිබූ වාර්තාව මෙම වසරේ දී ඇයි විසින් තත්පර 56.91කට ගෙන එනු ලැබීය. විශේෂත්වයට කරුණ නම් නිමාවුණු ශ්‍රීමත් ජෝන් ටාබට් උළෙලේ දී ඇය තත්පර 56.88ක කාලයක් වාර්තා කරමින් නව වාර්තාවකට හිමිකම් කීමයි.

අගනුවර ශක්තිවන්තිය සරිෂා

වයස අවුරුදු 18න් පහළ බාලිකා කවපෙත්ත ඉසව්ව අතරතුර

කවපෙත්ත සේම යගුලිය ද එක සේ හුරුපුරුදු සරිෂා ගුණසේකර කොළඹ කාන්තා විද්‍යාලය නියෝජනය කරමින් මෙවර සමස්ත ලංකා පාසල් තරගාවලියේ දී වයස අවුරුදු 18න් පහළ බාලිකා යගුලිය දැමීමේ ඉසව්වේ දී නව තරග වාර්තාවක් පිහිටුවීය.

2006 වසරේ දී කොළඹ මියුසියස් විද්‍යාලයේ දෙව්නි මධුරප්පෙරුම විසින් දැක්වූ මීටර් 11.82ක වාර්තාව බිඳ හෙලමින් සරිෂා මෙවර මීටර් 13ක දක්ෂතාවයක් පෙන්වමින් වසර 12ක වාර්තාවක් බිඳ හෙලීමට සමත් විය. ඇය කවපෙත්ත විසිකිරීමේ ඉසව්වෙන් ද තෙවන ස්ථානය දිනා ගන්නට සමත් වූවාය.

වසර 17ක වාර්තාවකට අලුත් හිමිකාරයෙක්

සමස්ත ලංකා පාසල් මලල ක්‍රීඩා උළෙල අද (04) හතර වැනි දිනටත් කොළඹ සුගතදාස..

වසර 10ක කන්ද උඩරට වාර්තාව බිඳ හෙලූ දිනාරා

දිනාරා වයස අවුරුදු 16න් පහළ බාලිකා මීටර් 100 වාර්තාව තබමින්

දෙහිවල ඇලීතියා විද්‍යාලයේ දීප්තිමත් කනිෂ්ඨ ක්‍රීඩිකාවක් වන දිනාරා බණ්ඩාර මෙවර සමස්ත ලංකා පාසල් තරගාවලියේ දී වසර 10ක් පැරණි වාර්තාවක් බිඳ හෙලීමට සමත් විය. ඒ 2008 වසරේ දී මහනුවර මහාමායා බාලිකා විද්‍යාලයේ අක්ෂානා මාරලන්ද ක්‍රීඩිකාව විසින් තබා තිබූ තත්පර 12.67ක වාර්තාවයි. දිනාරා මෙවර තත්පර 12.65ක කාලයකින් ඉසව්ව අවසන් කරමින් නව තරග වාර්තාව පිහිටුවීම කැපී පෙනිණි.

වසර 10ක වාර්තාවක් අලුත් කළ පුංචි මලල ක්‍රීඩිකාව

17 වසරක වාර්තාව බිඳ හෙලූ සූරියවැව පොඩ්ඩා දිනූෂ

මීටර් 800 ඉසව්වෙන් නව වර්තාව තබමින්

2001 වසරේ දී සිටි කීර්තිමත් මලල ක්‍රීඩකයෙකු වන වලල ඒ. රත්නායක විද්‍යාලයේ මනෝජ් පුෂ්පකුමාර, වයස අවුරුදු 18න් පහළ මීටර් 800 ඉසව්වෙන් මිනිත්තු 1.56.30 කාලයක් වාර්තා කරමින් තබා තිබූ වසර 17ක් පැරණි වාර්තාව බිඳ හෙලන්නට සාන්ත පීතර ක්‍රීඩක දිනූෂ ද සිල්වා සමත් විය. ඒ මිනිත්තු 1.54.74ක දක්ෂතාවයක් වාර්තා කරමිනි.

88 වැනි ජෝන් ටාබට් මලල ක්‍රීඩා උළෙලේ අභිෂේක

ජාතික මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ තිඹිරිගෙය බඳු “ශ්‍රීමත් ජෝන් ටාබට් මලල ක්‍රීඩා තරගාවලිය..

සාන්ත පීතර විදුහලේ රන් තරුව හිරුෂ

මීටර් 400×4 සහය දිවීමේ ඉසව්ව අතරතුර

පසුගිය ජෝන් ටාබට් මලල ක්‍රීඩා උළෙලේදීත් රන් පදක්කම් 5ක් දිනා ගන්නට සමත් වූ හිරුෂ මෙවර සමස්ත ලංකා පාසල් තරගාවලියේදීත් රන් පදක්කම් 3ක් සහ රිදී පදක්කම් 2ක් දිනා ගන්නට සමත් විය. ඒ සමඟින් තවත් නව තරග වාර්තා දෙකක් අලුත් කරන්නට ඔහු සමත් වී තිබීම විශේෂත්වයකි.

වයස අවුරුදු 16න් පහළ මීටර් 200 ඉසව්ව තත්පර 22.53කින් අවසන් කරමින් එක් තරග වාර්තාවක් ද, වයස අවුරුදු 16න් පහළ බාලක දුර පැනීමේ ඉසව්වේ දී මීටර් 7.04ක දක්ෂතාවයක් වාර්තා කරමින් නව තරග වාර්තාවක් ද ඔහු විසින් පිහිටුවිය. මීටර් 100 ඉසව්වේ දී ඔහුට රිදී පදක්කම හිමි වීම ද විශේෂයෙන් සඳහන් කළ යුතුය.

>> ඡායාරූප ඇල්බමය සමාප්ති උළෙල

විසිකිරීමේ ඉසව්වේ කනිෂ්ඨ ශූරයා රුමේෂ්

රුමේෂ් කවපෙත්ත විසි කිරීමේ ඉසව්ව අතරතුරදී

හෙල්ල විසිකිරීමේ හා කවපෙත්ත විසිකිරීමේ ඉසව්ව නියෝජනය කරන වයස අවුරුදු 16න් පහළ වයස් කාණ්ඉයේ වර්තමාන ශූරයා වන්නේ රුමේෂ් තරංගයි. කවපෙත්ත ඉසව්වෙන් මීටර් 55.58ක දක්ෂතාවයක් වාර්තා කරමින් නව තරග වාර්තාවක් ද, හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් මීටර් 66.49ක දක්ෂතාවයක් ප්‍රදර්ශනය කරමින් නව තරග වාර්තාවක් ද පිහ්ටුවීමට ඔහු සමත් විය.

දක්ෂතම කඩුලු මතින් දුවන්නා ශෙෂාන්

ශෙෂාන් තම ඉසව්ව අතරතුර

මරදාන සාන්ත ජෝසප් විද්‍යාලයේ ශෙෂාන් දිලූෂ කාරියවසම් වයස අවුරුදු 20න් පහළ මීටර් 110 කඩුලු මතින් දිවීමේ ඉසව්වේ දී නව තරග වාර්තාවක් පිහිටුවමින් තත්පර 14.21කින් ඉසව්ව අවසන් කළේය. ඒ සමඟින් 2015 වසරේ දී ගලේවෙල මධ්‍ය විද්‍යාලයේ අයි. මිලින්ද තත්පර 14.23කට තබා තිබූ වාර්තාව බිඳ වැටිණි. මෙවර සමස්ත ලංකා පාසල් මලල ක්‍රීඩා උළෙලේ දක්ෂතම කඩුලු මතින් දුවන්නාට හිමි සම්මානය ද දිනා ගන්නට ශෙෂාන් දිලූෂ සමත් වීම විශේෂත්වයකි.

වසරේ දක්ෂතම ක්‍රීඩකයා පසිඳු

පසිඳු කොඩිකාර තම ඉසව්ව අවසන් කරමින්

2018 වසරේ දක්ෂතම ක්‍රීඩකයාට හිමි සම්මානය, දකුණු ආසියානු හා ආසියානු රන් පදක්කම් ලාභී පසිඳු කොඩිකාර විසින් දිනා ගත්තේය. පසිඳු පසුගිය දා නිමාවුණු ආසියානු ක්‍රීඩා උළෙලේ දී මීටර් 400*4 සහය දිවීමේ ඉසව්වෙන් නියෝජනය කළ ක්‍රීඩකයෙකු වන අතර වර්තමානයේ සිටින මීටර් 400 ධාවකයන් අතර සිව්වැන්නා ද වේ.

Video – ආසියානු ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකාවේ දස්කම්

සිව්වැනි වරටත් කිසිදු පදක්කමක් රහිතව ආසියානු ක්‍රීඩා උළෙල නිමා කළ ශ්‍රී ලංකා ක්‍රීඩක..

දක්ෂතම ක්‍රීඩිකාව රන්දී

2018 වසරේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස ගේට්වේ ජාත්‍යන්තර පාසලේ රන්දී කුරේ සම්මාන දිනා ගත් අතර හොඳම පනින්නියට හිමි සම්මානය ද ඇයට හිමි වීම විශේෂත්වයකි. ඇය මෙවර වයස අවුරුදු 20න් පහළ බාලිකා තුන් පිම්ම ඉසව්වෙන් මීටර් 12.74ක දක්ෂතාවයක් වාර්තා කරමින් නව තරග වාර්තාවක් පිහිටුවීමට ද සමත් වූවාය.

සමස්ත බාලක ශූරතාව සාන්ත පීතර විදුහලට

ජයග්‍රාහී සාන්ත පීතර කණ්ඩායම

2018 වසරේ සමස්ත බාලක ශූරතාවය දිනා ගන්නට කොළඹ සාන්ත පීතර විද්‍යාලය සමත් විය. ඒ පසුගිය වසරේ ශූරතාව දිනූ මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය පරාජය කරමිනි. සාන්ත පීතර විද්‍යාලය ලකුණු 165ක් ලබා ගනිමින් තම ස්ථානය තහවුරු කර ගත් අතර මාරිස් ස්ටෙල්ලා විද්‍යාලයට ලබාගත හැකි වූයේ ලකුණු 88ක් පමණි.

සමස්ත බාලිකා ශූරතාව වලල රත්නායක විද්‍යාලයට

ජයග්‍රාහී වලල ඒ. රත්නායක විද්‍යාලයීය කණ්ඩායම

සුපුරුදු පරිදි බාලිකා මලල ක්‍රීඩාවේ මුදුන් මල්කඩ බඳු වූ කන්ද උඩරට දැවැන්ත නාමයක් උසුලන වලල ඒ. රත්නායක ක්‍රීඩිකාවන් සමස්ත ලකුණු 187ක් ලබා ගනිමින් 2018 සමස්ත පාසල් බාලිකා ශූරතාවය දිනාගත් අතර ඒ සමස්ත ලකුණු 80ක් ලබා ගත් ප්‍රබල සුමන බාලිකාව දෙවන ස්ථානයෙහි රඳවමිනි.

අනාගත මලල ක්‍රීඩාවේ තෝතැන්න, සමස්ත ලංකා පාසල් මලල ක්‍රීඩා උළෙලේ තවත් පරිච්ඡේදයක් මෙසේ නිමාවට පත්වූයේ අනාගත මලල ක්‍රීඩා අරඹට තවත් තාරකා රාශියක් තිලිණ කරවමිනි.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<