එංගලන්ත ලෝක කුසලාන සංචිතයෙන් ක්‍රීඩකයෙක් ඉවතට

258

එංගලන්ත එක්දින ක්‍රිකට් කණ්ඩායමේ සහ පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් කණ්ඩායමේ මැදපෙළ පිතිකරුවෙකු වන ඇලෙක්ස් හේල්ස් මෙවර ලෝක කුසලානය වෙනුවෙන් ක්‍රීඩා කරන එංගලන්ත සංචිතයෙන් ඉවත් කිරීමට අද (29) එංගලන්ත ක්‍රිකට් පරිපාලනය විසින් තීරණය කර තිබේ.

මුම්බායි නායකයාට දඩ

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ කොල්කටා ………

පසුගිය 26 වැනිදා ශරීරයට අන්තරායක ඖෂධ භාවිතා කිරීමේ චෝදනාව හේතුවෙන්  ඇලෙක්ස් හේල්ස් හට දින 21ක ක්‍රිකට් තරග තහනමක් පැනවීමට එංගලන්ත ක්‍රිකට් පරිපාලනය තීරණය කිරීම පදනම් කරගෙන, ලබන සතියේ දී පැවැත්වීමට නියමිත අයර්ලන්ත හා පාකිස්තානු ක්‍රිකට් තරගාවලි සඳහා සහභාගී වන එංගලන්ත සංචිතයෙන් හා එංගලන්ත ලෝක කුසලාන සංචිතයෙන් ද හේල්ස්ව ඉවත් කර ඇත.

එංගලන්තයේ සහ වේල්ස් හී සියලු ක්‍රිකට් ක්‍රීඩකයින් සෑම තරගවාරයකට ප්‍රථම අන්තරායකාර ඖෂධ පිළිබඳ පරීක්ෂණයකට (hair follicle test) ලක්කෙරෙන අතර එහි දී ඔවුන් මාස තුනක් තුළ ලබා ගත් සියලුම අන්තරායකාර ඖෂධ පිළිබඳ සොයා ගත හැක.

“අපි අපේ දිගු කාලීන සැලසුම් අනුගමනය කරමින් තමයි මේ අමාරු තීරණය ගත්තේ, ඒ තීරණය අපිට අමාරුවෙන් හරි ගන්න සිද්ධ වුනා. අපේ කණ්ඩායම මේ වන විටත් පුහුණු වීම් වල නිරත වෙමින් ලෝක කුසලානයට හොඳින් පෙර සූදානම් වෙමින් ඉන්නේ, එංගලන්ත කණ්ඩායම වටා තිබෙන පරිසරය ගැන අපි ගොඩක් සැලකිලිමත් වනවා. අපි මේ තීරණය ගත්තේ අපේ කණ්ඩායමේ අනාගත යහපැවැත්ම ගැන හිතලා.” යැයි මේ පිළිබඳව අදහස් දැක්වූ එංගලන්ත ක්‍රිකට් ආයතනයේ කළමනාකරණ අධ්‍යක්ෂක වන ඈෂ්ලි ගිල්ස් මහතා පවසන ලදි.

ඇලෙක්ස් හේල්ස්ට ක්‍රිකට් තහනමක්

අන්තරායකර ඖෂධ භාවිතා කිරීමේ චෝදනාව ……

“මේක ඇලෙක්ස් හේල්ස්ගේ ක්‍රිකට් දිවියේ අවසානය නෙමේ, ඔහුට ක්‍රිකට් ක්‍රීඩාවෙන් තව ගොඩක් දුර යන්න පුළුවන්. ඇලෙක්ස් ඔහුගේ ප්‍රාන්ත ක්‍රිකට් කණ්ඩායමත් සමඟ තවදුරටත් ක්‍රීඩා කරයි කියලා මම හිතනවා. ඒක ඔහුගේ අනාගත ක්‍රිකට් දිවියට ලොකු රුකුලක් වේවි.” යැයි වැඩිදුරටත් අදහස් දැක්වූ ගිල්ස් මහතා පැවසීය.

ඇලෙක්ස් හේල්ස් එළඹෙන අයර්ලන්ත හා පාකිස්තානු තරගාවලි වලදී එංගලන්ත සංචිතය නියෝජනය කිරීම වෙනුවෙන් තෝරාගනු ලැබූ නමුත් එංගලන්ත ක්‍රිකට් පරිපාලනය හා තේරීම් කමිටුව විසින් ලබාගත් මේ තීරණය නිසා ඔහු වෙනුවෙන්  සිදු කරනු ලබන ක්‍රීඩක ආදේශනය ඉතාමත් ඉක්මනින් සිදු කිරීමට බලාපොරොත්තු වන බව ද එංගලන්ත ක්‍රිකට් ආයතනය පවසා සිටියි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<