ලෝක කණ්ඩායමට කුක් නම් කළ ශ්‍රී ලාංකික ක්‍රීඩකයෝ කවුද?

3086

එංගලන්තය වෙනුවෙන් වැඩිම ටෙස්ට් ලකුණු ලාභියා මෙන්ම, වැඩිම ශතක ලාභියා ද වන හිටපු එංගලන්ත නායක ඇලෙස්ටයාර් කුක් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගැනීමට පසුගිය දා තීරණය කළා. ඉන්පසුව ලෝර්ඩ්ස් ක්‍රීඩා සමාජය සමඟ කළ සුහද සාකච්ඡාවක දී ඔහු විසින් ක්‍රීඩකයින් 11 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් නම් කර තිබෙන අතර එයට ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු ද ඇතුළත්.

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙන එංගලන්ත ක්‍රීඩකයා

එංගලන්තය වෙනුවෙන් වැඩිම ටෙස්ට් ලකුණු ලාභියා මෙන්ම, වැඩිම ශතක ලාභියා ද වන හිටපු …

කුක් විසින් නම් කරන ලද මේ කණ්ඩායමට කිසිදු ඉන්දීය පිතිකරුවෙක් ඇතුළත් වී නොමැති අතර ඉන්දියාවෙන් බිහි වූ විශිෂ්ටතම පිතිකරුවෙකු වන සචින් තෙන්ඩුල්කාර් සහ මේ වන විට ලොව අංක එකේ පිතිකරුවෙක් බවට පත්ව සිටින  විරාත් කෝලිට එහි ස්ථානයක් හිමි නොවීම ද පුදුමයට කරුණක්.

එංගලන්තය ක්‍රිකට් ඉතිහාසයේ සිය භූමියෙන් පිට ලැබූ විශිෂ්ටතම ටෙස්ට් ජයග්‍රහණ දෙකකට දායකත්වය දැක්වූ ඇලෙස්ටයාර් කුක් පිටියට සමුදෙන්නේ එංගලන්ත ක්‍රිකට් ඉතිහාසයේ විශිෂ්ටයෙකු ලෙසයි. කුක් එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් ජාත්‍යන්තර ටෙස්ට් තරග 160ක්, එක්දින තරග 92ක් සහ පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරග 02ක් ක්‍රීඩා කර ඇති අතර කුක් ජාත්‍යන්තර ටෙස්ට් පිටියේ ලකුණු 12000 සීමාව පසුකළ ලොව හයවන වන ක්‍රීඩකයා ද වේ.

එම කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් යුගලය ලෙස එංගලන්තයේ හිටපු ක්‍රීඩක ග්‍රැහැම් ගුච් (නායක) සහ ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ හිටපු ආරම්භක පිතිකරු මැතිව් හේඩ්න් නම්කර තිබෙනවා. එම කණ්ඩායමේ අංක 03 සහ 04 වන ස්ථාන සඳහා ඕස්ට්‍රේලියාවේ හිටපු සුපිරි නායකයෙක් වන රිකී පොන්ටින් සහ බටහිර කොදෙව් කණ්ඩායමේ මෙන්ම ලොව හිටපු විශිෂ්ට පිතිකරුවෙකු වන බ්‍රයන් ලාරා නම් කර ඇති බව සඳහන්.

ප්‍රබලයින් හලා පාකිස්තානුවන් ආසියානු කුසලානයට

එළඹෙන 15 වැනිදා සිට සැප්තැම්බර් 28 වැනිදා දක්වා පැවැත්වෙන 14 වන ආසියානු කුසලාන …

එම කණ්ඩායමේ 05 වන ස්ථානය සඳහා දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ඒ. බී. ඩිවිලියස් නම් කර ඇති අතර අංක 06 පිතිකරුගේ ස්ථානයට සහ කඩුලු රකින්නා වශයෙන් නම් කර ඇත්තේ ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු සුපිරි ක්‍රීඩකයෙක් හා නායකයෙක් වන වමතින් පිත්ත හසුරුවන කුමාර් සංගක්කාරයි.

කුක් විසින් දකුණු අප්‍රිකානු තුන් ඉරියව් ක්‍රීඩකයෙක් වන දකුණතින් පිත්ත හසුරුවන ජැක් කලිස් අංක 07 ස්ථානයට  නම් කර ඇති අතර කණ්ඩායමේ දඟපන්දු යවන්නන් ලෙස තවමත් ලොව අංක එකේ දඟපන්දු යවන්නා වන මුත්තයියා මුරලිදරන් සහ ඕස්ට්‍රේලියාවේ ෂේන් වොන් එක්කර තිබෙනවා. මීට අමතරව ඕස්ට්‍රේලියානු හිටපු වේගපන්දු යවන ක්‍රීඩක ග්ලේන් මැක්ග්‍රාත් සහ වර්තමාන එංගලන්ත කණ්ඩායමේ සිටින ප්‍රබලතම වේගපන්දු යවන්නා වන ජේම්ස් ඇන්ඩර්සන් මෙම කණ්ඩායමට ඇතුළත්.

ඉන්දියාව සමඟ හෙට (7) ආරම්භ වෙන පස්වැනි අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය මේ නිහතමානී එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩකයාගේ අවසන් ජාත්‍යන්තර ක්‍රිකට් තරගය වනු ඇත.  කුක් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීම ප්‍රකාශයට පත් කිරීමත් සමඟ ඔහු විසින් පහත ක්‍රීඩකයින් 11 දෙනා ඇතුළත් කරමින් කණ්ඩායමක් නම් කර ඇති බව එංගලන්තයේ ලෝර්ඩ්ස් ක්‍රීඩා සමාජය සඳහන් කරනවා.

කුක් විසින් නම් කළ කණ්ඩායම මෙසේය,

ග්‍රහැම් ගුච් (නායක), මැතිව් හේඩ්න්, රිකී පෝන්ටින්, බ්‍රයන් ලාරා, ඒ.බි. ඩිවිලියර්ස්, කුමාර් සංගක්කාර, ජැක් කලිස්,  මුත්තයියා මුරලිදරන් , ශේන් වෝන්, ග්ලේන් මැක්ග්‍රාත්, ජේම්ස් ඇන්ඩර්සන්.

එම වීඩියෝව පහතින් දැක්වේ,

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<