අල්-අක්සා ක්‍රීඩකයින් හමුවේ පීතරයින්ට තියුණු පරාජයක්

448

2018 වයස අවුරුදු 18න් පහළ අන්තර් පාසල් පාපන්දු ශූරතාවලියේ පළමු කාණ්ඩයේ තවත් තරගයක් ඊයේ (6) බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය හා කින්නියා අල්-අක්සා (Al-Aqsha) විද්‍යාලය අතර පැවැත්වුනා.

තියුණු තරගයකින් අනතුරුව අවසාන මිනිත්තුවේ වාර්තා වූ ගෝලයකින් සත්කාරක බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය පරාජය කරමින් ගෝල 4-3ක් ලෙස තරගයේ ජය වාර්තා කිරීමට අල්-අක්සා ක්‍රීඩකයින් සමත් විය.

තරගාවලිය ආරම්භයේ දී ම සහිරාවන්ට පහසු ජයක්

2018 වයස අවුරුදු 18න් පහළ පළමු කාණ්ඩයේ පාසල් පාපන්දු ශූරතාවලියේ ආරම්භක තරගය ලෙස ඊයේ (04) මරදාන සහිරා විද්‍යාලය සහ කඳාන ද මැසිනොද් විද්‍යාලය අතර සහිරා විද්‍යාලයීය…

තරගයේ ආරම්භයේ දී ම අල්-අක්සා ක්‍රීඩකයින් සාන්ත පීතර අන්තය ආක්‍රමණය කිරීමට දැඩි උනන්දුවක් පෙන්නුම් කළ අතර ඒ උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස තරගයේ තෙවැනි මිනිත්තුවේ ගෝලරාමුවට මීටර 30ක් පමණ නුදුරෙන් ඔවුන්ට නිදහස් පහරක් හිමි විය. කිසිවෙකු නොසිතූ පරිදි අල්-අක්සා ක්‍රීඩක මොහොමඩ් රොහාන් ගෝල රකින්නා අන්දමන්ද කරමින් පන්දුව දකුණු පස ඉහළින් දැල තුලට යොමු කරමින් අලංකාර ගෝලයක් වාර්තා කිරීමට සමත් විය.   

පළමු මිනිත්තු 10 පුරා අල්-අක්සා ක්‍රීඩකයින් සාන්ත පීතර කණ්ඩායමට ප්‍රබල පීඩනයක් එල්ල කළ අතර එම පීඩනයෙන් මිදී පළමු වරට අල්-අක්සා අර්ධය ආක්‍රමණය කළ පීතරයින් වෙනුවෙන් ඒ. ප්‍රවීන් ගෝලයක් ලබා ගැනීමට උත්සහ කළත් ඔහුගේ එම උත්සාහය සාර්ථක වූයේ නැත.

අනතුරුව කෙමෙන් කෙමෙන් පිටියේ ස්ථාවර වූ සාන්ත පීතර ක්‍රීඩකයෝ කෙමෙන් කෙමෙන් අල්-අක්සා වේගවත් ක්‍රීඩා රටාව අඩාල කරමින් 12 වැනි හා 22 වැනි මිනිත්තුවල දී ඉතා ආසන්න අවස්ථා ළඟා කර ගැනීමට සමත්වුවත්, පන්දුව දැල වෙත යොමු කරන්නට ඔවුන් සමත් වූයේ නැත.

Liverpool හඬවා තෙවැනි වරටත් ජය Real Madrid කණ්ඩායමට

ඊයේ දිනයේ දී යුක්‍රේනයේ NSC Olimpiyskiy ක්‍රීඩාංගණයේ දී පැවති 2018 UEAF Champions League තරගාවලියේ අවසාන මහා තරගයේ දී Liver Pool කණ්ඩායම පරදා …

වේගවත් ක්‍රීඩා විලාසයේ දිගටම ක්‍රීඩා කළ අල්-අක්සා ක්‍රීඩකයෝ දිගු පන්දු යොමු කිරීම් ප්‍රිය කළ අතර අනෙක් අතට සාන්ත පීතර ක්‍රීඩකයෝ සිය මැද පෙළ ක්‍රීඩකයින් යොදා ගනිමින් පියවරෙන් පියවර කෙටි පන්දු යොමු කිරීම් වලින් පන්දුව ඉදිරියට ගෙන යෑම සිදු කළහ.

23 වන මිනිත්තුවේ දී අල්-අක්සා මැද පෙළ ක්‍රීඩකයින් යොමු කළ පන්දුව ලබාගෙන අල්-අක්සා ක්‍රීඩක මොහොමඩ් නිම්රි සාන්ත පීතර ආරක්ෂක ක්‍රීඩකයින්ගෙන් මිදී ඉදිරියට පැමිණි අතර නැවත වතාවක් ගෝල රකින්නා අපහසුවට පත් කරමින් ඉතා පහසුවෙන් සිය කණ්ඩායම වෙනුවෙන් දෙවන ගෝලය වාර්තා කිරීමට ඔහු සමත් විය.

ගෝල 2–0ක ඉදිරියක් ලබා ගැනීම නිසා සාන්ත පීතර ක්‍රීඩකයින්ට දැඩි පීඩනයක් එල්ල වූ අතර පිටිය පුරා වේගයෙන් දිවීමෙන් වෙහෙසට පත්වූ අල්-අක්සා ක්‍රීඩකයින් තරමක් අපහසුවට පත් කරමින් ශාන්ත පීතර ක්‍රීඩකයින්ට දිගු පන්දු යොමු කිරීම් වලින් පන්දුව ඉදිරියට ගෙන යෑම ආරම්භ කළේය.

මැද පෙළ පන්දු යොමු කිරීම් කිහිපයකින් අනතුරුව පන්දුව සාන්ත පීතර ආක්‍රමණශීලී ක්‍රීඩකයින්ට භාර දුන් අතර ඒ. කේ. එම්. ඉශාන් අලංකාර ලෙස පන්දුව දැල වෙත යොමු කරමින් 29 වැනි මිනිත්තුවේ දී පළමු සාන්ත පීතර ගෝලය වාර්තා කිරීමට සමත් විය.

ඉතා ඉක්මනින්ම සාන්ත පීතර ක්‍රීඩකයින් නැවතත් අල්-අක්සා අර්ධය ආක්‍රමණය කළ අතර අල්-අක්සා ක්‍රීඩකයෙකු පන්දුව හැසිරවීමට සිතා මතා අත යොමු කිරීම නිසා 31 වැනි මිනිත්තුවේ දී සාන්ත පීතරයින්ට දඬුවම් පහරක් හිමි විය. ඒ. කේ. එම්. ඉශාන් එම දඬුවම් පහර සාර්ථකව දැල වෙත යොමු කරන්නට සමත් වූයේ දෙවන සාන්ත පීතර ගෝලය වාර්තා කරමිනි.

35 වැනි මිනිත්තුවේ දී අල්-අක්සා ක්‍රීඩකයින් නැවතත් සාන්ත පීතර අර්ධය ආක්‍රමණය කළ අතර සිය සුපුරුදු දිගු පන්දු යොමු ක්‍රියාත්මක කරමින් සාන්ත පීතර ආරක්ෂක වළල්ල මගහරිමින් දැල වෙත ගෝලය යොමු කරත්, පන්දුව යාන්තමින් දැලෙන් ඉවතට ගමන් කිරීම නිසා ඉතා අසන්න අවස්ථාවක් ඔවුන්ට අහිමි විය.

ඒ වන විට පිටියේ ස්ථාවර වී සිටි සාන්ත පීතර ක්‍රීඩකයින් පළමු අර්ධය අවසානයට පෙර නැවතත් කින්නියා අර්ධය ආක්‍රමණය කළ අතර ඔවුන්ගේ උත්සාහය සාර්ථක කර දෙමින් එම්. එන්. එම්. අකීල් තෙවැනි සාන්ත පීතර ගෝලය වාර්තා කිරීමට සමත් විය.

පළමු අර්ධය: සාන්ත පීතර විද්‍යාලය 3-2 කින්නියා අල්-අක්සා විද්‍යාලය

දෙවන අර්ධයේ කණ්ඩායම් දෙකම ඇල්මැරුණු ක්‍රීඩා විලාසයක් පෙන්නුම් කළ අතර සාන්ත පීතර ආරක්ෂකයෝ මෙවර ඉතා හොඳින් සංවිධානය වී සිටිනු දක්නට ලැබුණි.

47 වැනි හා 52 වැනි මිනිත්තුවල දී සාන්ත පීතර මැද පෙළ ක්‍රීඩකයින් ගෝල ලබා ගැනීම සඳහා උත්සහ කළ ද ඒ දෙවරම පන්දුව ගෝල රාමුවේ වැදී ඉවත ගියේය.  

තරගයේ 72 වැනි මිනිත්තුවේ අල්-අක්සා විද්‍යාලයට දඬුවම් පහරක් ලැබුණු අතර දිනය පුරා එතරම් හොඳ විලාසයක් නොපෙන්වූ සාන්ත පීතර ගෝල රකින්නා පසු කර පන්දුව ගෝලය වෙත යොමු කිරීමට මොහොමඩ් රොහාන් ඉතා පහසුවෙන් සමත් විය.

77 වැනි මිනිත්තුවේ දී අල්-අක්සා ක්‍රීඩක මොහොමඩ් රොහාන් හට කහ කාඩ්පතක් ලබා දීමට විනිසුරු ක්‍රියා කළේය.

ගෝල සම වූ තරගයේ ජයග්‍රහණය හිමිකර ගැනීමට කණ්ඩායම් දෙකම තියුණු සටනක නිරත වූ අතර 89 වන මිනිත්තුවේ දී ජයග්‍රාහි ගෝලය වාර්තා කිරීමට සාන්ත පීතර ආරක්ෂක වළල්ල පසු කළ ගිය අල්-අක්සා විද්‍යාලයේ මොහොමඩ් ෆහාත් සමත් විය.  

අවසාන ලකුණු තත්වය: සාන්ත පීතර විද්‍යාලය 3-4 කින්නියා අල්-අක්සා විද්‍යාලය

ගෝල රැස්කළ ක්‍රීඩකයෝ

  • සාන්ත පීතර විද්‍යාලය: ඒ. කේ. එම් ඉශාන් 29, ඒ. කේ. එම් ඉශාන් 31, එම්. එන්. එම් අකීල් 41
  • අල්-අක්සා විද්‍යාලය: මොහොමඩ් රොහාන් 3, 72, මොහොමඩ් නිම්රි 23, මොහොමඩ් ෆහාත් 89  

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<