අකිල දනංජය ආසියානු කුසලානයට සූදානමින්?

1403

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වෙන ආසියානු කුසලානය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම පසුගිය දා ඩුබායි බලා පිටත්ව ගිය නමුත් සංචිතයට නම් කර සිටින අකිල ධනංජය ඔවුන් සමඟ පිටත්ව නොගියේ ඔහුගේ බිරිඳ සිය කුළුඳුල් දරුවාට උපත ලබා දීමට සූදානමින් සිටි නිසාවෙනි.

කෙසේ නමුත් මේ වන විට අකිල ධනංජය නැවතත් සංචිතය සමඟින් එකතු වීමට අපේක්ෂාවෙන් පසුවන බව වාර්තා වන්නේ ඔහු මේ වන විට පියපදවිය ලබා ඇති නිසාවෙනි.

නැවුම් බලාපොරොත්තු සමඟින් ශ්‍රී ලංකාව මංගල තරගයට

14 වන වතාවටත් පැවැත්වෙන “ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය” හෙට (15) එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ

ශ්‍රී ලංකා සංචිතය සමඟින් එක්වීම වෙනුවෙන් අකිල සූදානම්ව සිටියත් හෙට (15) දිනයේ දී බංග්ලාදේශය සමඟ පැවැත්වෙන තරගය වෙනුවෙන් ඔහුට ක්‍රීඩා නොකරනු ඇත. නමුත් ඇෆ්ගනිස්ථානය සමඟින් ලබන 17 වැනිදා පැවැත්වෙන ක්‍රිකට් තරගය සඳහා අකිල ක්‍රීඩා කිරීමට වැඩි සම්භාවිතාවක් ඇත.

ධනුෂ්ක ගුණතිලකට ආබාධයක්; වෙනත් අයෙක් සංචිතයට

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක

එසේම ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා සංචිතයට නම් කළ සිටි ධනුෂ්ක ගුණතිලක හා දිනේෂ් චන්දිමාල් ආබාධ නිසාවෙන් මේ සංචිතයෙන් ඉවත් කිරීමට සිදු වූ අතර ඒ වෙනුවෙන් ශෙහාන් ජයසූරිය හා නිරෝෂන් දික්වැල්ල මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම හා එක් වී ඇත.

 

View this post on Instagram

 

❤️❤️

A post shared by Akila Dananjaya (@akila04dananjaya) on

අකිල දනංජය එක්සත් අරාබි එමීර් රාජ්‍ය බලා පිටත්ව යන දිනයක් තවමත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිල වශයෙන් නිකුත් කර නොමැත. ශ්‍රී ලංකා කණ්ඩායම ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ සහභාගී වන පළමු තරගය හෙට (15) ශ්‍රී ලංකා වේලාවෙන් සවස 5ට ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී පැවැත්වේ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<