අකිල දනංජය ලොව එක්දින පන්දු යවන්නන් අතරේ ඉදිරියට

3106

තරග පහකින් සමන්විත ශ්‍රී ලංකා – දකුණු එක්දින ක්‍රිකට් තරගාවලිය ඊයේ (12) අවසන් වූ අතර තරගාවලියට පසුව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නිකුත් කළ නවතම ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකාවේ අකිල දනංජය ලොව එක්දින පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීමේ ඉදිරියට පැමිණීමට සමත්ව ඇත.

අකිලගේ මැජික් පන්දු යැවීම දකුණු අප්‍රිකානුවෝ අසරණ කරයි

අකිල දනංජයගේ දක්ෂ පන්දු යැවීම හමුවේ අසරණ වූ දකුණු අප්‍රිකානු ක්‍රීඩකයෝ දෙරට අතර …

එම තරගාවලිය ආරම්භ වීමට පෙර ලොව එක්දින පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීමේ 22 වන තැන දිනා සිටි අකිල දනංජය එම තරගාවලියේ දී කඩුලු 14ක් දවා ගනිමින් දැක්වූ දස්කම් නිසා එම ලැයිස්තුවේ 21වන තැන දිනා ගැනීමට ඔහුට හැකි වී තිබේ. ඒ සඳහා ඔහු ප්‍රසාද ලකුණු 600ක් සිය නමට ඉදිරියෙන් එකතු කරගෙන ඇති අතර ඔහු ලොව එක්දින පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීමේ ලැයිස්තුවේ මෙතෙක් ලබාගත් ඉහළතම ස්ථානය ද වේ.

ලොව හොඳම එක්දින තුන් ඉරියව් ක්‍රීඩකයින් අතරේ ස්ථාන 7ක් ඉදිරියට පැමිණ ඇති තිසර පෙරේරා ලොව එක්දින තුන් ඉරියව් ක්‍රීඩකයින් අතර 25 වැනි ස්ථානය දිනාගෙන තිබෙන අතර ලොව එක්දින පන්දු යවන්නන්ගේ අංශයේ ප්‍රසාද ලකුණු 451ක් රැස්කරගෙන 68 වැනි ස්ථානය දිනා ගැනීමට ඔහුට හැකියාව ලැබී ඇත.  

දකුණු අප්‍රිකානු කණ්ඩායම වෙනුවෙන් තරගාවලිය පුරාවටම ඉතාමත් හොඳින් පිතිකරණයේ නිරත වූ වමතින් පිත්ත හසුරුවන ජේ. පී. ඩුමිනි තරගාවලියේ තරග සියල්ල සඳහාම සහභාගී වෙමින් ලකුණු 227ක් ලබාගෙන දැක්වූ දස්කම් නිසා ලොව එක්දින පිතිකරුවන් ශ්‍රේණිගත කිරීමේ 51 වන ස්ථානයේ සිට පියවර 11ක් ඉදිරියට පැමිණ 40 වන ස්ථානය දිනා ගැනීමට සමත් වී ඇත. ඊට අමතරව තරගාවලියේ ලකුණු 213ක් රැස්කරගත් කඩුලු රකින ක්‍රීඩක ක්වින්ටන් ඩී කොක් එක්දින පිතිකරුවන් ලැයිස්තුවේ 7 වන තැන දිනාගෙන තිබෙන්නේ දකුණු අප්‍රිකානු හොඳම එක්දින පිතිකරුවා බවට පත්වෙමිනි.

එංගලන්තයෙන් ඉන්දියාවට ලැජ්ජා සහගත පරාජයක්

එංගලන්තයේ ලන්ඩන් නුවර ලෝඩ්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී නිමා වූ එංගලන්ත – ඉන්දියා …

එසේම ලොව එක්දින පිතිකරුවන් ශ්‍රේණිගත කිරීමේ දී කුසල් ජනිත් පෙරේරා ස්ථාන 16ක් ඉදිරියට පැමිණ 66වන ස්ථානය දිනා ගන්නා විට සීමිත පන්දුවාර කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් පියවර දෙකක් ඉදිරියට පැමිණ ලොව එක්දින පිතිකරුවන් ශ්‍රේණිගත කිරීමේ 25 වැනි තැන දිනාගෙන සිටී.

ලොව එක්දින ක්‍රිකට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමේ 8 වන ස්ථානයේ සිටින ශ්‍රී ලංකා කණ්ඩායම තරග 3-2ක් ලෙස තරගාවලිය ඉතාමත් තියුණු ලෙස අවසන් කිරීම නිසා ලොව එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමේ තෙවැනි තැන දිනා සිටි දකුණු අප්‍රිකානුවන් (ප්‍රසාද ලකුණු 110) එහි සිව්වැනි ස්ථානය දක්වා යම් පසුබෑමක් පෙන්නුම් කර ඇත. තවද එහි 8 වැනි ස්ථානයේ සිටින ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රසාද ලකුණු 80ක් දිනාගෙන තිබේ.

විරාත් කෝලි, ජස්ප්‍රිට් බුම්රා හා ශකිබ් අල් හසන් යන ක්‍රීඩකයින් තිදෙනා පිළිවෙළින් ලොව හොඳම එක්දින පිතිකරු, හොඳම එක්දින පන්දු යවන්නා හා හොඳම එක්දින තුන් ඉරියව් ක්‍රීඩකයා යන අංශයන් හි තවදුරටත් පෙරමුණේ රැඳී සිටී. එසේම ඇන්ජලෝ මැතිව්ස් ශ්‍රී ලංකාවේ හොඳම එක්දින පිතිකරු (25 වන ස්ථානය) හා හොඳම තුන් ඉරියව් ක්‍රීඩකයා (5 වන ස්ථානය) ලෙස ඉදිරියෙන් සිටිද්දී අකිල දනංජය ශ්‍රී ලංකාවේ හොඳම එක්දින පන්දු යවන්නා ලෙස කිරුළු දරා සිටියි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<