ක්‍රිකට් කවුන්සිලය අකිලට කොළ එළි දල්වයි!

1009

ශ්‍රී ලංකා පිළේ ප්‍රධානම දඟපන්දු තුරුම්පුව වන අකිල ධනංජයගේ නව පන්දු යැවීමේ ඉරියව්ව ජාත්‍යන්තර තරග සඳහා භාවිතා කිරීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් අවසර ලබා දුන් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මීට සුළු මොහොතකට පෙර තහවුරු කර සිටියේය.

ලහිරු මිලන්ත සහ ජීවන් මෙන්ඩිස් ටැමිල් යූනියන් ජයග්‍රහණයට රැගෙන යයි

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ Major විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අද…

මේ වන විට 25 වැනි වියේ පසුවන අකිල ධනංජයගේ පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිත යැයි ප්‍රකාශ කෙරුණේ පසුගිය වසරේ නොවැම්බර් මාසයේ එංගලන්ත පිළට එරෙහිව ශ්‍රී ලංකාවේ දී පැවති ටෙස්ට් තරගාවලියක් අතරතුරේ දීයි. ඉන් අනතුරුව ඔහුව බ්‍රිස්බේන් හි ඇති ජාතික ක්‍රිකට් මධ්‍යස්ථානයේ දී (National Cricket Centre) පරීක්ෂාවට ලක් කෙරුණු අතර අවසන් තීරණය බවට පත්වූයේ ඔහුට ජාත්‍යන්තර තරගවල දී පන්දු යැවීම තහනම් කිරීමයි.

අකිල පසුගිය කාලයේ පැවති සීමිත පන්දුවාර තරගවල දී හොඳින්ම දස්කම් දැක්වූ ක්‍රීඩකයෙකු වන බැවින් ඔහුගේ සහභාගීත්වය නොමැති වීම බොහෝ තරගවල දී ශ්‍රී ලංකා පිළේ පසුබැසීමට දැඩි ලෙස හේතු විය. ඒ නිසාවෙන්ම ICCය විසින් අකිලගේ පන්දු යැවීමේ ඉරියව්ව ගැන කොළ එලි දැල්වූ වහාම ඔහුව නුදුරේ දී ම ඇරඹෙන දකුණු අප්‍රිකා එක්දින සංචාරය සඳහා ඇතුළත් කිරීමට තේරීම් කමිටුව පියවර ගෙන ඇත.

අකිලට සුබ ඵල ගෙන දුන් පරීක්ෂණය පසුගිය සතියේ සිදු කෙරුණේ ඉන්දියාවේ චෙන්නායි හිදීයි. තම ඉරියව්ව සකස් කර ගැනීම වෙනුවෙන් ඔහු පසුගිය මාස කිහිපය පුරාවට කැපවීමෙන් යුතුව ක්‍රියා කළ අතර දේශීය පළමු පෙළ තරගවල දී සහ විස්සයි විස්ස තරගවල දී ඔහු කෝල්ට්ස් ක්‍රිකට් සමාජය නියෝජනය කරමින් දස්කම් දැක්වීය. එය ඔහුගේ ශාරීරික යෝග්‍යතාවය දිගින් දිගටම හොඳින් පවත්වා ගැනීමට ද හේතු විය.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<