හිටපු පාකිස්තානු ක්‍රිකට් ක්‍රීඩකයෙකු ජීවිතක්ෂයට

1004
Akhtar Sarfraz

පාකිස්තානු ක්‍රිකට් කණ්ඩායමේ හිටපු පිතිකරුවෙකු වන අක්තාර් සෆ්රාස් මහ බඩවැල් ආශ්‍රිතව ඇතිවූ පිළිකාවක් හේතුවෙන් ඊයේ (10) ලාහෝර් නුවර දී ජීවිතක්ෂයට පත්ව ඇත.

යුවරාජ් සිංගේ රසිකයින්ට කණගාටුදායක පුවතක්

ඉන්දීය තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන යුවරාජ් සිං ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සහ පළමු..

ජීවිතක්ෂයට පත්වන විට වයස අවුරුදු 43ක් වූ වමත් පිතිකරුවෙක් වන අක්තාර් සෆ්රාස් 1997 වසරේ දී පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් ජාත්‍යන්තර එක්දින වරම් දිනා ගත් අතර පාකිස්තානු ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් ජාත්යන්තර එක්දින තරග 4ක් ක්‍රීඩා කිරීමට ඔහුට වරම් ලැබුණි.

කෙසේ නමුත් ඔහුගේ දේශීය පළමු පෙළ ක්‍රිකට් තරග වාර්තා දත්ත අනුව ඔහු ලකුණු 8356ක් රැස්කරගෙන තිබෙන්නේ ඉතාමත් හොඳ දල ලකුණු ලබා ගැනීමේ වේගයක් රඳවා ගෙනයි. 2007 වසරේ දී අවසන් වරට පළමු පෙළ ක්‍රිකට් තරගයක් ක්‍රීඩා කළ සෆ්රාස් පසුව ප්‍රාන්ත ක්‍රිකට් කණ්ඩායමක පුහුණුකරුවෙක් ලෙස ද ක්‍රියා කළේය. එයින් නොනැවතුණු ඔහු 2018 වසරේ පාකිස්තානු ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ තේරීම් කමිටු සාමාජිකයෙකු ලෙස ද කටයුතු කරන ලදි.

සිංහයින්ගේ බංගලි මෙහෙයුම කොහොම අවසන් වෙයි ද?

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන සිව්වැනි..

පාකිස්තානු ක්‍රිකට් ආයතනයේ සභාපති වන එෂාන් මානි සෆ්රාස්ගේ මේ හදිසි අභාවය පිළිබඳව මෙසේ සිය ශෝකය ප්‍රකාශය කර තිබුණි.

“පාකිස්තානු ක්‍රිකට් පාලන අධිකාරිය ඔහුගේ මේ හදිසි අභාවය ගැන අතිශය කම්පාවට පත්වෙනවා. ඔහු වැනි තරුණ පුද්ගලයෙක් අපේ රටට වගේම ක්‍රිකට් ක්‍රීඩාවෙන් හදිසියේම නික්මයාම ගැන ගොඩක් දුකයි. ඔහුට ආදරය කරන ප්‍රේක්ෂකයින් ලොව හැම තැනම ඉන්නවා. මේ සිදුවීම ඔහුගේ පවුලේ අයට දරාගන්න ගොඩක් අමාරු ඇති. අපි ඔවුන් සමඟ නිරන්තරයෙන් ඉන්නවා.”

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<