අජ්මීර්ගේ වික්‍රමයෙන් ජයග්‍රහණය බ්ලූ ස්ටාර්ට

253

ගුවන් හමුදා ක්‍රීඩා සමාජය වැලිසර නාවික හමුදා ක්‍රීඩාංගණයේ දී ගෝල 1-0 ක් ලෙස පරාජය කළ බ්ලූ ස්ටාර් ක්‍රීඩා සමාජය ඩයලොග් ශූරයින්ගේ ලීග් තරගාවලියේ නවවැනි සති අන්තයේ තරගයකින් ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් විය.

කින්නියා අභියෝගයට ජෝසප්වරුන්ගෙන් ප්‍රබල පිළිතුරක්

වයස අවුරුදු 18න් පහළ සමස්ත ලංකා පාසල් පළමු කාණ්ඩයේ පාපන්දු ….

බ්ලූ ස්ටාර් ක්‍රීඩා සමාජය මේ තරගයට පිවිසුණේ ප්‍රසාද ලකුණු 17ක් සමඟින් ලකුණු සටහනේ පස්වැනි ස්ථානයේ රැඳී සිටිමිනි. ලකුණු 8ක් ලබා ගත් ගුවන් හමුදා ක්‍රීඩා සමාජය රැඳී සිටියේ 10 වැනි ස්ථානයේ ය.

බ්ලූ ස්ටාර් ක්‍රීඩා සමාජය සත්කාරකත්වය දැක්වූ තරගයක දී මීට මාසයකට පමණ පෙර ඇති වූ සිදුවීමක් නිසා ඔවුන්ට තමන් සත්කාරකත්වය දරන තරග පවත්වන්නට සිදුවන්නේ වැලිසර ක්‍රීඩාංගණයේ දීයි.

පළමු අර්ධයේ දී පන්දුව සමඟින් පෙරමුණේ රැඳෙන්නට ගුවන් හමුදා ක්‍රීඩකයින් සමත් වුනත් ආසන්න අවස්ථා කිහිපයක්ම වාර්තා කර ගැනීමට සමත් වූයේ බ්ලූ ස්ටාර් ක්‍රීඩා සමාජයයි.

තරගය ආරම්භයේ දී බ්ලූ ස්ටාර් ක්‍රීඩක අජ්මීර් හා ගුවන් හමුදා ගෝල රකින්නා හන්සන දිසානායක එකිනෙකා ගැටීම නිසා මිනිත්තු කිහිපයක් තරගය ප්‍රමාද විය.

ඉන්පසු මංජුල ප්‍රනාන්දුගේ දක්ෂ පන්දු යොමු කිරීමක් කැලුම් පෙරේරා ගෝල රාමුව වෙත යොමු කළත් ඔහුගේ ප්‍රහාරය කෙළින්ම ඇදී ගියේ ගෝල රකින්නා දෙසටයි.

බ්ලූ ස්ටාර්ට එරෙහිව හිමි වූ නිදහස් පහරක් කෙළින්ම ආක්‍රමණයක් බවට හරවා ගත් ධනුෂ්ක වෙල්ගමගේ පන්දුව ඉදිරියට රැගෙනවිත් ගෝල රාමුවට ප්‍රහාරයක් එල්ල කළත් ඔහුගේ ප්‍රහාරය නිසි ලෙස ස්ථානගත වුනේ නැත.

Video – “අපි Home ගහනව වගේ තමයි ගහන්න ආවේ” – ඉර්ශාන්

ලහිරු තාරක අලංකාර ලෙස නිදහස් පාරක් පිටිය මැද සිට ගෝල රාමුව දෙසට යොමු කළ අතර Ireanyi Chimezie පන්දුව සිය හිසෙන් ගෝල රාමුවෙන් ඉවතට යොමු කරන්නට සමත් වූයේ බ්ලූ ස්ටාර් ප්‍රේක්ෂකයින් මොහොතකට නිහඬ කරමිනි.

බ්ලූ ස්ටාර් ක්‍රීඩකයින් මොහොතකට වික්ෂිප්ත කරමින් Ireanyi Chimezie බ්ලූ ස්ටාර් ආරක්ෂක ක්‍රීඩකයින් පසුකර ගොස් සිය වම් පාදයෙන් ප්‍රහාරයක් එල්ල කළ නමුත් දිසානායක එම අවස්ථාව ව්‍යර්ථ කරන්නට සමත් විය.

බ්ලූ ස්ටාර් දුර්වල පන්දු හුවමාරුවකින් කවිඳු ඉශාන් මනා ලෙස ප්‍රයෝජන ගත් නමුත් සාර්ථක ලෙස ගෝල රැස් කරන්නට ඔහුගේ උත්සාහක ප්‍රමාණවත් වූයේ නැත.

පළමු අර්ධය – බ්ලු ස්ටාර් 00 – 00 ගුවන් හමුදා ක්‍රීඩා  සමාජය

දෙවන අර්ධය ආරම්භ වී මිනිත්තු දෙකකට පසු කවිඳු ඉශාන් ගෝල රකින්නා පසු කර පන්දුව දැල වෙත යොමු කරන්නට සමත් වුවත් විනිසුරු තීරණය කළේ එය OFF SIDE අවස්ථාවක් බවයි. ගුවන් හමුදා ආක්‍රමණයට හොඳ පිළිතුරක් ලබා දුන් බ්ලූ ස්ටාර් ක්‍රීඩක තරිඳු එරංග නිදහස් පහරකින් ලකුණු රැස් කිරීමට උත්සහ කළත් පන්දුව දැලේ ඉවත වැදී පිටියෙන් ඉවතට ගියේය.

රත්නම් පරදා කොළඹ පාපන්දු සමාජයට දැවැන්ත ජයක්

බ්ලූ ස්ටාර් තරගයේ පළමු ගෝලය වාර්තා කිරීමට පෙර ඉශාන් තවත් අවස්ථාවක් අපතේ යැව්වේ අවාසනාවන්ත ලෙසයි. මොහොමඩ් ඉර්ෂාන් ගුවන් ආරක්ෂක වළල්ල පසු කරමින් පන්දුව අජ්මීර් වෙත යැවූ අතර ඔහුගේ පළමු උත්සාහය දිසානායකට අවහිර කළත් ක්ෂණයෙන් ක්‍රියාත්මක වූ ඔහු දෙවන අවස්ථාවෙන් ලකුණු රැස් කරන්නට සමත් විය.

ගුවන් හමුදා ක්‍රීඩකයින් ද ගෝලයක් සොයා ප්‍රබල සටනක නිරත වූයේ වේගවත් ක්‍රීඩා විලාසයක් පෙන්වමිනි. ගුවන් හමුදා ක්‍රීඩා සමාජයට හිමි වූ ‘Corner’ අවස්ථාවක් අවහිර කිරීමට පෙරමුණේ සිටි බ්ලූ ස්ටාර් ක්‍රීඩකයින් සමත් වූයේ කැලුම් පෙරේරාගේ උත්සහයක් ද අවහිර කරමිනි.

Uche Sundayට දෙවරක්ම බ්ලූ ස්ටාර් වෙනුවෙන් ගෝල වාර්තා කිරීමට අවස්ථා හිමි වුනත් අසාර්ථක උත්සහ කිරීම් හා දක්ෂ ගෝල රැකීම් නිසා එම අවස්ථා ව්‍යර්ථ විය.

>> තරගයේ ඡායාරූප ඇල්බමය සඳහා පිවිසෙන්න <<

තරගය අවසානයට මොහොතක් තිබිය දී ගෝලයක් අත්‍යාවශ්‍යම වූ ගුවන් හමුදා ක්‍රීඩා සමාජය වෙනුවෙන් කවිඳු ඉෂාර දිගු පන්දු ප්‍රහාරයකින් සිය වාසනාව උරගා බැලුවත් ඔහුගේ එම උත්සහය සාර්ථක වූයේ නැත. විනිසුරු නිවොන් රොබේෂ් නලාව නාද කළේ බ්ලු ස්ටාර් කණ්ඩායමට අනගි ජයක් හිමි කර දෙමිනි.

අවසන් ලකුණු තත්වය – බ්ලු ස්ටාර් ක්‍රීඩා සමාජය 01 – 00 ගුවන් හමුදා ක්‍රීඩා සමාජය

ThePapare.com තරගයේ වීරයා – Ebuzjnwa Chigozie (බ්ලූ ස්ටාර් ක්‍රීඩා සමාජය)

ගෝල වාර්තා කළ ක්‍රීඩකයෝ

  • බ්ලු ස්ටාර් ක්‍රීඩා සමාජය – මොහොමඩ් අජ්මීර් 66’

කහ කාඩ් පත්

  • බ්ලූ ස්ටාර් – තරිඳු එරංග 44’
  • ගුවන් හමුදා – දිමුත් ලක්මාල් ගුණසිංහ 80’, දිල්ශාන් ප්‍රනාන්දු 82’

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<