ගුවන් ක්‍රීඩක කවිඳුගේ ගෝල 7න් රිලායන්ස් අසරණ වේ

183

2016/17 FA කුසලාන පාපන්දු තරගාවලියේ තෙවන වටයේ තවත් තරග දෙකක් අද (24) පැවැත්විය. එම තරග වලින් ගුවන් හමුදා ක්‍රීඩා සමාජය හා සාන්ත මරියා ක්‍රීඩා සමාජය (මන්නාරම) ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් විය. එහි දී ගුවන් හමුදා ක්‍රීඩා සමාජයේ කවිඳු ඉශාන් ගෝල 7ක් වාර්තා කරමින් දස්කම් දක්වන ලදි.

යුධ හමුදා ශූරතා ගමනට ගුවනින් ප්‍රහාරයක්

අන්තර් සමාජ ප්‍රිමියර් ලීග් කාන්තා පාපන්දු තරගාවලියේ ශූරතාව කරා යුධ හමුදා කණ්ඩායම නිරුපද්‍රිතව යමින් සිටි ගමනට බාධකයක් වෙමින්, ඒකල ගුවන් හමුදා කඳවුරු ක්‍රීඩාංගණයේ…

ගුවන් හමුදා ක්‍රීඩා සමාජය හා රිලායන්ස් ක්‍රීඩා සමාජය (මුතූර්)

රිලායන්ස් ක්‍රීඩා සමාජය විසින් පයනියර් ක්‍රීඩා සමාජය (කින්නියා) ගෝල 3-0 ක් ලෙස පරාජයට පත්කරමින් තෙවැනි වටයට පිවිසෙන ලදි.

කැළණිය පාපන්දු පිටියේ පැවැත්වූ මෙම තරගයේ ප්‍රථම මිනිත්තුවේ සිටිම තම අත්දැකීම් උපරිමයෙන් භාවිතා කරමින් ක්‍රීඩා කරන විලාසයක් ගුවන් හමුදා ක්‍රීඩා සමාජයෙන් දිස් වූ අතර කුමාර ලංකේසර හා කවිඳු ඉශාන් මුල් මිනිත්තු 10ක් තුල ගුවන් හමුදා කණ්ඩායම වෙනුවෙන් ගෝල දෙකක් රැස් කර ගැනීමට සමත් විය.

ඉන් මිනිත්තු දෙකකට පමණ පසුව ක්‍රියාත්මක වූ ඩී. කේ. දුමින්ද 12 සහ 21 වැනි මිනිත්තු වල දී ගෝල ලබාගෙන තම කණ්ඩායමට සවියක් වූ අතර, එයින් උද්දාමයට පත්වුනු නිපුන බණ්ඩාර 26 වන මිනිත්තුවේ දී තවත් ගෝලයක් යුධ හමුදා ලකුණු පුවරුවට එක් කළේය.

තම කණ්ඩායම වෙත පිරිනැමුණු පැති ප්‍රහාර අවස්ථාවක් සමඟින් තවත් ගෝල දෙකක් ලබාගෙන ගෝල 07-00ක් ලෙස පළමු අර්ධය නිමා කිරීමට කවිඳු ඉශාන් ඇතුළු ගුවන් හමුදා පාපන්දු බල ඇණිය සමත් විය.

පළමු අර්ධය අවසානයේ – ගුවන් හමුදා ක්‍රීඩා සමාජය 07-00  රිලායන්ස් ක්‍රීඩා සමාජය

රිලායන්ස් ක්‍රීඩා සමාජය අන්ත අසරණ කරමින් ගෝල රැස්කල ගුවන් හමුදා ක්‍රීඩා සමාජය පළමු අර්ධයෙන් පසුව 50, 51 සහ 67 යන මිනිත්තු වල දී ගෝල ත්‍රිත්වයක් වාර්තා කිරීමට කවිඳු සමත් වූ අතර, එ් සඳහා ජීවන්ත ප්‍රනාන්දු ද පන්දුව හුවමාරු කරමින් ඔහුට සහාය විය.

72 වැනි මිනිත්තුව වන විට, රිලායන්ස් ක්‍රීඩා සමාජ ක්‍රීඩකයින් 6ක් කහ කාඩ්පත් ලබාගෙන සිටීම නිසා තරග විනිසුරු ලෙස කටයුතු කළ ඩිලාන් පෙරේරා ඉතිරිව ඇති කාලය ද සලකා බලමින් ගුවන් හමුදා ක්‍රීඩා සමාජයට ජයග්‍රහණය ලබා දීමට තීරණය කරන කළේය.

අවසන් ලකුණු තත්වය: ගුවන් හමුදා ක්‍රීඩා සමාජය 13-00 රිලායන්ස් ක්‍රීඩා සමාජය

ThePapare.com තරගයේ වීරයා – කවිඳු ඉශාන් (ගුවන් හමුදා ක්‍රීඩා සමාජය)

ගුවන් හමුදා ක්‍රීඩා සමාජයේ ගෝල වාර්තා කිරීම්

  • කුමාර ලංකේසර 3’
  • කවිඳු ඉශාන් 9’, 44’, 45+1’, 50’, 51’, 67’ හා 68’
  • ඩී. කේ. දුමින්ද 12’, 21’, 72’
  • නිපුන බණ්ඩාර 26’
  • කැලුම් පෙරේරා 37’

සාන්ත මරියා ක්‍රීඩා සමාජය (මන්නාරම) හා ලිවර්පූල් පාපන්දු සමාජය (පුත්තලම)

පුත්තලම සහිරා විදුහල් ක්‍රීඩා පිටියේ දී පැවැත්වූ මෙම තරගයෙන් ගෝල 4-3ක් ලෙස තියුණු ජයග්‍රහණයක් ලබා ගැනීමට සාන්ත මරියා ක්‍රීඩා සමාජය සමත් විය. එහි දී නිතර්ශන තම කණ්ඩායම වෙනුවෙන් ගෝල තුනක් වාර්තා කරමින් තම කණ්ඩායම ජයග්‍රහණය වෙතට සමීප කළේය.

පළමු අර්ධය: සාන්ත මරියා ක්‍රීඩා සමාජය 3-1 ලිවර්පූල් පාපන්දු සමාජය

අවසන් ලකුණු තත්වය: සාන්ත මරියා ක්‍රීඩා සමාජය 4-3 ලිවර්පූල් පාපන්දු සමාජය

ගෝල ලබා ගැනීම්

  • සාන්ත මරියා ක්‍රීඩා සමාජය – නිතර්ශන 3, එනිරොන් 1
  • ලිවර්පූල් පාපන්දු සමාජය – රස්වාන් 1, නසරි 1, සිෆ්කාන් 1

  තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න  පාපන්දු ක්‍රීඩා පිටුවට