ගුවන් හමුදා ක්‍රීඩා සමාජය ශූරතාවය දිනා ගැනීමේ අරමුණින්

221

2017/18 රග්බි ලීග් තරගාවලිය සඳහා ගුවන් හමුදාව මෙවර අවතීර්ණ වන්නේ ගියවර දිනා ගත් 5 වැනි ස්ථානයෙන් ඔබ්බට යමින් ශූරතාවය දිනා ගැනීමේ අරමුණ ඇතිවයි. රග්බි ලීගයේ ප්‍රථම සතියේ දී ගුවන් සෙබළුන්, CR & FC කණ්ඩායම හමුවේ 21-09ක් ලෙස පරාජය වුවත් එයින් නොසැලී ඉදිරි තරග සඳහා ඔවුන් මුහුණ දෙනු ඇත.

ඩයලොග් ලීග් කිරුළ සඳහා තරග වදින්නට CR & FC පිළ සූදානමින්

ශ්‍රී ලංකා ජාතික රග්බි කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයෙක් වන කවිඳු පෙරේරාගේ..

අතීතයෙන් බිඳක්

1972 වසරේ දී අන්තර් සමාජ රග්බි ලීග් තරගාවලියේ ‘A’ කාණ්ඩයේ ක්‍රීඩා කිරීමට උසස් වීමක් ලැබූ ගුවන් හමුදා ක්‍රීඩා සමාජය, ඉතිහාසය පුරාවට ප්‍රතිවාදී කණ්ඩායම්වලට ප්‍රබල අභියෝගයක් එල්ල කළ කණ්ඩායමක් විය. ඔවුන් ක්ලිෆර්ඩ් කුසලානය එක් වරක් ජයග්‍රහණය කිරීමට ද සමත්ව ඇත.

පසුගිය තරග වාරය

පසුගිය තරග වාරයේ දී ගුවන් හමුදා ක්‍රීඩා සමාජය කැපී පෙනෙන දස්කම් ප්‍රදර්ශනය කරන්නට සමත් විය. ඔවුන් එහි දී ලීග් ශූරයින් වූ ප්‍රබල මහනුවර ක්‍රීඩා සමාජය හමුවේ වාර්තා කරගත් තීරණාත්මක ජයග්‍රහණය කාගේත් කතාබහට ලක්විය. ඒ අනුව ඔවුන් පසුගිය තරග වාරය 5 වන ස්ථානය දිනා ගනිමින් අවසන් කරන්නට සමත් වූ අතර එය ඔවුන් පසුගිය අවුරුදු තුනක කාලය තුළ දැක්වූ ඉහළම දක්ෂතාවය විය.

නව තරග වාරයේ කැපී පෙනෙන මුහුණු

මෙවර අන්තර් සමාජ ලීග් තරගාවලියේ දී ගුවන් හමුදා ක්‍රීඩා සමාජය මෙහෙයවීම පැවරී ඇත්තේ අත්දැකීම් බහුල ‘prop’ ක්‍රීඩකයෙක් වන පුෂ්පකුමාර සමරහේවා හටයි. ThePapare.com සමඟ අදහස් දක්වමින් ඔහු පවසා සිටියේ කණ්ඩායමේ ක්‍රීඩකයින් වසර 5-6ක පමණ කාලයක සිට එකට ක්‍රීඩා කරන බැවින් ඔවුන් අතර හොඳ අවබෝධයක් පවතින බවයි.

CR & FC කණ්ඩායම පළමු ජයග්‍රහණය වාර්තා කරයි

ඊයේ (04) ආරම්භ වූ 2017/18 ‘Dialog’ අන්තර් සමාජ රග්බි ලීග් තරගාවලිය යටතේ CR & FC..

එමෙන්ම මෙවර තරග වාරය සඳහා කණ්ඩායම පුහුණුකිරීමේ වගකීම පැවරී ඇත්තේ රොනී ඊබ්‍රහිම් මහතා හටයි. ThePapare.com සමඟින් අදහස් දක්වමින් ඔහු පවසා සිටියේ මෙවර ගුවන් හමුදා ක්‍රීඩා සමාජය සතුව පසුගිය වසරවලට වඩා ඉතා හොඳ කණ්ඩායමක් සිටින බවත්, මෙවර ඔවුන්ගේ එකම අරමුණ තරගාවලියේ ශූරතාවය දිනා ගැනීම බවත් ය.

මෙවර තරගාවලිය සඳහා ඔවුන් පසුගිය වසරේ දී පොලිස් ක්‍රීඩා සමාජයේ ක්‍රීඩා කළ ‘prop’ ක්‍රීඩක චාල්ස් ප්‍රවීන් සහ රදීෂ සෙනෙවිරත්න එක්කරගෙන ඇති අතර ඔවුන් දෙදෙනාගෙන් කණ්ඩායමට විශාල දායකත්වයක් ලැබෙනු ඇත. එමෙන්ම කණ්ඩායමේ හිටපු නායක ගයන්ත ඉද්දමල්ගොඩ සහ චරිත සෙනෙවිරත්නගේ ක්‍රීඩා විලාශය ද තරගාවලියේ දී ගුවන් හමුදා ක්‍රීඩා සමාජයේ දක්‍ෂතා කෙරෙහි බෙහෙවින් ඉවහල් වනු ඇත.

පාසල් පිටියේ දක්‍ෂයින් සමඟ පෙරට

ගුවන් හමුදා ක්‍රීඩා සමාජය මෙවර ඔවුන්ගේ කණ්ඩායම සඳහා සාන්ත අන්තෝනි විද්‍යාලයේ ජෙහාන් සීලගමගේ සේවය එක්කරගෙන ඇත. ඒ අනුව ‘center’ ස්ථානයේ ක්‍රීඩා කරමින් ඔහු කණ්ඩායමට සිය දායකත්වය ලබා දෙනු ඇත.

බලාපොරොත්තුව

ඒ අනුව මෙවර ‘Dialog’ අන්තර් සමාජ රග්බි ලීග් තරගාවලිය සඳහා එක්වන ගුවන් හමුදා ක්‍රීඩා සමාජ කණ්ඩායම, වසර ගණනාවකින් එක්වන ඔවුන්ගේ ශක්තිමත්ම කණ්ඩායම ලෙස හඳුනාගත හැක. එමෙන්ම ඔවුන් මෙවර තරගාවලිය සඳහා එක්වන්නේ තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමේ අරමුණ ඇතිවයි.  

ඒ අනුව මෙවර ගුවන් හමුදා ක්‍රීඩා සමාජ කණ්ඩායම තරගාවලියේ දී අනෙක් කණ්ඩායම්වලට විශාල අභියෝගයක් වනු ඇති බව නොඅනුමාන යි.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<

2017/18 – Air Force SC රග්බි සංචිතය

[a-team-showcase-vc ats_team_id=”2211029″]