පුහුණුකරුවන් තිදෙනෙකු දෙවන තරු මට්ටමට

437

ශ්‍රී ලංකාවේ පුහුණුවීම් කටයුතු සිදුකරන ජාත්‍යන්තර පළමු තරු මට්ටමේ සිටි බොක්සිං පුහුණුකරුවන් තිදෙනෙකු හට අන්තර්ජාතික බොක්සිං සංගමය විසින් ජාත්‍යන්තර දෙවන තරු මට්ටම දක්වා උසස් වීම් ලබා දී ඇත.

ශ්‍රී ලාංකිකයෙකු ජාත්‍යන්තර බොක්සිං තනතුරකට

ශ්‍රී ලංකා බොක්සිං සංගමයේ වර්තමාන උපසභාපති ධූරයේ කටයුතු….

මෙසේ ජාත්‍යන්තර දෙවන තරු මට්ටම දක්වා උසස්වීම් හිමිවී ඇත්තේ ලාල් අමුණුගම, උපාලි බණ්ඩාර සහ චාමර මාරසිංහ යන පුහුණුකරුවන් තිදෙනා හටයි. 2018 වසරේ ඔක්තෝබර් මස 20 වැනිදා සිට 28 වැනිදා දක්වා ඉන්දියාවේ රොතැක් හි පැවති ජාත්‍යන්තර දෙවන තරු මට්ටමේ පාඨමාලාවෙන් සහ ජාත්‍යන්තර දෙවන තරු මට්ටමේ විභාගයෙන් සමත්වීමෙන් පසුව මෙරට පුහුණුකරුවන් තිදෙනා හට උසස්වීම් හිමිවී ඇත.

මෙම උසස්වීමත් සමඟ මෙරට සිටින ජාත්‍යන්තර දෙවන තරු මට්ටමේ පුහුණුකරුවන් සංඛ්‍යාව 8 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇත. මෙම පුහුණුකරුවන් සියලු දෙනාටම 2018 වසරේ දී ජාත්‍යන්තර පළමු තරු මට්ටමේ සිට දෙවන තරු මට්ටම දක්වා උසස්වීම් හිමිවීම සුවිශේෂී කරුණකි.

උසස්වීම් හිමි වූ පුහුණුකරුවන් තිදෙනා  ලාල් අමුණුගම, උපාලි බණ්ඩාර සහ චාමර මාරසිංහ

මෙරට පුහුණුකරුවන් උසස් කිරීම සඳහා විදේශ රටවල් වල පවත්වන ජාත්‍යන්තර මට්ටමේ තරු පාඨමාලා සහ විභාග වෙත ඉදිරිපත් කිරීම ශ්‍රී ලංකා බොක්සිං සංගමයේ වර්තමාන සභාපති වන ඩයන් ගෝමස් මහතා විසින් 2017 වසරේ දී ආරම්භ කරන ලද අතර මෙම වසරේ (2019) ශ්‍රී ලංකා බොක්සිං සංගමයේ සැලසුම්වලට අනුව ජාත්‍යන්තර දෙවන මට්ටමේ තරු පාඨමාලාවක් සහ විභාගයක් මෙරට දී පැවැත්වීමට නියමිතව ඇත.

Wrestling ක්‍රීඩාව වෙනුවෙන්ම උපන් ඔහුගේ ඔබ නොදත් කතාව

ඔබත් WWE (World Wrestling Entertainment) රසිකයෙකු ….

පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර දෙවන තරු මට්ටමේ පාඨමාලාවෙන් සහ විභාගයෙන් පසුව පළමු තරු මට්ටමේ සිටින දේශීය පුහුණුකරුවන් 50 දෙනෙකු ජාත්‍යන්තර දෙවන තරු මට්ටමේ පුහුණුකරුවන් ලෙස උසස්වීම් ලබා දීමට නියමිතය.

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <