මසකඩ්සාට ගෞරවාන්විත සමුගැනීමක්

75

බංග්ලාදේශයේ පැවැත්වෙන ජාත්‍යන්තර විස්සයි විස්ස තුන්කොන් තරගාවලියේ ඇෆ්ගනිස්ථානය හා සිම්බාබ්වේ අතර චැටෝග්‍රම් හිදී පැවති තරගයෙන් කඩුලු 7ක ජයක් ලබා ගැනීමට සිම්බාබ්වේ කණ්ඩායම අද (20) සමත් විය.

සිම්බාබ්වේ ඉවත දමා බංග්ලාදේශය අවසන් සටනට

බංග්ලාදේශ තුන්කොන් පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ සිව්වැනි තරගය ඊයේ (18) බංග්ලාදේශය…

මෙහි සුවිශේෂීත්වයක් වන්නේ සිම්බාබ්වේ දේශයෙන් බිහි වූ දක්ෂ ආරම්භක පිතිකරුවෙකු වන හැමිල්ටන් මසකඩ්සාගේ අවසන් ජාත්‍යන්තර තරගය මෙය වීමයි. අද දින සිම්බාබ්වේ කණ්ඩායම ජයග්‍රහණය කළේ ඔවුන් මෙම තරගාවලිය තුළ ජයග්‍රහණය කළ පළමු සහ එකම තරගය වන අතර මීට පෙර සහභාගී වූ තරග 3ම ඔවුන් පරාජය විය. එහෙත් අද තම සමුගැනීමේ තරගයට ක්‍රීඩා කළ හැමිල්ටන් මසකඩ්සාට ජයග්‍රාහී අවසානයක් ලබා දීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත් වීම වැදගත්ම සිදුවීමකි.

තරගයේ කාසිය වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දීමට ඇෆ්ගනිස්තානය තීරණය කළ අතර නියමිත පන්දුවාර 20 තුළ දී කඩුලු 8ක් දැවී ලකුණු 155ක් ලබා ගැනීමට ඔවුන් සමත් විය. ඇෆ්ගනිස්තාන ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට පිවිසියේ රහ්මනුල්ලා ගුර්බාස් සහ හස්‍රතුල්ලා සසායි දෙදෙනයි.

අතිසාර්ථක ආරම්භයක් ඇෆ්ගනිස්තානයට ලබා දෙමින් ඔවුන් දෙදෙනා අතර ලකුණු 83ක සබඳතාවයක් ගොඩනැගුවේ ඉනිමට ශක්තිමත් අඩිතාලමක් ලබා දෙමිනි.

නමුත් ඉනිමේ දසවැනි පන්දුවාරයේ තෙවැනි පන්දුවේ දී මුටම්බෝසිගේ පන්දුවක් හමුවේ උඩපන්දුවක් ලබා දෙමින් පළමු කඩුල්ල වශයෙන් සසායි දැවී ගියේ පන්දු 24ක දී ලකුණු 31ක් ලබා සිටිය දී ය.

ඉන්පසු පිටියට පිවිසියේ ශෆිකුල්ලා අනෙක් අන්තයේ රැඳී සිටි ගුර්බාස් සමඟ මුළු ලකුණු සංඛ්‍යාව 107ක් දක්වා රැගෙන ගියේය. ඒ සමඟම පන්දු 13කින් ලකුණු 16ක් ලබා සිටි ශෆිකුල්ලා ද දැවී ගියේ ගුර්බාස්ව අනෙක් අන්තයේ හුදකලා කරමිනි.

වැඩි වේලාවක් යාමට මත්තෙන් ඉනිමේ සාර්ථකම පිතිහරඹය දියත් කරමින් පන්දු 47ක දී ලකුණු 61ක් ලබා ගත් ගුර්බාස් ද දැවී ගියේ ඇෆ්ගනිස්තාන ලකුණු පුවරුව පන්දුවාර 14ක දී 116/3ක් ලෙස සටහන් කරමිනි.

ඉන්පසුව පිටියට පිවිසි කිසිම පිතිකරුවෙකුට සාර්ථක වීමට ක්‍රිස්ටෝපර් ම්පොෆු ප්‍රමුඛ සිම්බාබ්වේ පන්දු බලඇණිය ඉඩ ලබා නොදුන් අතර අවසන් පන්දුවාර 6 තුළ ලකුණු 39කට කඩුලු 5ක්ම දවා ගනු ලැබුවේ ඔවුන් නැවතත් තරගයට අවතීර්ණ වෙමිනි.

එහි දී ගුල්බදීන් නායිබ් ලකුණු 10කට සහ ෆසාල් නියාසායි ලකුණු 12කටත් දැවී ගිය අතර අන් කිසිදු ඇෆ්ගනිස්තාන පිතිකරුවෙකුට ලකුණු 10 සීමාව පසුකිරීමටවත් හැකියාවක් නොලැබුණි.

අවසානයේ ඇෆ්ගනිස්තානය කඩුලු 8ක් දැවී ලකුණු 155ක් රැස්කළ අතර පන්දු යැවීමේ දී සිම්බාබ්වේ කණ්ඩායම වෙනුවෙන් ක්‍රිස්ටෝපර් ම්පොෆු පන්දුවාර 4ක දී ලකුණු 30කට කඩුලු 4ක් දවා ගනු ලැබීය

ධර්මසේනගේ ගිය වසරේ ආදායමට ඉලක්කම් 8ක්!

ක්‍රිකට් තරගයක විනිසුරුවරයෙක් ලෙස කටයුතු කිරීම ලේසි පහසු දෙයක් නොවේ. එය ක්‍රිකට් ක්‍රීඩාවේ…

අනතුරුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි සිම්බාබ්වේ කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් වශයෙන් පිටියට පිවිසියේ හැමිල්ටන් මසකඩ්සා සහ බ්‍රෙන්ඩන් ටේලර්ය. එහි දී තම අවසන් ඉනිම ක්‍රියාත්මක කළ හැමිල්ටන් මසකඩ්සා ආරම්භයේ පටන්ම ඇෆ්ගනිස්තාන පන්දු යවන්නන්ට දිගට හරහට පහර එල්ල කරමින් තරගයේ ආධිපත්‍යය තම කණ්ඩායමට ලබා දීමට සමත් විය.

මසකඩ්සාට අනගි සහයක් ලබා දුන් බ්‍රෙන්ඩන් ටේලර් පන්දු 17ක දී ලකුණු 19ක් රැස්කළ අතර ඔවුන් දෙදෙනා අතර පළමු කඩුල්ලට ලකුණු 40ක සබඳතාවයක් ගොඩනගනු ලැබීය. ඉන්පසු පිටියට පිවිසි රෙගිස් චකබ්වා ද පන්දු 32ක දී ලකුණු 39ක් ලබා ගත්තේ මැඩකඩ්සා සමඟ තවත් සබඳතාවයක් ගොඩනගමිනි.

ටේලර් සහ චකබ්වා දෙදෙනාගේම ඉනිම් මසකඩ්සා වටා ගෙතුණු අතර ඔවුන් ඇෆ්ගනිස්තාන පන්දු යවන්නන් හට දිගින් දිගටම පහර දුන්නේ තරගයේ අණසක දිගින් දිගටම පතුරුවා හරිමිනි.

කෙසේ නමුත් තම ඉනිම අවසන් වන විට මසකඩ්සා පන්දු 42ක දී ලකුණු 71 ලබා ගැනීමට සමත් වූයේ ජයග්‍රාහි අවසානයක් සනිටුහන් කරමිනි.

අවස්ථාවට අනුව වගකීම් සහිත කෙටි ඉනිමක් ක්‍රීඩා කළ ෂොන් විලියම්ස් ඉනිම අවසානයේ දී ලකුණු 21ක් ලබා ගනු ලැබුවේ ජයග්‍රහණ වන තුරුම නොදැවී කඩුල්ලේ රැඳී සිටිමිනි. අවසානයේ පන්දුවාර 19.3ක දී තම ජයග්‍රාහි ඉලක්කය සපුරා ගැනීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත් විය.

පන්දු යැවීමේ දී මුජීබ් උර් රහ්මාන් ඇෆ්ගනිස්තානයේ සාර්ථකම පන්දු යැවීම සටහන් කළේ ලකුණු 28කට කඩුලු 2ක් ලබා දෙමිනි. මෙම තරගයේ වීරයා සම්මානය දිනා ගැනීමට කඩුලු 4ක් දවා ගනිමින් පන්දුවෙන් දස්කම් පෑ ක්‍රිස්ටෝපර් ම්පොෆු සමත් විය.

සිම්බාබ්වේ කණ්ඩායම මෙම තරගාවලියේ සහභාගී වූ තරග 4න් 3ක්ම පරාජය වීම නිසා මෙම තරගයට පෙරම ඔවුන් තරගාවලියෙන් ඉවතට විසි වී සිටි අතර සත්කාරක බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්ථානය ඒ වන විටත් අවසන් මහා තරගයට සුදුසුකම් ලබා සිටියේය.

අකිල දනංජයට අපල කාලයක්!

ශ්‍රී ලාංකික දඟපන්දු යවන්නෙකු වන අකිල දනංජය හට වහාම ක්‍රියාත්මක වන පරිදි ජාත්‍යන්තර ක්‍රිකට් තරග…

තරගාවලියේ මීළඟ තරගය බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්ථානය අතර හෙට (21) පැවැත්වෙන අතර තරගාවලියේ අවසාන මහා තරගයත් එම කණ්ඩායම් දෙක අතරම එළඹෙන 24 වැනිදා ඩකා හීදී පැවැත්වීමට නියමිතය.

ඇෆ්ගනිස්ථානය: 155/8 (20): රහ්මනුල්ලා ගුර්බාස් 61, හස්‍රතුල්ලා සසායි 31, ශෆිකුල්ලා 16, ක්‍රිස්ටෝපර් ම්පොෆු 30/4, ටිනොටෙන්ඩා මුටම්බොසි 18/2

සිම්බාබ්වේ -156/3 (19.3): හැමිල්ටන් මසකඩ්සා 71, රෙගිස් චකබ්වා 39, බ්‍රෙන්ඩන් ටේලර් 19, මුජීබ් උර් රහ්මාන් 28/2, ධව්ලට් සර්ධාන් 27/1

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් පිටුවට<<