ගුර්බාස් සහ උල් හක්ගේ වාසනාවෙන් ඇෆ්ගනිස්තානයට තරගාවලි ජයක්

බටහිර ඉන්දීය කොදෙව් සහ ඇෆ්ගනිස්තාන විස්සයි විස්ස තරගාවලිය 2019

86
(Photo by Rohit UMRAO / AFP)

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා ඇෆ්ගනිස්තාන කණ්ඩායම අතර ඊයේ (17) ලක්නව් හිදී නිමා වුන තෙවැනි සහ අවසන් විස්සයි විස්ස ක්‍රිකට් තරගයෙන් ලකුණු 29ක ජයක් හිමි කර ගැනීමට ඇෆ්ගනිස්තානය සමත් විය. ඒ අනුව 2-1ක් ලෙස තරගාවලිය ජය ගත්තේ ඇෆ්ගනිස්තාන කණ්ඩායමයි.

“මට එංගලන්තයේ නායකයා වෙන්න ආසාවක් නැහැ”

බෙන් ස්ටොක්ස් ගෙවී ගිය දශකය තුල එංගලන්තයෙන් බිහිවුණු දක්ෂ තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩකයෙක් බව ඔහු හැකියාවෙන්ත…..

කාසියේ වාසිය ජයග්‍රහණය කරමින් පළමුව පිටියට පිවිසි ඇෆ්ගනිස්තානය වෙනුවෙන් රහ්මනුල්ලා ගුර්බාස් දියත් කළ වේගවත් පිතිකරණය පළමු පන්දුවාරයේ සිටම කොදෙව්වන්ට වැඩි පීඩනයක් එල්ල කිරීමට සමත් විය. 

ගුර්බාස් 4 පහර 6ක් සහ 6 පහර 5ක් එල්ල කරමින් පන්දු 52ක දී ලබා ගත් ලකුණු 79 නිසා ඔවුන්ගේ නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 156ක් වාර්තා කරගන්නට ඔවුන්ට හැකි විය. 

දෙරට අතර පසුගිය දා නිමා වූ එක්දින තරගාවලිය 3-0ක් ලෙස ජය ගත් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම මේ විස්සයි විස්ස තරගාවලියේ පළමු තරගය ජයගෙන ඉතාමත් හොඳ ජයග්‍රාහී මානසිකත්වයක් ඇතිව තරගාවලියට අවතීර්ණ වූ නමුත් දෙවන හා තෙවැනි විස්සයි විස්ස තරග පරාජයට පත් විය.

ලකුණු 13කට ඇෆ්ගන් කඩුලු 2ක් දැවී ගියත්, වයස අවුරුදු 17ක් වන කඩුලු රකින පිතිකරු ගුර්බාස් එක් අන්තයක් රැකගෙන ඉතාමත් හොඳින් ක්‍රීඩා කරමින් සිය ජාත්‍යන්තර විස්සයි විස්ස ක්‍රිකට් දිවියේ වාර්තා කර ගත් දෙවන අර්ධ ශතකය රැස් කරන්නට සමත් විය. 

ඔවුන්ගේ මැදපෙළ සවිමත් කළ හිටපු නායක අස්ගහර් ඇෆ්ගන් ගුර්බාස් සමඟ එක්ව සිව්වැනි කඩුල්ල සඳහා ලකුණු 50ක සබඳතාවයක් ගොඩනැංවූ අතර ඇෆ්ගන් ලකුණු 24ක් ලබා සිටිය දී කීමෝ පෝල්ගේ පන්දුවක් හමුවේ දැවී ගියේය. 

ජාත්‍යන්තර විස්සයි විස්ස ක්‍රිකට් පිටියේ සිය හොඳම පිතිකරණ දස්කම පෙන්වූ ගුර්බාස් (ලකුණු 79) ඉනිමේ 14 වැනි පන්දුවාරය තුල දැවී ගියේ නායක කිරන් පොලාර්ඩ්ගේ පන්දුවක් හමුවේ පෝල් වෙත උඩ පන්දුවක් ලබා දෙමිනි. 

වේගපන්දු යවන ක්‍රීඩකයින් වන ශෙල්ඩන් කොට්‍රල්, පෝල් සහ කැස්රික් විලියම්ස් අතරේ කඩුලු 2ක බැගින් බෙදී ගියේය. 

ක්‍රීඩකයෙකුට අපහාස කළ ඕස්ට්‍රේලියා ප්‍රබලයෙක්ට වැඩ වරදී

ඕස්ට්‍රේලියා වේගපන්දු යවන ක්‍රීඩක ජේම්ස් පැටින්සන්, අයහපත් හැසිරීම හේතුවෙන් (player abuse) පාකිස්තානයට…..

තරගාවලියේ ජයග්‍රහණය තීරණය කරනු ලබන මෙම තීරණාත්මක තරගයේ දී ඇෆ්ගනිස්තානයේ මෙන්ම කොදෙව්වන්ගේ පළමු කඩුලු දෙක ඉතාමත් අඩු ලකුණු ප්‍රමාණයක් තුල දැවී යද්දී ශායි හෝප් විශ්වාසවන්ත පිතිකරණයක නිරත වීම අරඹන ලදි. 

කෙසේ නමුත් ලකුණු 11ක් ලබා සිටි හෝප් ගුලබ්දීන් නයිබ්ගේ පන්දුවක් හමුවේ නවීන් උල් හක් වෙත උඩ පන්දුවක් ලබා දුන් නමුත් ඔහුට එය රැක ගැනීමට නොහැකි විය. එය සිය වාසනාවට හරවා ගත් හෝප් අර්ධ ශතකයක් ලබා ගනිමින් තරගය තීරණාත්මක තරගයට රැගෙන ආ නමුත් උල් හක් ඔහු අතින්  වූ වරද අවසන් මොහොතේ හෝ නිවැරදි කරගනිමින් හෝප්ගේ කඩුල්ල දවා ගත්තේය.

අවසානයේ කොදෙව්වෝ සිය නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී වාර්තා කරගත්තේ ලකුණු 127ක් පමණි. පන්දු යැවීමේ දී දකුණතින් මද වේගපන්දු යවන උල් හක් ලකුණු 24කට කඩුලු 3ක් දවා ගත්තේය.

දෙරට අතර පැවැත්වෙන එකම ටෙස්ට් ක්‍රිකට් තරගය නොවැම්බර් 27 වැනිදා ආරම්භ වේ. 

  • තරගයේ වීරයා –  රහ්මනුල්ලා ගුර්බාස් (ඇෆ්ගනිස්තානය)

ඇෆ්ගනිස්තානය – 156/8 (20): රහ්මනුල්ලා ගුර්බාස් 79, අස්ගහර් ඇෆ්ගන් 24, ශෙල්ඩන් කොට්‍රල් 2/29.

බටහිර ඉන්දීය කොදෙව් – 127/7 (20): ශායි හෝප් 52, එවින් ලුවිස් 24, නවීන් උල් හක් 3/24.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<