ලුවිස් සහ විලියම්ස් කොදෙව්වෝ දිනවති

66

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා ඇෆ්ගනිස්තාන කණ්ඩායම අතර ඊයේ (14) ලක්නව් හිදී පැවති පළමු විස්සයි විස්ස ක්‍රිකට් තරගයෙන් ලකුණු 30ක ජයක් හිමි කරගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් විය.

ශ්‍රී ලංකා ටෙස්ට් තරගාවලියට දින තීන්දුයි!

වසර 10ක දීර්ඝ විවේකයකින් අනතුරුව පාකිස්තානය ………..

කොදෙව්වන් වෙනුවෙන් එවින් ලුවිස් ලබා ගත් අර්ධ ශතකය සහ කැස්රික් විලියම්ස් දවා ගත් කඩුලු 3 තරග තුනකින් යුත් විස්සයි විස්ස තරගාවලිය සඳහා සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට කොදෙව් කණ්ඩායමට විශාල පිටිවහලක් විය.

දෙරට අතර පසුගිය දා නිමා වූ එක්දින තරගාවලිය 3-0ක් ලෙස ජය ගත් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම මේ තරගාවලිය සඳහා අවතීර්ණ වූයේ ඉතාමත් හොඳ ජයග්‍රාහී මානසිකත්වයක් ඇතිවයි. 

තරගයේ කාසියේ වාසිය දිනා ගත් ඇෆ්ගනිස්තාන නායක රෂීඩ් ඛාන් පළමුව පන්දු යැවීමට තීරණය කළ අතර දඟපන්දු යවන ක්‍රීඩක මුජිබර් රහුමාන් කොදෙව් නවක ආරම්භක පිතිකරුවා වූ බ්‍රැන්ඩන් කිං ලකුණු 4කට දවා ගනිමින් කිංගේ මංගල තරගය අමිහිරි තරගයක් බවට පත් කරන ලදි. 

අනතුරුව පිටියට පිවිසි ලුවිස් හා ශිම්රන් හේට්මයර් දෙවන කඩුල්ල වෙනුවෙන් අගනා ලකුණු 87ක සබඳතාවයක් ගොඩනංවමින් කොදෙව්වන් වෙත පතිත වෙමින් තිබූ පීඩනය ඇෆ්ගනිස්තානය වෙත යොමු කළේය. 

එහි දී 4 පහර 4ක් හා 6 පහර 6ක් සමඟ පන්දු 41කට මුහුණ දෙමින් ලෙවිස් ලකුණු 68ක් වාර්තා කර ගන්නා විට මුහුණ දුන් පන්දු ප්‍රමාණයට සමාන ලකුණු ගණනක් වාර්තා කර ගත් හේට්මයර් ලකුණු 21ක් ලබා ගත්තේය. 

ශකිබ් නැහැ කියන්නේ ක්‍රීඩකයින් දෙන්නෙක් නැහැ වගේ – බංග්ලාදේශ නායක

ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන තරග දෙකකින් ……….

කොදෙව් මැදපෙළ තවදුරටත් තරගයේ තරගකාරිත්වය තුල රඳවා ගත් දිනේෂ් රාම්ඩීන් සහ නායක කිරන් පොලාර්ඩ් පිළිවෙළින් ලකුණු 20ක් සහ 32*ක් වාර්තා කරගනිමින් කොදෙව් ලකුණු සටහන ලකුණු 164ක් දක්වා රැගෙන ගියේය. 

කොදෙව් නායකයා ලෙස සිය මංගල විස්සයි විස්ස ක්‍රිකට් තරගය ක්‍රීඩා කළ පොලාර්ඩ් පන්දු 22ක් තුල එම ලකුණු 32*ක වාර්තා කරගත්තේ 4 පහර 2ක් සහ 6 පහරක් සමඟයි. 

නිමා වූ එක්දින තරග දෙක සඳහා ක්‍රීඩා කිරීමට අවස්ථාව නොලැබුණු ගුලබ්දීන් නයිබ් මේ තරගයේ දී ලකුණු 24කට කඩුලු 2ක් දවා ගනිමින් මේ තරගයේ හොඳම දස්කම දැක්වූ ඇෆ්ගනිස්තාන පන්දු යවන්නා බවට පත් විය. 

කොදෙව්වන් ලබා ගත් ලකුණු 165ට පිළිතුරු ලෙස පිටියට පිවිසි ඇෆ්ගනිස්තාන පළමු කඩුලු 2ක ලකුණු 7ක් තුල දවා ගැනීමට විලියම්ස් සහ ශෙල්ඩන් කොට්‍රල් සමත් විය. ඔවුන්ගේ මුල්පෙළ ප්‍රබල පිතිකරුවන් කිහිප දෙනෙක් ලකුණු 20-30 තුල දැවී ගිය නිසා තරගයේ පැහැදිලි වාසියක් ලබා ගැනීමට කොදෙව්වෝ සමත් වූහ. 

ඉනිම යම් මට්ටමකට ස්ථාවර කර ගැනීමට වෙර දැරූ හස්රතුල්ලා සසායි පන්දු 29කට මුහුණ දෙමින් ලකුණු 23ක් ලබා ගන්නා විට, අනෙක් අන්තයෙන් පන්දු 22කට මුහුණ දුන්  නජිබුල්ලා සද්‍රාන් ලකුණු 27ක් වාර්තා කරගත්තේ පන්දු 24ක් තුලයි. එම ඉනිමට 4 පහර 3ක් හා එක් 6 පහරක් ඇතුළත් විය. 

ඕමානය හමුවේ ශ්‍රී ලංකා නැගී එන පිළට අනපේක්ෂිත පරාජයක්!

ආසියානුකරයේ නැගී එන කණ්ඩායම් අතර පැවැත්වෙන …….

අවසානයේ ඇෆ්ගනිස්තානය ඔවුන්ගේ නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලබා ගැනීමට සමත් වූයේ ලකුණු 134ක් පමණි. පන්දු යැවීමේ දී දකුණතින් මද වේගපන්දු යවන විලියම්ස් කඩුලු 3ක් දවා ගන්න විට, පොලාර්ඩ් සහ හේඩ්න් වොල්ෂ් අතරේ කඩුලු 2ක බැගින් බෙදී ගියේය.

දෙරට අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගය මේ මස 16 වැනිදා ලක්නව් හි දීම පැවැත්වේ.

තරගයේ වීරයා – කිරන් පොලාර්ඩ් (බටහිර ඉන්දීය කොදෙව්)

බටහිර ඉන්දීය කොදෙව් – 164/5 (20): එවින් ලුවිස් 68, කිරන් පොලාර්ඩ් 32*, ගුලබ්දීන් නයිබ් 2/24

ඇෆ්ගනිස්තානය – 134/9 (20): නජිබුල්ලා සද්‍රාන් 27, කැස්රික් විලියම්ස් 3/27.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<