රෂීඩ් ඛාන් අයර්ලන්තය පලවා හරියි

215

ඇෆ්ගනිස්තානයේ වමත් දඟපන්දු යවන රෂීඩ් ඛාන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ අසරණ වූ අයර්ලන්ත ක්‍රීඩකයෝ ඊයේ (24) ඩෙහ්රාන් හි රජීව් ගාන්ධි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී නිමා වූ තෙවැනි සහ අවසන් විස්සයි විස්ස තරගයේ දී ලකුණු 32ක පරාජයකට මුහුණ දුන්හ.

මෙම ජයග්‍රහණයත් සමඟින් තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය 3-0ක් ලෙසින් ජය ගැනීමට ඇෆ්ගනිස්තාන ක්‍රීඩකයෝ සමත් වූහ.

ශ්‍රී ලංකාවට එරෙහි දකුණු අප්‍රිකා එක්දින සංචිතයෙන් ප්‍රබලයෙකු ඉවතට

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම් සමඟ පැවැත්වෙන…

රෂීඩ් ඛාන් කඩුලු ත්‍රිත්වයක් දිනා ගනිමින් දක්ෂතා දැක්විය. ඔහු ඉනිමේ 16 වැනි පන්දුවාරයේ අවසන් පන්දුවේ දී කෙවින් ඕ බ්‍රයන් දවා ගත් අතර 18 වැනි පන්දුවාරයේ පළමු සහ දෙවැනි පන්දුවල දී පිළිවෙළින් ජෝර්ජ් ඩොක්රෙල් සහ ෂේන් ගෙට්කේට් දවා ගනිමින් මෙම දක්ෂතාව දැක්විය.

කාසියේ වාසිය දිනූ අයර්ලන්ත නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ඇෆ්ගනිස්තාන ක්‍රීඩකයෝ කඩුලු 7ක් දැවී ලකුණු 210ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් අයර්ලන්ත ක්‍රීඩකයන්ට ලබා ගත හැකි වූයේ කඩුලු 8ක් දැවී ලකුණු 178ක් පමණි.

ඇෆ්ගනිස්තාන ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූයේ දකුණත් පිතිකරු මොහොමඩ් නබී ය. ඔහු පන්දු 36ක දී හතරේ පහර 6ක් සහ හයේ පහර 7ක් සමඟින් ලකුණු 81ක් ලබා ගත්තේ ය. එය ඔහුගේ විස්සයි විස්ස ජාත්‍යන්තර දිවියේ හොඳම ඉනිම් අතර දෙවැනි තැන ගත්තේ ය. මොහොමඩ් නබී මෙම තරගයේ වීරයා ලෙසින් නම් කෙරුණු අතර තරගාවලියේ වීරයා ලෙසින් ද නම් කෙරුණේ ඔහු ය.

ඊට අමතරව ලකුණු අතරට පිවිසි ක්‍රීඩකයන් අතුරින් කැපී පෙණුනේ ආරම්භක පිතිකරු හස්රතුල්ලා සසායි ය. ඔහු පන්දු 17කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 31ක් ලබා ගත්තේ ය. කඩුලු දවා ගැනීමේ දී බොයිඩ් රැන්කින් ලකුණු 53කට කඩුලු 3ක් දවා ගත්තේ ය.

සසායිගේ ප්‍රහාරය නිසා වැඩිම T20 ලකුණු වාර්තාව ඇෆ්ගනිස්තානයට!

2007 සිට පුරා වසර 9ක් තිස්සේ ලොව වැඩිම විස්සයි …

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි අයර්ලන්ත ක්‍රීඩකයන්ගේ ඉනිම සහමුලින් ම පාලනය කිරීමට වමතින් දඟපන්දු යැවූ රෂීඩ් ඛාන් සමත් විය. ඔහු ලකුණු 27කට කඩුලු 5ක් දවා ගත්තේ ය. රෂීඩ් මීට පෙර අයර්ලන්ත කණ්ඩායමටම එරෙහිව 2017 වසරේ දී ලකුණු 3කට කඩුලු 5ක් දවා ගෙන ඉනිමක හොඳම පන්දු යැවීම වාර්තා කර ඇති අතර මෙය ඔහුගේ එහි දෙවැනි ඉනිම විය.

අයර්ලන්තය වෙනුවෙන් පන්දුවට පහර දීමේ දී ආරම්භක පිතිකරු කෙවින් ඕ බ්‍රයන් පන්දු 47කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 74ක් ලබා ගත්තේ ය. ඊට අමතරව ඇන්ඩෘ බල්බ්‍රින් පන්දු 33ක දී හතරේ පහර 7ක් සමඟින් ලකුණු 47ක් ලබා ගත්තේ ය.

ඔවුන් දෙදෙනා අතර දෙවැනි කඩුල්ලේ සබඳතාව ලකුණු 94ක් විය. පන්දු යැවීමේ දී රෂීඩ් ඛාන්ට අමතරව අද තරගයේ දී විස්සයි විස්ස ජාත්‍යන්තර වරම් දිනා ගත් දකුණතින් ආරම්භක වේගපන්දු යවන සියර් රාහ්මන් කඩුලු 2ක් දවා ගත්තේ ය.

කුසල්, ඕෂද සමඟින් තවත් ක්‍රීඩකයින් රැසක් ඉහළට

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කළ ….

ඇෆ්ගනිස්තානය; කඩුලු 7ක් දැවී 210 (20) හස්රතුලුල්ලා සසායි 31, අස්ගර් ඇෆ්ගන් 20, මොහොමඩ් නබි 81, බොයිඩ් රැන්කින් 3/53

අයර්ලන්තය: කඩුලු 8ක් දැවී 178 (20) කෙවින් ඕ බ්‍රයන් 74,  ඇන්ඩෘ බල්බ්‍රින් 47, සියර් රාහ්මන් 2/42? රෂීඩ් ඛාන් 5/27

දෙරට අතර පැවැත්වෙන තරග 5කින් සමන්විත එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය මේ මස 28 වැනිදා සිට ආරම්භ වීමට නියමිත ය.  

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<