නබී ඇෆ්ගනිස්තානය සතුටු කරයි

307

මොහොමඩ් නබීගේ තුන් ඉරියව් දක්ෂතා හේතුවෙන් රජිව් ගාන්ධි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී නිමා වූ අයර්ලන්තය සහ ඇෆ්ගනිස්තානය අතර පැවති විස්සයි විස්ස ක්‍රිකට් තරගයෙන් කඩුලු 5ක ජයග්‍රහණයක් ලබා ගැනීමට ඇෆ්ගනිස්ථානය සමත් විය.

ඒ අනුව තරග 3කින් සමන්විත විස්සයි විස්ස ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියේ 1-0ක් සේ ඉදිරියට පැමිණීමට ඇෆ්ගනිස්ථාන ක්‍රීඩකයෝ සමත් වූහ.

ලෝක කුසලානයේ දී ඉන්දියාව දරුණු ගැටලුවක?

2019 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට තවත්….

කාසියේ වාසිය දිනා ගත් අයර්ලන්ත නායකයාගේ අදහස වූයේ පළමුවෙන් පන්දුවට පහර දීමය. ඒ අනුව පිටියට පිවිසි ඔවුන් තම ඉනිම වෙනුවෙන් කඩුලු 6ක් දැවී ලකුණු 132ක් ලබා ගත්හ. ඊට පසුව පිළිතුරු ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි ඇෆ්ගනිස්තාන ක්‍රීඩකයන්ගේ ඉනිම පන්දුවාර 19.2කට සීමා වූයේ ජයග්‍රාහී ඉලක්කය සපුරා ගැනීමත් සමඟිනි.  

අයර්ලන්ත ඉනිමේ ආරම්භයේ සිටම පැවතියේ මන්දගාමී ලකුණු පුවරුවක් නිර්මාණය වෙන අයුරුය. ඒ අනුව වරෙක අයර්ලන්ත ලකුණු පුවරුව කියැවුණේ කඩුලු 4කට ලකුණු 52ක් ලෙසිනි. අනතුරුව ඉනිමේ යැවුන 12 වැනි පන්දුවාරයේ දී පන්දු දෙකක් තුළ කඩුලු දෙකක් දවා ගැනීමට රෂීඩ් කාන් සමත් විය.

එසේ වූවත් අයර්ලන්ත ඉනිම වෙනුවෙන් ලබා ගත් වැඩිම ලකුණු සංඛ්‍යාව වූයේ 34යි. එහි හිමිකාරිත්වය ජෝර්ජ ඩොක්රල් සතු විය. පන්දු 28කින් වාර්තා වූ එම ඉනිමට හතරේ පහර 3ක් සහ හයේ පහර දෙකක්  සමඟින් ලකුණු 34ක් ලබා ගත්තේ ය. ඊට අමතරව ස්ටුවර්ට් පොන්ටර් පන්දු 28කට මුහුණ දෙමින් ලකුණු 31ක් ලබා ගත්තේ හතරේ පහර දෙකක් සහ හයේ පහරක් අතුලත් කර ගනිමිනි. ඔවුන් දෙදෙනා අතර 7 වැනි කඩුල්ලට නොදැවුණ ලකුණු සබඳතාව ලකුණු 67කි.

කඩුලු ලබා ගැනීමේ දී මොහොමඩ් නබී සහ රෂීඩ් ඛාන් කඩුලු 2 බැගින් බෙදා ගත්හ.  

අලුත් ක්‍රීඩකයෙක් කණ්ඩායමට; කාසියේ වාසිය සත්කාරකයින්ට

පසුගිය වසරේ ඔක්තොම්බර් මාසයේ එංගලන්තයට ….

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ඇෆ්ගනිස්තාන ක්‍රීඩකයෝ පන්දුවාර 19.3ක දී කඩුලු 5ක් දැවී ලකුණු 136ක් ලබා ගනිමින් තරගය ජයග්‍රහණය කරා රැගෙන ගියහ.

නමුත් එම ඉනිමේ දී ප්‍රතිවාදීන් අවස්ථා කිහිපයක දී ම අසරණ කිරීමට අයර්ලන්ත පන්දු යවන්නෝ සමත් වූහ. ඉනිමේ සිව්වැනි පන්දුවාරයේ දී පන්දු 3ක් තුළ කඩුලු දෙකක් බිඳ වැටීම ඔවුන් තරමක් සලිත කරන්නක් විය. නමුත් මොහොමඩ් නබී සහ නජිබුල්ලා සඩ්රාන් එක්ව ප්‍රතිවාදීන් මෙල්ල කිරීමත් සමඟින් තරගයේ ජයග්‍රහණය ඇෆ්ගනිස්තාවනුවත් වෙත නැඹුරු විය.

එම ඉනිමේ දී දක්ෂතා දැක්වීමට මොහොමඩ් නබි පන්දු 40කට මුහුණ දෙමින් හතරේ පහර 5ක්  සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 49ක් ලබා ගත්තේ ය. ඊට අමතරව නජ්බුල්ලා සඩ්රාන් ද පන්දු 36කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 40ක් ලබා ගත්තේ ය. ඔවුන් දෙදෙනා අතර එම කඩුල්ලට නොබිඳුණ සබඳතාව ලකුණු 86කි.

අයර්ලන්තය; කඩුලු 6ක් දැවී 132 (20) පෝල් ස්ටීරීන්ග් 23, ජෝජ් ඩොක්රෙල් නොදැවී 34, ස්ටුවර්ට් පොන්ටර් නොදැවී 31, මොහොමඩ් නබී

ඇෆ්ගනිස්තානය; කඩුලු 5ක් දැවී 136 (19.2) මොහොමඩ් නබී නොදැවී 49, නජිබුල්ලා සඩ්රාන් නොදැවී 40, බොයිඩ් රැන්කින් 2/39

දෙරට අතර පැවැත්වෙන දෙවැනි විස්සයි විස්ස තරගය මේ මස 23 වැනිදා දෙහෙරාන් දුන් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිත ය.  

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<