ඇෆ්ගනිස්තානය තරගාවලිය ජය ගනී

230

අවසාන තරගයේ අවසාන ඉනිමේ, ආරම්භයේ පෙරනිමිති අවාසනාවන්ත වීම ඇෆ්ගනිස්තාන ක්‍රීඩකයන් තරමක් සලිත කළ ද ප්‍රතිවාදී අයර්ලන්ත ක්‍රීඩකයන්ට එම තත්ත්වය දිගින් දිගටම පවත්වා ගෙන යෑමට නොහැකි වීමෙන් ඊයේ (31) බෙල්ෆාස්ට් ක්‍රීඩාංගණයේ දී පැවති එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් කඩුලු 8ක ජයග්‍රහණයක් ලබා ගැනීමට ඇෆ්ගනිස්තාන ක්‍රීඩකයෝ සමත් වුනා.

ඇෆ්ගනිස්තාන ශතක තරගය කඳුලින් සැමරේ

අයර්ලන්ත ක්‍රීඩක ටීම් මුර්ටාග්ගේ පන්දු යැවීම හමුවේ අසරණ වූ ඇෆ්ගනිස්තානය තමන් මුහුණ දුන් ජාත්‍යන්තර

තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් අයර්ලන්ත ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලකුණු 124ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් ඇෆ්ගනිස්තාන ක්‍රීඩකයෝ කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 127ක් ලබා ගත්තා. ඒ තරගය නිමා වීමට තවත් පන්දු 157ක් ඉතිරිව තිබිය දීයි.

ඒ අනුව දෙරට අතර පැවති තරග තුනකින් සමන්විත තරගාවලිය 2-1ක් සේ ජයග්‍රහණය කිරීමට ඇෆ්ගන් ක්‍රීඩකයෝ සමත් වුනා. තරගාවලියේ වීරයා ලෙසින් ඇෆ්ගනිස්තානයේ රෂීඩ් කාන් නම් කෙරුණා.

තම සියවැනි එක්දින ජාත්‍යන්තර තරගයේ දී වූ අඩු පාඩු හේතුවෙන් තරගාවලිය 1-1ක් සේ සම තත්ත්වයේ සිටිමින් අවසන් තරගයට පිවිසි ඇෆ්ගනිස්තාන ක්‍රීඩකයෝ ප්‍රතිවාදීන් අඩු ලකුණු ප්‍රමාණයකට සීමා කළ ද ඔවුන්ගේ ආරම්භය අවාසනාවන්ත වීමෙන් තරමක් චකිතයකින් තරගයට අවතීර්ණ වෙන්නට සිදු වුනා.

ලකුණු 125ක ඉලක්කයක් වෙනුවෙන් පිටියට පිවිසි ඇෆ්ගනිස්තාන ඉනිමේ පළමු කඩුල්ල අහිමි වූයේ ලකුණු 3ක් වෙද්දී. ඒ ආරම්භක පිතිකරු මොහොමඩ් ශෂාද් (01) දැවී යෑමත් සමඟින්.  ඒ වන විට ක්‍රියාත්මක තිබුණේ ඉනිමේ දෙවැනි පන්දු වාරයයි.

එතැන් සිට වඩාත් පරිස්සම් වූ අනෙක් ආරම්භක පිතිකරු ඉසනුල්ලා ජනට් සහ රාහ්මට් ෂා ඇෆ්ගන් ලකුණු පුවරුව 53ක් දක්වා රැගෙන ඒමට සමත් වුනා. ඉනිමේ දෙවැනි කඩුල්ල ලෙසින් ෂා ලකුණු 33ක් ලබා සිටිය දී දැවී ගියා. ෂා තම ඉනිම වෙනුවෙන් පන්දු 35කට මුහුණ දුන් අතර ඊට හතරේ 5ක් ඇතුලත් කර තිබුණා.

සම්මුගේ පෙරළිය නැවතූ උදාන ඇතුළු දඔුල්ලට ජය

ලංකන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය වෙනුවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් හදුන්වා

අනතුරුව පිටියට පිවිසියේ හෂ්මතුල්ලා ෂහිදි. ඉසනුල්ලා සහ හෂ්මතුල්ලා එක්ව නැවත කිසිවෙක්ටත් පිටියට පිවිසෙන්නට ඉඩ නොතබමින් තරගය අවසානය දක්වා රැගෙන ගියා. තරගය නිමා වන විට 20 හැවිරිදි දකුණත් පිතිකරු ඉසනුල්ලා පන්දු 62කට මුහුණ දී හතරේ පහර 6ක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 57ක් ලබා සිටියා. එය ඔහුගේ එක්දින තරග පිටියේ හොඳම ඉනිම බවටත් පරිවර්තනය වුනා.  

හෂ්මතුල්ලා ලබා සිටි ලකුණු සංඛ්‍යාව 34ක්. පන්දු 44කට මුහුණ දුන් හෂ්මතුල්ලා තම ඉනිමට හතරේ පහර 5ක් ඇතුලත් කළා.

දැවී ගිය කඩුලු දෙක ටිම් මුර්ටාග් සහ බොයිඩ් රන්කින් අතරේ බෙදී ගියා.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් අයර්ලන්ත ඉනිමේ ආරම්භක කඩුල්ලේ සිටම දැක්වූ දුර්වලතාව ඉනිම පුරාම පැතිරුණා. ඒ අනුව ඔවුන්ගේ ඉනිම පන්දු වාර 36.1කට සීමා වුනා.

ඉනිමේ ආරම්භක කඩුලු 4 ලකුණු 39කට සීමා කිරීමට ඇෆ්ගනිස්තාන ක්‍රීඩකයන්ට හැකි වුනා. අනතුරුව 5 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 32ක සබඳතාවක් එක් කිරීමට කෙවින් ඕබ්‍රයන් (16) සහ සිම් සං සමත් වුනා.

අනතුරුව කණ්ඩායමේ හොඳම ලකුණු සබඳතාව එක් කිරීමට ගැරි විල්සන් සහ ඇන්ඩ්‍රි මැක්බ්‍රින් (16) සමත් වුනා. ඒ 7 වැනි කඩුල්ල වෙනුවෙන් වූ ලකුණු 37ක සබඳතාවයි.

මොරටුවෙන් පායන අලුත්ම ක්‍රිකට් තරුව, නිශාන් මදුෂ්ක – Powerplay

වසර දෙකක් තිස්සේ ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායමත්, මෙම වසරේ පැවති සුපිරි පළාත් එක්දින තරගාවලියේ දඹුල්ල කණ්ඩායමත් නියෝජනය කළ මොරටුව මහා විද්‍යාලයේ නිශාන් මදුෂ්ක මෙවර Powerplay තුලින් සිය ක්‍රිකට් දිවියේ පෑ දස්කම් හා අනාගත බලාපොරොත්තු මෙන්ම පිටියෙන් එපිට තොරතුරු අප සමඟ බෙදා ගත්තේ මෙසේයි.

ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වුණේ ගැරි විල්සන්. ඔහු ලකුණු 23ක් ලබා ගත්තා. පන්දු 36කට මුහුණ දුන් ගැරී තම ඉනිමට හතරේ පහරක් පමණක් එකතු කර ගත්තා.

ඊට අමතර ව ඇන්ඩෘ බල්බ්‍රින් සහ සිමි සිං ලකුණු 17 බැගින් ලබා ගත්තා.

කඩුලු ලබා ගැනීමේ දී දකුණතින් පා දඟපන්දු යවන රෂීඩ් කාන් ලකුණු 18කට කඩුලු 3ක් දවා ගත්තා. ඔහුට අමතරව අෆ්ටාඩ් අලාම්, ගුල්බඩින් නයිබ් සහ මොහොමඩ් නබී කඩුලු 2 බැගින් දවා ගත්තා.

අයර්ලන්තය; සියලුම දෙනා දැවී 124 (36.1) ඇන්ඩෘ බල්බ්‍රින් 17, සිමි සිං 17, ගැරි විල්සන් 23, අෆ්ටාබ් අලාම් 2/22, ගුල්බඩින් නයිබ් 2/34, රෂීඩ් කාන් 3/18, මොහොමඩ් නබි 2/26

ඇෆ්ගනිස්තානය; කඩුලු 2ක් දැවී 127 (23.5) ඉසනුමුල්ලා ජනට් නොදැවී 57, රාහ්මට් ෂා 33, හෂ්මතුල්ලා ෂහිදි නොදැවී 34  

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <