කයිස් අහමඩ් සහ ක්‍රිස් ගේල් APL ආධිපත්‍ය පතුරවයි

813
Afghanistan Premier League 2018

කණ්ඩායම් 5ක් අතර තරග 23ක් පුරා පැවති ඇෆ්ගනිස්තාන් ප්‍රිමියර් ලීග් (APL) විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට බල්කා ලෙජන්ඩ්ස් කණඩායම සමත් විය. සාජා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී අද (21) දී නිමා වූ මෙම තරගාවලියේ අවසන් තරගයේ ප්‍රතිවාදීන් වූයේ කාබුල් ස්වනාස් කණ්ඩායමයි.

කෝලි සහ ෂර්මා කොදෙව් බලාපොරොත්තු වනසා දමයි

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ඉන්දීය තරග සංචාරය ආරම්භ කරමින් අද (21) ගුවාටි..

කාසියේ වාසිය දිනූ කාබුල් ස්වනාස් ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිස කඩුලු 9ක් දැවී ලකුණු 132ක් ලබා ගත් අතර පිළිතුරු ලෙසින් බල්කා ලෙජන්ඩ්ස් ක්‍රීඩකයෝ කඩුලු 6ක් පමණක් දැවී ලකුණු 138ක් ලබා ගනිමින් කඩුලු 4කින් තරගය ජයග්‍රහණය කළහ. ඒ තවත් පන්දු 11ක් ඉතිරිව තිබිය දී ය.

කාබුල් ස්වනාස් කණ්ඩායමේ ආරම්භය එතරම් ම සාර්ථක වූයේ නැතත් ඔවුන් පළමු පන්දු වාර 5 අවසන් කළේ ලකුණු 30ක් ලකුණු පුවරුවට එක්කර ගනිමිනි. නමුත් ඒ වෙනුවෙන් ඔවුන් කඩුලු 2ක් බිලි දුන්හ.

තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 38ක සබඳතාවක් ගොඩ නැගීමට වයිනේ පානෙල් සහ කොලින් ඉන්ග්‍රම් සමත් වූහ. එම සබඳතාව නිමා වූයේ කොලින් ඉන්ග්‍රම්ගේ දැවී යෑමත් සමඟිනි. ඉන්ග්‍රම් පන්දු 19ක දී හතරේ පහර 3ක් සමඟ ලකුණු 21ක් ලබා ගත්තේ ය. ඒ හා සමඟම වයිනේ පානෙල් ද කඩුල්ල හැර ගියේය. ඔහු පන්දු 25කට මුහුණ දී ලකුණු 21ක් ලබා ගත්තේ ය.

අනතුරුව 5 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 43ක සබඳතාවක් එක් කිරීමට ජාවේඩ් අහ්මඩ් සහ ලව්රි එවන්ස් සමත් වූහ. එය ඉනිමේ හොඳම කඩුලු සබඳතාව ද විය.  

තරගයේ 16 වැනි පන්දු වාරය යැවූ කයිස් අහමඩ් එම පන්දු වාරයේ දී මෙම කඩුලු සබඳතාව විනාශ කර දැම්මේ දෙදෙනා ම දවා ගනිමිනි. ලව්රි එවන්ස් ලකුණු 14කට කඩුල්ල හැර යද්දී ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ ජාවේඩ් අහ්මඩ් පන්දු 19කට මුහුණ දී හතරේ පහර 2ක් සහ හයේ පහර 2ක් සමඟ ලකුණු 32ක් ලබා සිටිය දී කඩුල්ල හැර ගියේය. ඒ වෙද්දි කාබුල් ස්වනාන් කණ්ඩායමේ ලකුණු පුවරුව කඩුලු 6ක් දැවී ලකුණු 109ක් තිබුණේ ය.

කයිස් අහමඩ් යැවූ ඊළඟ පන්දු වාරයේ දී ද කඩුලු 2ක් බිඳ වැටුණේ ය.

පුබුදු, රුවින් ත්‍රිත්ව විද්‍යාලය ඉදිරියෙන් තබයි

සිංගර් ශ්‍රී ලංකා ආයතනය හා ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය එක්ව සංවිධානය කරනු ලබන 2018/19..

කාබුල් ස්වනාස් කණ්ඩායමේ අවසන් කඩුලු 4 ලකුණු 23කට සීමා කිරීමට බල්කා ලෙජන්ඩ්ස් පන්දු යවන්නෝ සමත් වූහ. එහි දී වඩාත් වැඩි මෙහෙයක් ඉටු කළේ තවමත් 18 වැනි වියේ පසුවෙන ඇෆ්ගනිස්තාන වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම නියෝජනය කරන දඟපන්දු යැවූ කයිස් අහමඩ් ය. ඔහු ලකුණු 18කට කඩුලු 5ක් දවා ගත්තේ ය. තරගයේ වීරයා ලෙසින් ද නම් කෙරුණේ ඔහු ය.

පිළිතුරු ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි බල්කා ලෙජන්ඩ්ස් කණ්ඩායමේ ආරම්භක කඩුලු ද්විත්වය පළමු පන්දු වාරයේ දී ම දවා ගැනීමට කාබුල් ස්වනාස් කණ්ඩායම නියෝජනය කරන දකුණු අප්‍රිකානු වමත් වේගපන්දු යවන්නා වූ වයන් පනෙල් සමත් විය.

එසේ වූව ද බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක ක්‍රිස් ගේල්ගේ නොහික්මුණු ඉනිම කාබුල් ස්වනාස් කණ්ඩායම අසරණ කළේය. ක්‍රිස් ගේල් පන්දු 34ක දී ලකුණු 56ක් ලබා ගත්තේ ය. ඔහුගේ ඉනිමට හයේ පහර සහ හතරේ පහර 4 බැගින් එක් වී තිබුණි.

බල්කා ලෙජන්ඩ්ස් කණ්ඩායමේ ජයග්‍රහණයේ අනෙක් නියමුවා වූයේ එංගලන්ත ක්‍රීඩක රවි බොපාරා ය. ඔහු තරගය කරා රැගෙන යමින් පන්දු 29ක දී හතරේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 32ක් ලබා ගත්තේ ය.

කාබුල් ස්වනාස් කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවීමේ දී වයන් පනෙල් ලකුණු 35කට කඩුලු 3ක් දවා ගත්තේ ය.

HNB, කැන්රිච් ෆිනෑන්ස්, CDB හා එක්ස්පෝ ලංකා ජයග්‍රහණ වාර්තා කරයි

අශේන් ප්‍රනාන්දුගේ ශතකයෙන් HNB ජය ගනී මග්ගොන සරේ ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේ දී…

තරගාවලියේ වීරයා ලෙසින් කාබුල් ස්වනාන් කණ්ඩායම නියෝජනය කළ ඇෆ්ගනිස්තානයේ  රෂීඩ් ඛාන් නම් කෙරුණි.

කාබුල් ස්වනාන්; කඩුලු 9ක් දැවී 132 (20): වයිනේ පානෙල් 21, කොලින් ඉන්ග්‍රම් 21, ජාවේඩ් අහ්මඩි 32, ලව්රි එවන්ස් 14, කයිස් අහමඩ් 5/18

බල්කා ලෙජන්ඩ්ස්; කඩුලු 6ක් දැවී 138 (18.1): ක්‍රිස් ගේල් 56, රවි බොපාරා නොදැවී 32, වයින් පනෙල් 3/35

ඇෆ්ගනිස්තාන ප්‍රිමියර් ලීග් තරගාවලියට සහභාගී වූ ඉසුරු උදාන පක්ටියා පැන්තර්ස් කණ්ඩායම නියෝජනය කරමින් තරග 8ක දී ලකුණු 245කට කඩුලු 17ක් ලබා ගනිමින් තරගාවලියේ වැඩියෙන් ම කඩුලු ලබා ගත් ක්‍රීඩකයා ලෙසින් තරගාවලිය අවසන් කළේය.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<