ඇෆ්ගන්වරුන් යුද ගිනිදැල් මැද ලෝක කුසලානය ජය කෙහෙලි නංවන හැටි

113

පසුගිය දා ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර රාත්‍රියේ ඇතිවූ වෙඩි හඬවල් එරට ජන ජීවිතය භීතියට පත් කළේය. තවත් ත්‍රස්ත ප්‍රහාරයක් යැයි සිතූ එරට ජනතාව මහත් කලබලයක් ඇති කළේය.

නමුත් මෙවර සිදුව තිබුණේ ත්‍රස්ත ප්‍රහාරයක් නොවේ. තම අසල්වැසියන් වූ පාකිස්තානය ලෝක කුසලාන තරගාවලියේ පුහුණු තරගයේ දී ඇෆ්ගනිස්තානය විසින් පරාජය කිරීම මෙලෙස පිස්තෝල හා තුවක්කු මගින් අහසට වෙඩි තබමින් සමරා ඇත. වසර ගණනාවක් යුදමය වාතාවරණයක සිටින ඇෆ්ගනිස්තානය ක්‍රිකට් ක්‍රීඩාවෙන් පැමිණ ඇති දුර එම ජයග්‍රහණයත් සමඟින් ලොවට ඔප්පු කිරීමට ඔවුන් සමත් විය.

“ඇෆ්ගනිස්තානය හොඳින් ක්‍රීඩා කළහොත් ඒක අපි හැමෝටම මුලු ඇෆ්ගනිස්තානයටම ආඩම්බරයක් වෙයි” කාබුල් හි ජීවත් වන 18 වියැති බසීර් අහමඩ් මාධ්‍ය වෙත පවසා තිබේ. ඇෆ්ගනිස්තානය තම යුදමය වාතාවරණයට හා ආර්ථික පසුබෑමට වගකිව යුත්තන් ලෙස පාකිස්තානයට චෝදනා කරන අතර බොහෝ කාලයක සිට රටවල් දෙක අතර මතබේද පවතී.

“අපේ ප්‍රධාන හතුරා පරාජය කිරීම අපට දුන්න තෑග්ගක් වගේ. විශේෂයෙන් අපේ වීරයන්ට” නසීර් නසේරි ෆේස්බුක් සටහනක් මගින් පවසා තිබුණා.

“අපි බලාගෙන හිටිය කාලය ඉවරයි. අපි අවසානයේ පාකිස්තානය පරාජය කළා.”

මගේ කණ්ඩායම හොඳ සූදානමකින් ඉන්නවා – ඇෆ්ගනිස්තාන නායක

ලෝක ක්‍රිකට් වසන්තය උදාවීමට ඉතිරිව ඇත්තේ තව මාසයක කාලයකි. මේ වන විට ලෝක ක්‍රිකට් කිරුළ…

රාමසාන් උපවාස, පුහුණුවීම්, ක්‍රීඩා කිරීම්

පසුගිය වසරේ පැවති ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ වටයේ දී අයර්ලන්තය පරාජය කළ ඇෆ්ගනිස්තානය මෙවර ලෝක කුසලානයේ තම ස්ථානය වෙන්කර ගත්තේය. ඒ අනුව ඔවුන් 2019 ලෝක කුසලාන හඹා යාම ඉරිදා පැවැත්වෙන ඕස්ට්‍රේලියා තරගයෙන් අරඹනු ඇත. තමන් මෙවර ලෝක කුසලානයේ පෙරළිකාරයන් වන බවට ඇෆ්ගනිස්තානය මේ වන විටත් ඔප්පු කර අවසානය.

පසුගිය වසරේ ආසියානු කුසලාන තරගාවලියේ දී බංග්ලාදේශය හා ශ්‍රී ලංකාව පරාජය කළ ඇෆ්ගනිස්තානය ඉන්දියාව සමඟ පැවති තරගය ජය පරාජයකින් තොරව අවසන් කිරීමට ද සමත් විය.

පසුගිය අප්‍රේල් මාසයේ දී ඔවුන් නායකත්වයේ වෙනසක් සිදු කරමින් ගුලාබ්දීන් නයීබ් නායකත්වයට පත් කළේ සාර්ථක නායකයෙක් වූ අස්ගාර් ඇෆ්ගන් වෙනුවටය. එම තීරණය සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි කතාබහට ලක්විය.

මෙවර ලෝක කුසලානය ලොව පුරා සිටින ඉස්ලාම් භක්තිකයන්ගේ රාමසාන් සමයේ පැවැත්වෙන අතර ඒ සඳහා වන උපවාස කාලය ඇෆ්ගනිස්තානය ක්‍රීඩකයන්ට අසීරු අවස්ථාවක් වනු ඇත.

“ඇෆ්ගනිස්තාන ක්‍රීඩකයන් රාමසාන් උපවාසයේ යෙදෙනවා. එයාලා යාච්ඤා කරනවා. ඔවුන් දැඩි ඉස්ලාම් භක්තිකයන්.” ඇෆ්ගනිස්තාන ක්‍රිකට් ආයතනයේ ප්‍රකාශක ෆරීෆ් හෝටක් පවසා ඇත. ඔහු තවදුරටත් පවසා සිටියේ පුහුණුවීම් අතරතුර ද ඔවුන් උපවාසයේ යෙදෙන බවයි.

ස්ටෝක්ස් හා ආචර්ගෙන් එංගලන්තයට ජයග්‍රාහී ආරම්භයක්!

This clip will only be available in Sri Lanka for viewing up to 3 days from the date of…

සාමයේ පණිවිඩය

පසුගිය දිනක ඇෆ්ගනිස්තානයේ දූවිලි සහිත පිට්ටනියක ක්‍රිකට් ක්‍රීඩා කරමින් සිටි තරුණයන් පිරිසක් වෙත මාධ්‍ය අවධානය යොමුව තිබුණි. රාමසාන් උපවාසයේ යෙදී සිටිය ද ඔවුන්ගේ ක්‍රිකට් ඇල්ම එයින් අඩුව තිබුණේ නැත.

“ඇෆ්ගනිස්තානය ලෝක ක්‍රිකට්වල ලොකු නමක් ගොඩනගාගෙන තියනවා. ජාතික කණ්ඩායම අපිට ලොකු ආදර්ශයක් “ 17 හැවිරිදි මොහොමඩ් සියාර්මල් පවසා සිටියා.

“ක්‍රිකට් සාමයේ පණිවිඩය අරන් එනවා. මිනිස්සුන්ට සතුට විතරක් නෙමෙයි එකමුතුකම හා ආදරය රැගෙන එනවා.”

ඇෆ්ගනිස්තානය එංගලන්තයේ දී ඉතා හොඳින් ක්‍රීඩා කරනු ඇතැයි ඔහු විශ්වාසය පලකර ඇත.

ඇෆ්ගනිස්තානයේ ඕනෑම ක්‍රීඩාලෝලියෙකුගෙන් ක්‍රිකට් පිළිබඳව විමසුවහොත් රශීඩ් ඛාන්ගේ නම පවසනු නොඅනුමානය. රශීඩ් මේ වන විට විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම් වල අංක එකේ පන්දු යවන්නා බවට පත්ව ඇත.

“අපිට හොඳ ක්‍රීඩකයන් රැසක් ඉන්නවා. රශීඩ් ඛාන් මොහොමඩ් නබි වගේ. එයාලා තරග දිනවන්න පුළුවන් ක්‍රීඩකයන්” අහමඩ් තවදුරටත් පවසා සිටියා.

තලෙයිබාන් ක්‍රීඩාලෝලීන්

ඇෆ්ගනිස්තානයේ ක්‍රියාත්මක තලෙයිබාන් කැරලිකරුවන් පවා ඇෆ්ගනිස්තාන ක්‍රිකට්ලෝලීන් වන අතර ඒ බව පසුගිය වසර වලදී එම කැරලිකරුවන් විසින්ම පවසා තිබුණි.

ඇෆ්ගනිස්තාන කණ්ඩායම පසුගිය වසර 10ක කාලය තුල කැපී පෙනෙන දස්කම් දැක්වීමට සමත් වූ අතර මේ වන විට ලෝක විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම් වල 7 වන ස්ථානයට පත්වීමට ඔවුන්ට හැකි වී ඇත.

ඇෆ්ගනිස්තාන ඕස්ට්‍රේලියාව සමඟින් තරග වැදීම ද සතුටට කරුණක් බව 17 හැවිරිදි අහමඩ් පවසා සිටියා.

“ඇෆ්ගනිස්තානය ඕස්ට්‍රේලියාව ජයග්‍රහණය කළ ලෝක කුසලානවල හිටියේවත් නෑ. ඒත් අපි ඔවුන් එක්ක සෙල්ලම් කරනවා.”

කාබුල් හි සපත්තු කඩයක් පවත්වා ගෙන යන ෆර්හඩ් වහාබ් පවසා සිටියේ ඇෆ්ගනිස්තානය ක්‍රීඩා කරන සෑම අවස්ථාවකම තම පවුලම එකට එක්ව තරගය නරඹන බවයි.

“ක්‍රිකට් නරඹන එක අපිට සතුට විනෝදය ඇරන් එනවා.” ෆර්හඩ් පවසා ඇත.

පසුගිය දා ඇෆ්ගනිස්තාන ජාතිකයෙකු තණකොළ විශේෂයක් මගින් ලෝක කුසලාන අනුරුවක් නිර්මාණය කර තිබූ අතර එය සමාජ මාධ්‍ය ඔස්සේ වේගයෙන් ප්‍රචාරය විය. තවද ව්‍යාපාරිකයෙකු වන අමනුල්ලා කාලිවාල් ගල් යොදා ගනිමින් කරන ලද ලෝක කුසලාන අනුරුවක් ද දැඩි ප්‍රසිද්ධියට පත්ව තිබුණි.

“මම කුඩා කාලයේ ඉඳන්ම ක්‍රිකට්ලෝලියෙක්. මට ඕන වෙලා තිබුණා අපේ කණ්ඩායමට තෑගි දෙන්න පුළුවන් දෙයක් හදන්න.” තම නිර්මාණය පෙන්වමින් කාලිවාල් මාධ්‍ය වෙත පවසා තිබේ.

“අපි බලාපොරොත්තු තියාගෙන ඉන්නේ. අපි අපේ කණ්ඩායම විශ්වාස කරනවා. අපේ කණ්ඩායම ගොඩක් ශක්තිමත්. දෙවියන් කැමැත්ත දෙනවා නම් අපිට ලෝක කුසලානය ජයග්‍රහණය කරන්න පුළුවන්.”

2019 ලෝක කුසලාන තරගාවලිය මේ වන විට ආරම්භ අවසන්. අතිඋත්කර්ෂවත් තරගාවලියක සියලු තොරතුරු ඔබ වෙත ගෙන ඒමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟින්.  

AFP ඇසුරෙනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<