16න් පහළ ශ්‍රී ලංකා කාන්තා පාපන්දු සංචිතය නම් කෙරේ

177

ශ්‍රී ලංකා වයස අවුරුදු 16න් පහළ කාන්තා පාපන්දු කණ්ඩායම අද (15) ගුවාම් කණ්ඩායමට එරෙහිව AFC වයස අවුරුදු 16න් පහළ කාන්තා පාපන්දු ශූරතා තේරීම් තරගාවලියේ පළමු තරගයට සහභාගී වනු ඇත. තරගය CR&FC ක්‍රීඩාංගණයේ දී පස්වරු 3.00ට පැවැත්වේ.

ඉන්දියාවෙන් පහර කෑ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ භූතානය හමුවේ කබලෙන් ලිපට

2018 SAFF වයස අවුරුදු 15න් පහළ කාන්තා පාපන්දු ශූරතාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වූ තරග දෙකෙන්ම ඉතා දරුණු පරාජයන් අත්විඳින්නට ශ්‍රී ලංකාවට සිදු විය. තරගාවලිය ආරම්භ කරමින්…

ශ්‍රී ලංකාව අයත් වන A කාණ්ඩයට චීනය, උස්බෙකිස්තානය, ජෝර්දානය හා ගුවාම් යන ප්‍රබල කණ්ඩායම් ඇතුලත් වන අතර තේරීම් තරගාවලිය ශ්‍රී ලංකාවේ දී පැවැත්වීම ශ්‍රී ලංකා කණ්ඩායමට ඇති ප්‍රධානතම වාසිය වනු ඇත.

පසුගිය දා නිමා වූ SAFF වයස අවුරුදු 15න් පහළ පාපන්දු ශූරතාවලියට සහභාගී වූ කණ්ඩායමම වෙනස්කම් කිහිපයක් සහිතව අද ආරම්භ වන තරගාවලියට පිවිසෙනු ඇත. පසුගිය SAFF තරගාවලියේ දී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් එතරම් දක්ෂතා නොදැක්වූ අතර මෙම තරගාවලියේ දී ඔවුන් සුපුරුදු දක්ෂතාවලට පිවිසේ යැයි සියලු දෙනා අපේක්ෂා කරයි.

ප්‍රධාන පුහුණුකරු මොහොමඩ් අජ්වාඩ් මහතා මෙසේ අදහස් පළ කළේය.

“SAFF තරගාවලියට වඩා දක්ෂතා පෙන්වීමට හැකි වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා, ශ්‍රී ලංකා කණ්ඩායමට එතරම් ජාත්‍යන්තර අත්දැකීම් නැහැ, SAFF තරගාවලිය තමයි ඔවුන්ගේ පළමු ජාත්‍යන්තර අත්දැකීම, අපි ඒ තරගාවලියේ දී අපේ අඩුපාඩු හඳුනා ගත්තා, අපි බලාපොරොත්තු වෙනවා මෙම තරගාවලියේ දී ඒවා නිවැරදි කර ගන්න, මේක ශ්‍රී ලංකා කණ්ඩායමට හොඳ අත්දැකීමක් වෙයි.”

කවිසිගමුව මධ්‍ය විද්‍යාලයේ කවින්දි ජයකොඩි කණ්ඩායමේ නායකත්වය දරන අතර බැඳීවැව මධ්‍ය විද්‍යාලයේ සඳරුවනි බණ්ඩාර උපනායිකාව ලෙස කටයුතු කරයි. මෙම ක්‍රීඩිකාවන් දෙදෙනාම නිමා වූ SAFF ශූරතාවලියේ දී නායකත්වයේ වගකීම ඉටු කරන ලදි.

කොළඹ ගේට්වේ ජාත්‍යන්තර පාසලේ විනුකි ශානෙල්කා සහ කෑගල්ල කෑගලු බාලිකා විද්‍යාලයේ රසුනි සන්වඩන කණ්ඩායම අලුතෙන් එක්ව ඇති මුහුණු වේ.  

ශ්‍රී ලංකා පාපන්දු ක්‍රීඩිකාවෝ භූතානය බලා පිටව යයි

ශ්‍රී ලංකා වයස අවුරුදු 15න් පහළ කාන්තා පාපන්දු කණ්ඩායම දෙවන වරටත් පැවැත්වෙන දකුණු ආසියානු පාපන්දු සම්මේලනය සංවිධානය කරන SAFF වයස අවුරුදු 15න් පහළ කාන්තා ශූරතාවලියට…

ක්‍රීඩිකාවන් 23 දෙනෙකුගෙන් සමන්විත සංචිතය මෙසේය.

මාලිකා ෂහානි, මින්තරා සේනාධීර, නෙත්මි ගුණරත්න, මදුභාශිනි දසනායක, මේරි කොන්සිකා, රගුදාස් කිරුශාන්තිනි, බාස්කරන් සේයන්තිනි, නිසංසලා කුමාරිහාමි, නිම්සරා කුමාරි, සඳරුවනි බණ්ඩාර, කවින්දි ජයකොඩි, එස්. තවප්‍රියා, ජෙගනාතන් ජෙතුන්සිකා, යූ. ජෝකිතා, ටෂානි ජයකඩු, අයි. වර්ෂාධීර, අමාවී අනුත්තරා, සෙනුරි බණ්ඩාර, මදුශානි කුමාරි, සංකලනි බණ්ඩාර, දසුනි හංසිකා, විනුකි ශානේල්කා, රසුනි සංවඩන

ශ්‍රී ලංකා කණ්ඩායමේ තරග කාල සටහන

  • සැප්තැම්බර් 15 ශ්‍රී ලංකාව හා ගුවාම්
  • සැප්තැම්බර් 17 ශ්‍රී ලංකාව හා ජෝර්දානය
  • සැප්තැම්බර් 19 චීනය හා ශ්‍රී ලංකාව
  • සැප්තැම්බර් 21 උස්බෙකිස්තානය හා ශ්‍රී ලංකාව

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<