ආදිත්‍ය හා අකිත්මි තෙවන දිනයේ දී වාර්තා පොත් අතරට

334

ජාතික හා ජාතික කනිෂ්ඨ පිහිනුම් ශූරතාවලියේ තෙවන දිනය අද (3) නිමා වූ අතර ආදිත්‍ය පෙරේරා හා අකිත්මි වාසලතන්ත්‍රි ජාතික වාර්තා දෙකක් පිහිටුවමින් රන් පදක්කම් දිනා ගැනීම විශේෂ සිදුවීමක් විය.

තෙවන දිනය අවසන් වූයේ නව ජාතික වාර්තා හතරක් සමඟින්. ඒ කේවල වාර්තා දෙකක් හා සහය පිහිනුම් වාර්තා දෙකක් ලෙසයි. ආදිත්‍ය පෙරේරා හා අකිත්මි වාසලතන්ත්‍රි පිළිවෙළින් පිරිමි හා කාන්තා වයස අවුරුදු 15න් පහළ මීටර 100 පසුපස ආර ඉසව්වලින් මෙම වාර්තා ද්විත්වය පිහිටු වනු ලැබීය.

කවින්ද්‍ර හා කයිල් පළමු දිනයේම රන් පදක්කම් දිනයි

2018 ජාතික හා ජාතික කනිෂ්ඨ පිහිනුම් ශූරතාවලිය ඊයේ (1) කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී ආරම්භ විය. තියුණු ඉසව් 11කට පසු වත්මන් පිරිමි කාණ්ඩයේ ශූරයින්…

ද මැසනොද් විද්‍යාලයේ ආදිත්‍ය පෙරේරා වයස අවුරුදු 15න් පහළ පිරිමි මීටර 100 පසුපස ආර ඉසව්ව 1:04.11කින් නිමා කරමින් 2016 ජාතික ශූරතාවලියේ දී සාන්ත ජෝසප් විද්‍යාලයේ ශේවින්ද සිල්වා (1:05.57) පිහිටුවා තිබූ වාර්තාව බිඳ දමන්නට සමත් විය.

මීටර 50 සමනළ ආර ඉසව්ව ද ඔහුගේ ග්‍රහණයට නතු වූ අතර තත්පර 28.40කින් ඉසව්ව නිමා කරමින් ඔහු රන් පදක්කම දිනා ගද්දී නාලන්දා විද්‍යාලයේ කවීශ ගිම්හාන් 27.22කින් ඉසව්ව නිමා කරමින් දෙවන ස්ථානය දිනා ගැනීමට සමත් විය.

පසුගිය දින දෙකේ ද ආදිත්‍ය රන් පදක්කම් දෙකක් දිනා ගත් අතර මීටර 50 පසුපස ආර ඉසව්ව හා මීටර 200 පසුපස ආර ඉසව්වේ රන් පදක්කම් ඔහුගේ නමට ලියවුණි.

අකිත්මි වාසලතන්ත්‍රි බාලිකා වයස අවුරුදු 15න් පහළ මීටර 100 පසුපස ආර ඉසව්වෙන් සිය වාර්තාව පිහිට වූ අතර ඇය ඒ සඳහා වැය කළ කාලය මිනිත්තු 1:12.64කි. ඇය අතින් බිඳ වැටුණේ විශාඛා විද්‍යාලයේ ගංගා සෙනවිරත්න 1:12.99කින් පිහිටුවා තිබූ වාර්තාවකි. සාන්ත බ්‍රිජට්ස් කන්‍යාරාමයේ මිනාගී රූපසිංහ 1:14.23කින් ඉසව්ව නිමා කරමින් එම ඉසව්වේ දෙවන ස්ථානය දිනා ගන්නා ලදි.

දෙවන දිනයේ ද අකිත්මි රන් පදක්කමක් දිනා ගත් අතර ඒ මීටර 50 පසුපස ආර ඉසව්වෙනි. මීටර 200 පසුපස ආර ඉසව්වේ රිදී පදක්කම ද ඇයට හිමි විය. වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල වෙනුවෙන් අකිත්මිගේ දක්ෂතා ඉතා විශිෂ්ට වූ අතර තෙවන දිනය අවසන් වන අතර කනිෂ්ඨ අංශයේ කණ්ඩායම් ලකුණු සටහනේ පෙරමුණේ රැඳී සිටින්නට ලයිසියම් ජාත්‍යන්තර පාසල සමත් විය.

විශාඛාවෝ මහමායා පසුකරයි; Killer Whale දෙවන ශූරතාවට සූදානම්

2018 ජාතික හා ජාතික කනිෂ්ඨ පිහිනුම් ශූරතාවලියේ දෙවන දිනය අද (2) අවසන් වූ අතර වත්මන් ශූරයින් වන Killer Whale ක්‍රීඩා සමාජය හා 2017 අනුශූරයින් වූ කොළඹ විශාඛා…

දෙහිවල ගේට්වේ ජාත්‍යන්තර පාසලේ හිරුකි ද සිල්වා බාලිකා වයස අවුරුදු 15න් පහළ මීටර 800 නිදහස් ආර ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට සමත් විය. ඇය මීටර 100 නිදහස් ආර ඉසව්වේ රන් පදක්කම ද දිනා ගද්දි ගයාත්මි විජේරත්න එම ඉසව්වේ දෙවන ස්ථානය දිනා ගැනීමට සමත් විය.

සාන්ත පීතර විද්‍යාලයේ යොවුන් ඔලිම්පික් තරුව තෙවන දිනයේ දී සිය තෙවන රන් පදක්කම දිනා ගැනීමට සමත් වූ අතර මෙවර ඔහු පදක්කමක් දිනා ගත්තේ මීටර 100 පසුපස ආර ඉසව්වෙන්. 58.05කින් ඔහු එම ඉසව්ව නිමා කළ අතර සන්තුෂ් මහිශාන් එම ඉසව්වේ දෙවන ස්ථානය දිනා ගත්තේ මිනිත්තු 1:01.52කින් ඉසව්ව නිමා කරමිනි.

සහය පිහිනුම් ඉසව්වල දී විශාඛා විද්‍යාලය හා වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල නව තරගාවලි වාර්තා දෙකක් පිහිට වූ අතර ඒ මීටර 200 නිදහස් ආර හා වයස අවුරුදු 15න් පහළ මීටර 400 නිදහස් ආර ඉසව්වලිනි.

ජ්‍යෙෂ්ඨ මීටර 200 නිදහස් ආර ඉසව්ව සම්පූර්ණයෙන්ම සියතට ගැනීමට විශාඛා විද්‍යාලය සමත් වූ අතර ඒ සිය ජාතික වාර්තාව නැවතත් අලුත් කරමිනි. මිනිත්තු 1:56.62කින් එම ඉසව්ව නිමා කිරීමට ඔවුන් සමත් වූ අතර ඒ ඔවුන්ගේම මිනිත්තු 1:58.53 වාර්තාව බිඳ දමමිනි. මහමායා විද්‍යාලය 2:03.50කින් ඉසව්ව නිමා කරමින් දෙවන ස්ථානයට පත් වෙද්දී මියුසියස් විද්‍යාලය තෙවන ස්ථානය දිනා ගන්නා ලදි.

කවින්ද්‍ර හා කයිල් පළමු දිනයේම රන් පදක්කම් දිනයි

2018 ජාතික හා ජාතික කනිෂ්ඨ පිහිනුම් ශූරතාවලිය ඊයේ (1) කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී ආරම්භ විය. තියුණු ඉසව් 11කට පසු වත්මන් පිරිමි කාණ්ඩයේ ශූරයින්…

විශාඛා විද්‍යාලය පිහිටුවා තිබූ බාලිකා වයස අවුරුදු 15න් පහළ මීටර 400 නිදහස් ආර සහය පිහිනුම් වාර්තාව බිඳ දැමීමට වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල සමත් වූයේ මිනිත්තු 4:35.13කිනි. සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලය දෙවන ස්ථානය දිනා ගද්දී විශාකා විද්‍යාලය තෙවන ස්ථානය දිනා ගන්නා ලදි.

කනිෂ්ඨ කාන්තා කණ්ඩායම් ලකුණු සටහනේ පෙරමුණ වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසලට හිමි වී ඇත්තේ ලකුණු 130ක් සමඟිනි. සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලය ලකුණු 120ක් සමඟින් දෙවන ස්ථානයේ ද, සාන්ත බ්‍රිජට්ස් කන්‍යාරාමය ලකුණු 84ක් සමඟින් තෙවන ස්ථානයේ හා ලකුණු 81ක් සමඟින් විශාඛා විද්‍යාලය සිව්වැනි ස්ථානයේ ද රැඳී සිටියි.

නාලන්දා විද්‍යාලය ලකුණු 132ක් සමඟින් ලකුණු සටහනේ පෙරමුණේ සිටින අතර සාන්ත ජෝසප් විද්‍යාලය ලකුණු 96.5  ක් සමගින් දෙවන ස්ථානයේ ද රැඳී සිටියි. සාන්ත පීතර විද්‍යාලය ලකුණු 82 හා ආනන්ද විද්‍යාලය ලකුණු 60 ක් සමඟින් තෙවන හා සිව්වැනි ස්ථානයේ රැඳී සිටියි.

ජ්‍යෙෂ්ඨ කාන්තා අංශයේ පළමු ස්ථානයේ විශාකා විද්‍යාලය රැඳී සිටින්නේ ලකුණු 197ක් සමඟිනි. මහමායා විද්‍යාලය ලකුණු 107ක් සමඟින් දෙවන ස්ථානයේ ද, වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල ලකුණු 77ක් සමඟින් තෙවන ස්ථානයේ ද රැඳී සිටියි. සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලය ලකුණු 70ක් සමඟින් සිව්වැනි ස්ථානයේ රැඳී සිටියි.

වත්මන් ශූරයින් වන Killer Whale ක්‍රීඩා සමාජය සිය දෙවන ජාතික ශූරතාවය වෙත පිය මනිමින් සිටින්නේ ලකුණු 185ක් සමඟිනි. ආනන්ද විද්‍යාලය ලකුණු 103ක් සමඟින් දෙවන ස්ථානයේ රැඳී සිටින අතර කොළඹ ගේට්වේ විද්‍යාලය ලකුණු 88ක් සමඟින් තුන්වැනි ස්ථානයේ රැඳී සිටියි. තරගාවලියේ තවත් ඉතිරිව ඇත්තේ එක් දිනක් පමණි. තරගාවලියේ අවසන් දිනයේ සියලු තොරතුරු සඳහා ද රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<