ඇෆ්ගනිස්තාන යොවුන් පිළෙන් ඉන්දියාවට හොඳ සටනක්!

191

නුදුරු අනාගතයේදීම ජගත් ක්‍රිකට් පිටියේ දිදුලන්නට බලා සිටින නවක ක්‍රීඩකයින් එකිනෙක ගැටෙන යොවුන් ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ තවත් තරග ද්විත්වයක් අද (09) දිනයේ ක්‍රියාත්මක විය. A කාණ්ඩය යටතේ පැවති මෙම මූලික වටයේ අවසන් තරග දෙකෙන් ජය ගත්තේ ඉන්දියාව සහ පාකිස්තානයයි. 

ඒ අතරින් ඉන්දීය කණ්ඩායම තමන් මුහුණ දුන් තරග 3ම ජය ගනිමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබද්දී, පාකිස්තානුවන්ට අද තරගයේ ජයත් සමඟින් තරගාවලියෙන් ඉවත් වන්නට සිදුවනු ඇත. ඒ ඔවුන් මූලික වටයේ එක් තරගයක් පමණක් ජය ගනිද්දී ඇෆ්ගනිස්තාන කණ්ඩායම තරග දෙකක් ජයගෙන අවසන් පූර්ව වටයේ ස්ථානය අත්පත් කරගත් බැවිනි.

නවෝද්ගේ විශ්මිත දස්කම් මැද ශ්‍රී ලංකා පිළ අවසන් පූර්ව වටයට!

යොවුන් ආසියානු කුසලානයට තවත් පියවරකින් සමීප වෙමින් තමන් මුහුණ…..

ඉන්දියාව සහ ඇෆ්ගනිස්තානය අතර තරගය 

කොළඹ CCC පිටියේ දී පැවති මෙම තරගය කඩුලු 3කින් ජය ගත්තේ ඉන්දීය යොවුන් කණ්ඩායමයි. කෙසේවෙතත් මෑතකදී ටෙස්ට් තත්ත්වය හිමි කරගත් රටක් වශයෙන් ඇෆ්ගනිස්තාන යොවුන් පිළ මෙම තරගයේ දී දැක්වූ දක්ෂතා ඔවුන්ගේ ක්‍රිකට් අනාගතය පිලිබඳ සුබවාදී කරුණු රැසක් කියා පෑවේය. පසුගිය කාලයේ දෙරට අතර පැවති සීමිත පන්දුවාර තරග කිහිපයකදී ද ඇෆ්ගනිස්තානය ජයග්‍රහණය ආසන්නයටම ගොස් අත්දැකීම් මදකම නිසා අසමත් වූ ආකාරයෙන් අද යොවුන් කණ්ඩායම ද ඉන්දියාවට හොඳ සටනක් ලබා දී පරාජයට පත්විය.

කාසියේ වාසිය දිනූ ඇෆ්ගනිස්තානු පිළ මුලින් පන්දුවට පහර දීමට තීරණය කළද ඔවුන්ට වැඩි කල් යන්නට පෙර ඉන්දියානු පන්දු යවන්නන් හමුවේ නිරුත්තර වන්නට සිදුවිය. ඒ ඇෆ්ගනිස්තාන ආරම්භක පිතිකරුවන් දෙදෙනා පළමු කඩුල්ල වෙනුවෙන් ගොඩ නැගූ අර්ධ ශතක සබඳතාවය හැරෙන්නට අනෙක් කඩුලු අතර වැඩි ලකුණු ප්‍රමාණයක් ඒකරාශී නොවූ බැවිනි. මේ නිසා ඇෆ්ගනිස්තාන ඉනිම පන්දුවාර 40කට පසු අවසන් වූයේ ලකුණු 124කටයි.

පෙරළිකාර තායිලන්තය පරදා බංගලි ක්‍රීඩිකාවෝ තරගාවලි ජය ලබති!

ලබන වසරේ දී ඕස්ට්‍රේලියාවේ දී පැවැත්වෙන ICC කාන්තා විස්සයි විස්ස….

එහිදී නායක ෆර්හාන් සාකිල් ඉනිම අරඹමින් ලකුණු 29ක් ද, සෙදිකුලා අතාල් ලකුණු 25ක් ද ලබා ගනිමින් ආරම්භය සාර්ථක කර දුන්නද මැද පෙළ පිතිකරුවන්ට එහි ඵල නෙලා ගැනීමට හැකිවූයේ නැත. කෙසේවෙතත් ඇෆ්ගනිස්තානු ඉනිමේ මුල් කඩුලු 6ම ලකුණු 68කට බිඳ වැටුණු මොහොතේ අභිදුල්ලා තනිවාල් ලබාගත් ලකුණු 39ට පින්සිදු වන්නට ඔවුන්ට ලකුණු 124ක් දක්වා හෝ ඉනිම ඉදිරියට ගෙන යන්නට හැකිවිය. තනිවාල්ගේ ඉනිමට හතරේ පහර 2ක් සහ එක් හයේ පහරක් ඇතුළත් විය. පන්දු යැවීමෙන් ඇෆ්ගනිස්තානු පිළ අන්ත අසරණ කළ වේග පන්දු යවන ක්‍රීඩක සුශාන්ත් මිශ්රා කඩුලු 5ක් දවා ගනිද්දී, වමතින් දඟ පන්දු යවන අතර්වා අන්කොලෙකාර් කඩුලු 4ක් බිඳ හෙලීය.

මෙම පහසු ඉලක්කය පසුපස හඹා ගිය ඉන්දීය යොවුන් පිළ එක් අවස්ථාවක දී ලකුණු 80කට එක් කඩුල්ලක් පමණක් බිඳ වැටී ඉතාමත් හොඳ තත්ත්වයක සිටියද මැදපෙළ නාය යාමත් සමඟ තරගය නැවතත් උණුසුම් මුහුණුවරක් ගත්තේය. ලකුණු 30කට කඩුලු 4ක් දවා ගනිමින් මෙම සටනේ මූලිකත්වය ගත්තේ තවමත් වයස 14ක් වශයෙන් දැක්වෙන චයිනමන් පන්දු යවන්නෙකු වන නූර් අහමඩ් නම් යොවුන් ක්‍රීඩකයායි. මේ නිසා එක් අවස්ථාවක ඉන්දීය ඉනිම සටහන් වූයේ ලකුණු 106ට කඩුලු 7ක් වශයෙනි. කෙසේවෙතත් එතැන් පටන් 8 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 22ක නොබිඳුනු සබඳතාවයක් ගොඩ නගමින් තරගය ජය ගැනීමට ඉන්දීය කණ්ඩායමට හැකිවිය.

ඇෆ්ගනිස්තානු යොවුන් පිළ – සියල්ලන්ම දැවී ලකුණු 124 (පන්දුවාර 40.1) : අභිදුල්ලා තනිවාල් 39, ෆර්හාන් සාකිල් 29, සෙදිකුලා අතාල් 25, මොහොමඩ් ඉශාක් 14, සුශාන්ත් මිශ්රා 5/20, අතර්වා අන්කොලෙකාර් 4/16, පූර්ණන්ක් තියාරි 1/27.

ඉන්දියානු යොවුන් පිළ – කඩුලු 7ක් දැවී ලකුණු 128 (පන්දුවාර 38.4) : ශශ්වාත් රාවත් 29, සාලිල් අරෝරා 29, අර්ජුන් අසාද් 21, කරන් ලාල් 13*, පූර්නන්ක් තියාගි 11*, නූර් අහමඩ් 4/30, ශෆිකුලා ගෆාරි 2/29, ජම්ශිඩ් කාන් 1/33.

මුතු ඇටය හා බැංකු ලිපිකරුවා

ශ්‍රී ලංකාව අතීතයේ ප්‍රසිද්ධව සිටියේ ඉන්දියන් සාගරයේ මුතු ඇටය ලෙසින් ය…


පාකිස්තානය සහ කුවේට් අතර තරගය 

මෙවර යොවුන් ආසියානු කුසලානයේ දී ඉන්දියාව සහ ඇෆ්ගනිස්තානය හමුවේ පරාජය වූ පාකිස්තානු කණ්ඩායම අද කුවේට් පිළ හමුවූයේ මොරටුව ටිරෝන් ප්‍රනාන්දු ක්‍රීඩාංගණයේදීයි. තමන් මූලික වටයෙන්ම තරගාවලියෙන් ඉවතට විසිවූ අවමානය වසා ගැනීමට මෙන් ඔවුන් අද කුවේට් කණ්ඩායමට එරෙහිව දැවැන්ත ජයක් ලබා ගැනීමට සමත් විය. ඒ ලකුණු 163කින් කුවේට් කණ්ඩායම පරාජයට පත් කරමිනි.

කාසියේ වාසිය දිනූ පාකිස්තානු පිළ ඉක්මනින් තරගය අවසන් කිරීමට වඩා හොඳ තරග අත්දැකීමක් ලබා ගැනීම සඳහා මුලින් පිතිකරණයේ යෙදීමට තීරණය කළ අතර එය අතිශයින්ම සාර්ථක විය. ඔවුන් අද තම පන්දුවාර 50 අවසන් කළේ කඩුලු 9කට ලකුණු 335ක් රැස් කරමිනි. එය එක් පිතිකරුවෙකු වටා ගොඩ නැගුණු ඉනිමක් නොවූ අතර කණ්ඩායමේ සියලු දෙනා මේ සඳහා දායකත්වය දක්වනු දැකගන්නට ලැබුණි. එහිදී අර්ධ ශතක ලාභීන් බවට පත්වූයේ ඉර්ෆාන් කාන්, මොහොමඩ් වසීම් සහ මොහොමඩ් හැරිස් යන පිතිකරුවන් තිදෙනායි.

Photos: Pakistan vs Kuwait – U19 Asia Cup 2019

මෙම දැවැන්ත ඉලක්කය හඹා යාමට උත්සාහ කළ කුවේට් යොවුන් පිළ අද ලකුණු 172කට දැවී ගියේ ක්‍රිකට් ක්‍රීඩාවට ඔවුන් තවමත් ආගන්තුකයින් බව සනාථ කරමිනි. කෙසේවෙතත් තම නායකත්ව තනතුරට උපරිම සාධාරණයක් ඉටු කළ 17 හැවිරිදි අබ්දුල් සාදික් අද ලකුණු 60ක් රැස් කරමින් පාකිස්තානු පන්දු යවන්නන්ට තරමක අභියෝගයක් විය. තුන් ඉරියව්වෙන්ම දස්කම් පෑ ඔහුට අද දිනයේ ප්‍රතිවාදී කඩුලු 3ක් බිඳ හෙලීමටද හැකිවිය. මීට අමතරව කුවේට් පිළ වෙනුවෙන් සාර්ථක වූයේ මැදපෙළ පිතිකරු ගෝවින්ද් කුමාර් (45) පමණි.

ඒ අනුව පාකිස්තානු පිළ ජයග්‍රහණයක් සමඟින් තරගාවලිය අවසන් කරද්දී කුවේට් කණ්ඩායමට සිදුවූයේ තමන් සහභාගි වූ තරග ත්‍රිත්වයෙන්ම පරාජය ලැබීමටයි. ඒ අනුව A කාණ්ඩය යටතේ ඉන්දියාව සහ ඇෆ්ගනිස්තානය අවසන් පූර්ව වටයට පිවිසීමට සමත් වූහ.

පාකිස්තානු යොවුන් පිළ – කඩුලු 9ක් දැවී ලකුණු 335 (පන්දුවාර 50) : ඉර්ෆාන් කාන් 63, මොහොමඩ් වසීම් 55, මොහොමඩ් හැරිස් 53, ෆහාඩ් මුනීර් 42, රොහායිල් නසීර් 34, කාසිම් අක්‍රම් 28, ජන්දු හමෝද් 4/60, අබ්දුල් සාදික් 3/70.

කුවේට් යොවුන් පිළ – සියල්ලන්ම දැවී ලකුණු 172 (පන්දුවාර 43.4) : බ්දුල් සාදික් 60, ගෝවින්ද් කුමාර් 45, කාසිම් අක්‍රම් 4/38, මොහොමඩ් වසීම් 3/23, අබු හුරයිරා 2/33.

ස්මිත්ගේ අසාමාන්‍ය දස්කම් නිසා මෙවරත් අළු බඳුන කැන්ගරුවන් අතට!

සාමාන්‍ය ටෙස්ට් තරගාවලියකට වඩා අතිශයින්ම චමත්කාරජනක වූත්….

හෙට දිනයේ දී B කාණ්ඩය යටතේ මූලික වටයේ අවසන් තරග ද්විත්වය පැවැත්වෙන අතර එහිදී මේ දක්වා තමන් මුහුණ දුන් තරග 2ම ජයගෙන අපරාජිතව සිටින ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශයත්, මේ දක්වා පැවති තරග දෙකම පරාජය වී සිටින එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ නේපාලයත් තරග වැදීමට නියමිතව ඇත. එම සියලු තොරතුරු බලාපොරොත්තුවෙන් සිටින්න ThePapare.com වෙතින්!

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<