Home Sinhala ඕමානය හමුවේ ශ්‍රී ලංකා නැගී එන පිළට අනපේක්ෂිත පරාජයක්!

ඕමානය හමුවේ ශ්‍රී ලංකා නැගී එන පිළට අනපේක්ෂිත පරාජයක්!

75

ආසියානුකරයේ නැගී එන කණ්ඩායම් අතර පැවැත්වෙන ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ මුල්ම දිනය අදයි. කෙසේවෙතත් බංග්ලාදේශය කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක වන මෙවර තරගාවලියට ගියවර ශූරයින් ලෙස ඉදිරිපත් වන ශ්‍රී ලංකා පිළට අද (14) අනපේක්ෂිත පරාජයකට මුහුණ දීමට සිදුවිය. ඒ ඕමාන් කණ්ඩායම හමුවේයි!

දින දෙකෙන් තරගය නිමා කළ කෝල්ට්ස් අවසන් 4ට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් සමාජ….

ශෙයික් කමාල් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත්තේ ඕමාන නායක ආමීර් කලීම් විසිනි. ඒ අනුව ඔහු මුලින් පන්දුවට පහර දීමේ අවස්ථාව ශ්‍රී ලංකා පිළට ලබා දුන්නේය. එහිදී ශ්‍රී ලංකා පිළ වෙනුවෙන් ඉනිම ඇරඹූ පැතුම් නිස්සංක සහ මිනෝද් භානුක පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 58ක් එක් කරමින් සාර්ථක ආරම්භයක් ලබා දීමට සමත් වූහ. ඉනිමේ පළමු කඩුල්ල ලෙස මිනෝද් භානුක දැවී යනවිට ඔහු හතරේ පහර 6ක් සමඟින් ලකුණු 33ක් ලබා සිටියේය.

පන්දු 62කට මුහුණ දුන් පැතුම් නිස්සංක අද එක් හතරේ පහරක් සහ හයේ පහර 2ක් සමඟින් ලබාගත් ලකුණු සංඛ්‍යාව 40කි. පසුගිය තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා වශයෙන් ප්‍රසාදයට පත්වූ කමිඳු මෙන්ඩිස් අද රැස්කළේ ලකුණු 17ක් පමණි. නායක චරිත් අසලංක අද ලකුණු 57ක් රැස්කර ගත්තේ පන්දු 65කට මුහුණ දෙමිනි. ඊට හතරේ පහර සහ හයේ පහර 2 බැගින් ඇතුළත් විය. මේ දිනවල තරමක් පසුබෑමකට ලක්වී සිටින ශම්මු අශාන් අද ලකුණු 15කට දැවී ගියේය.

ශකිබ් නැහැ කියන්නේ ක්‍රීඩකයින් දෙන්නෙක් නැහැ වගේ – බංග්ලාදේශ නායක

ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට්….

මේ අනුව ශ්‍රී ලංකා ඉනිමේ මුල් කඩුලු 6ම ලකුණු 206ක් තුල බිඳ වැටුණු අතර ජයග්‍රහණයක් සඳහා ප්‍රමාණවත් ලකුණු පුවරුවක් ගොඩ නැගීමේ වගකීම පසුපෙළ පිතිකරුවන්ට පැවරුණි. එහිදී සාර්ථක ඉනිමක් ක්‍රීඩා කළ අශේන් බණ්ඩාර අද ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා ලෙස ලකුණු 62ක් ලබා ගත්තේය. පන්දු 51ක් පමණක් වැයවුණු ඔහුගේ ප්‍රවේගකාරී ඉනිමට හතරේ පහර 4ක් සහ හයේ පහර 2ක් ඇතුළත් විය. අශේන්ට අනගි සහයක් ලබාදුන් රමේෂ් මෙන්ඩිස් ලකුණු 28ක් ලබා ගත්තේය. මේ නිසාවෙන්ම ශ්‍රී ලංකා ඉනිම පන්දුවාර 50 අවසානයේ ලකුණු 268ක් දක්වා ඉහළ නැගුණි.

මෙය ඕමානය වැනි පසුපෙළ කණ්ඩායමක් පරාජය කිරීමට ප්‍රමාණවත් ලකුණු සංඛ්‍යාවක් බව බොහෝ දෙනා විශ්වාස කළද අද එක් ඕමාන පිතිකරුවෙකුගේ දෛවය ඒ සියල්ලට ඉහළින් ක්‍රියාත්මක වූ බව කිසිවෙකු සිතුවේ නැත. ආරම්භක පිතිකරුවෙකු ලෙස ඉනිම ආරම්භ කළ ජතින්ද්‍ර සිං විශිෂ්ට ශතකයකට ද හිමිකම් කියමින් එම පෙරළිකාර ජයග්‍රහණය තම මව් රටට දිනා දීමට සමත් වූ ක්‍රීඩකයායි. සම්පූර්ණ ඉනිම නිමාවන තුරුම ඔහු නොදැවී කඩුල්ලේ රැඳී සිටීමද විශේෂත්වයකි.

මැක්ස්වෙල්ගේ තීරණයට කෝලිගෙන් පැසසුම්

පසුගිය දා නිමා වූ ශ්‍රී ලංකා තරගාවලියෙන් අනතුරුව ඕස්ට්‍රේලියානු….

පන්දු 150කට මුහුණ දෙමින් කණ්ඩායමේ නැංගුරම බවට පත්වූ 30 හැවිරිදි ජතින්ද්‍ර සිං හතරේ පහර 13ක් සහ එක් හයේ පහරක් සමඟින් ලකුණු 131ක් රැස් කළේය. මේ නිසාවෙන්ම ශ්‍රී ලංකාවට තම ලකුණු පුවරුව බේරා ගැනීමට කිසිදු ඉඩක් ඉතිරි වූයේ නැත. ඒ අනුව ඕමානය කඩුලු 6කට ලකුණු 269ක් ලබා තරගය ජය ගන්නා විට අවසන් වී තිබුනේ පන්දුවාර 48යි පන්දු 5ක් පමණි. 

ඕමාන පිළේ මුල් කඩුලු 4 ලකුණු 90ක් තුලදී බිඳ වැටුනද ජතින්ද්‍ර සිංගේ බලාපොරොත්තු කඩ නොකිරීමට සුරාජ් කුමාර්ගෙන් ද විශාල සහයෝගයක් හිමිවිය. ඔවුන් දෙදෙනා අතරේ 5 වැනි කඩුල්ල වෙනුවෙන් 148ක දැවැන්ත සබඳතාවයක් ද වර්ධනය විය. විශ්වාසනීය ඉනිමක් ක්‍රීඩා කළ සුරාජ් කුමාර් අද පන්දු 77කට මුහුණ දෙමින් ලකුණු 70ක් රැස් කළේය. ඒ හතරේ පහර 4ක් සහ හයේ පහර 3ක් සමඟයි.

ඒ අනුව දකුණත් පිතිකරු ජතින්ද්‍ර සිංට තරගයේ වීරයා සම්මානය දිනා දෙමින් මෙම පෙරළිකාර තරගය නිමාවට පත්විය. ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූයේ ලකුණු 40ට කඩුලු 3ක් බිඳ හෙලූ අමිල අෆොන්සු පමණි. ශ්‍රී ලංකාව අද පහසු තරගයක් පරාජයට පත්වීම නිසා ඔවුන්ට ඉදිරි වටය සඳහා පිවිසීමට නම් පාකිස්තානයට සහ ඇෆ්ගනිස්තානයට එරෙහිව ඉහළ දක්ෂතා දැක්වීමට සිදුවනු ඇත.

කමිල් මිෂාර ජයග්‍රාහීව දෙවැනි ශතකයට

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස….

අද පැවති අනෙක් තරග වලින් පාකිස්තානය, ඉන්දියාව සහ බංග්ලාදේශය පහසු ජයග්‍රහණ තහවුරු කර ගත්හ. ඒ පිළිවෙලින් ඇෆ්ගනිස්තානය, නේපාලය සහ් හොංකොං යන කණ්ඩායම් පරාජයට පත් කරමිනි. ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන මීලඟ තරගය අනිද්දා (16) පාකිස්තානයට එරෙහිව මෙම ක්‍රීඩාංගණයේ දීම ක්‍රියාත්මක වේ.

ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම – සියල්ලන්ම දැවී ලකුණු 268 (පන්දුවාර 50):අශේන් බණ්ඩාර 62 , චරිත් අසලංක 57, පැතුම් නිස්සංක 40, මිනෝද් භානුක 33, රමේෂ් මෙන්ඩිස් 28, කමිඳු මෙන්ඩිස් 17, ශම්මු අශාන් 15, මොහොමඩ් සනුත් 3/41, ජේ ඔඩෙඩ්‍රා 2/52.

ඕමාන නැගී එන කණ්ඩායම – කඩුලු 6ක් දැවී ලකුණු 269 (පන්දුවාර 48.5):ජතින්ද්‍ර සිං 131*, සුරාජ් කුමාර් 70, නසීම් කුශි 21, මොහොමඩ් සනුත් 19, අමිල අපොන්සු 3/40, කළණ පෙරේරා 1/44, අසිත ප්‍රනාන්දු 1/51.

Result


Sri Lanka Emerging Team
268/10 (50)

Oman
269/6 (48.5)

Batsmen R B 4s 6s SR
Pathum Nissanka c & b Aqib Ilyas 40 62 1 2 64.52
Minod Bhanuka c Jatinder Singh b Jay Odedra 33 35 6 0 94.29
Kamindu Mendis c Mohammad Nadeem b M Sanuth 17 37 0 0 45.95
Charith Asalanka c Suraj Kumar b Jay Odedra 57 65 2 2 87.69
Sammu Ashan b M Sanuth 15 19 1 0 78.95
Ashen Bandara c Kaleemullah b M Sanuth 62 51 4 2 121.57
Jehan Daniel lbw b Kaleemullah 1 2 0 0 50.00
Ramesh Mendis c Jatinder Singh b Sandeep Goud 28 23 1 1 121.74
Kalana Perera run out (Aamir Kaleem) 5 4 0 0 125.00
Amila Aponso run out (M Sanuth) 1 1 0 0 100.00
Asitha Fernando not out 0 0 0 0 0.00


Extras 9 (b 1 , lb 0 , nb 1, w 7, pen 0)
Total 268/10 (50 Overs, RR: 5.36)
Fall of Wickets 1-58 (12.3) Minod Bhanuka, 2-86 (19.3) Pathum Nissanka, 3-112 (26.6) Kamindu Mendis, 4-143 (32.4) Sammu Ashan, 5-202 (40.2) Charith Asalanka, 6-206 (41.5) Jehan Daniel, 7-254 (48.1) Ashen Bandara, 8-264 (49.3) Kalana Perera, 9-267 (49.5) Ramesh Mendis, 10-268 (49.6) Amila Aponso,

Bowling O M R W Econ
Kaleemullah 9 1 57 1 6.33
Fayyaz Butt 5 0 36 0 7.20
Sandeep Goud 3 0 16 1 5.33
Jay Odedra 10 0 52 2 5.20
Aamir Kaleem 6 0 24 0 4.00
Aqib Ilyas 7 0 41 1 5.86
M Sanuth 10 1 41 3 4.10


Batsmen R B 4s 6s SR
M Sanuth b Kalana Perera 19 20 2 1 95.00
Jatinder Singh not out 131 150 13 1 87.33
Aqib Ilyas c Ashen Bandara b Amila Aponso 7 10 1 0 70.00
Aamir Kaleem b Amila Aponso 0 1 0 0 0.00
Mohammad Nadeem c Minod Bhanuka b Amila Aponso 10 22 1 0 45.45
Suraj Kumar c Amila Aponso b Asitha Fernando 70 77 4 3 90.91
Naseem Khushi run out (Ramesh Mendis) 21 10 1 2 210.00
Sandeep Goud not out 2 3 0 0 66.67


Extras 9 (b 1 , lb 2 , nb 0, w 6, pen 0)
Total 269/6 (48.5 Overs, RR: 5.51)
Fall of Wickets 1-42 (8.5) M Sanuth, 2-67 (13.2) Aqib Ilyas, 3-67 (13.3) Aamir Kaleem, 4-90 (19.2) Mohammad Nadeem, 5-238 (45.2) Suraj Kumar, 6-263 (47.3) Naseem Khushi,

Bowling O M R W Econ
Asitha Fernando 10 0 51 1 5.10
Kalana Perera 8 1 44 1 5.50
Amila Aponso 10 0 40 3 4.00
Jehan Daniel 4 0 31 0 7.75
Ramesh Mendis 8.5 0 46 0 5.41
Kamindu Mendis 8 0 54 0 6.75



>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<