2019 නැගී එන ආසියානු කුසලාන තරග කාලසටහන නිකුත් වෙයි

85

ආසියානු ක්‍රිකට් කවුන්සිලය විසින් සංවිධානය කරනු ලබන ‘2019 ආසියානු කුසලාන නැගී එන ක්‍රිකට් තරගාවලියේ’ නිල තරග කාලසටහන මේ වන විට නිකුත් කර ඇත. 

කුමාර් සංගක්කාර ලෝක ක්‍රිකට් වර්ධනයට වැඩ අරඹයි

ශ්‍රී ලංකාවෙන් ක්‍රිකට් ලොවට දායාද වූ විශිෂ්ටතම වමත් ……

බංග්ලාදේශයේ සත්කාරකත්වය ඇතිව පැවැත්වෙන මෙම තරගාවලිය නොවැම්බර් 14 වැනිදා සිට 23 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත අතර ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, ඉන්දියාව, පාකිස්තානය, ඇෆ්ගනිස්තානය, ඕමානය, එක්සත් අරාබි එමීර් රාජ්‍ය හා හොංකොං යන කණ්ඩායම් 8 සහභාගී වේ. 

මේ තරගාවලියේ මූලික වටය A හා B යන කාණ්ඩයන් දෙක යටතේ පැවැත්වෙන අතර ගියවර තරගාවලියේ ශූරතාව දිනා ගත් ශ්‍රී ලංකාව මෙවර A කාණ්ඩය යටතේ තරග වදිනු ඇත. 

තරග කාණ්ඩයන්,

  • A කාණ්ඩය – ශ්‍රී ලංකාව, පාකිස්තානය, ඇෆ්ගනිස්තානය, ඕමානය, 
  • B කාණ්ඩය – ඉන්දියාව, බංග්ලාදේශය, එක්සත් අරාබි එමීර් රාජ්‍ය, හොංකොං

මූලික වටය අවසානයේ එක් කාණ්ඩයකින් කණ්ඩායම් දෙක බැගින් ලකුණු සටහනේ පෙරමුණ ලබා ගන්නා කණ්ඩායම් 4 අවසන් පූර්ව වටය සඳහා  සුදුසුකම් ලබා ගනු ඇත. පිළිමළුන් පිටුදැකීමේ තරග සියල්ලම නොවැම්බර් 20, 21 හා 23 යන දිනවල දී ශෙරේ බංග්ලා ක්‍රිකට් පිටියේ දී පැවැත්වීමට සැලසුම් කර තිබේ. 

මේ තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා නැගී එන සංචිතය තවමත් නිල වශයෙන් මාධ්‍ය්‍යට නිකුත් වී නොමැති නමුත් චරිත් අසලංක ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය දැරීමට නියමිත බව ThePapare.com වෙත ලැබුණු විශ්වාසදායී ආරංචි මාර්ග අනුව තහවුරු වී තිබේ.

Video – ‘අපිට හදාගන්න ගොඩක් තැන් තියෙනවා’ – ලහිරු තිරිමාන්න

ඊයේ (30) කරච්චි පිටියේ දී නිමාවුණු ශ්‍රී ලංකා – පාකිස්තාන …….

ශ්‍රී ලංකාව සහභාගී වන මූලික වටයේ තරග නොවැම්බර් මස 14, 16 හා 18 වැනිදා ඩකා හි Cox’s Bazar ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ. 

තරග කාලසටහන 

නොවැම්බර් 14

  • ශ්‍රී ලංකාව හා  ඕමානය – Cox’s Bazar ක්‍රිකට් ක්‍රීඩාංගණය
  • පාකිස්තානය  හා ඇෆ්ගනිස්තානය – Cox’s Bazar ක්‍රිකට් ක්‍රීඩාංගණය
  • ඉන්දියාව හා එක්සත් අරාබි එමීර් රාජ්‍ය – ඩකා ක්‍රිකට් ක්‍රීඩාංගණය
  • හොංකොං හා බංග්ලාදේශය – ඩකා ක්‍රිකට් ක්‍රීඩාංගණය

නොවැම්බර් 16

  • ශ්‍රී ලංකාව හා  පාකිස්තානය – Cox’s Bazar ක්‍රිකට් ක්‍රීඩාංගණය
  • ඕමානය හා ඇෆ්ගනිස්තානය – Cox’s Bazar ක්‍රිකට් ක්‍රීඩාංගණය
  • ඉන්දියාව හා බංග්ලාදේශය – ඩකා ක්‍රිකට් ක්‍රීඩාංගණය
  • හොංකොං හා එක්සත් අරාබි එමීර් රාජ්‍ය – ඩකා ක්‍රිකට් ක්‍රීඩාංගණය

නොවැම්බර් 18 

  • ශ්‍රී ලංකාව හා ඇෆ්ගනිස්තානය – Cox’s Bazar ක්‍රිකට් ක්‍රීඩාංගණය
  • ඕමානය හා පාකිස්තානය – Cox’s Bazar ක්‍රිකට් ක්‍රීඩාංගණය
  • ඉන්දියාව හා හොංකොං – ඩකා ක්‍රිකට් ක්‍රීඩාංගණය
  • බංග්ලාදේශය හා එක්සත් අරාබි එමීර් රාජ්‍ය – ඩකා ක්‍රිකට් ක්‍රීඩාංගණය

නොවැම්බර් 20 – පළමු අවසන් පූර්ව තරගය – ශෙරේ බංග්ලා ක්‍රිකට් පිටිය 

නොවැම්බර් 22 – දෙවන අවසන් පූර්ව තරගය – ශෙරේ බංග්ලා ක්‍රිකට් පිටිය 

නොවැම්බර් 23 – අවසන් මහා තරගය – ශෙරේ බංග්ලා ක්‍රිකට් පිටිය 

තරගාවලියේ සියලුම උණුසුම් පුවත්, තරග වාර්තා ඇතුළු සියලු තතු ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න අප සමඟම.  

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<