සහෘදයින් ගැටෙන රග්බි සංග්‍රාමය!

126

ඉසිපතන – තර්ස්ටන් සහෘදයින්ගේ රග්බි සංග්‍රාමය වන අබ්දුල් ජබ්බාර් පලිහ වෙනුවෙන් පැවැත්වෙන වාර්ෂික රග්බි තරගයේ දී මෙවර ඔවුන් 50 වැනි වරටත් එකිනෙකා හමුවීමට නියමිතයි. ඒ එළඹෙන ඉරිදා (16) රාජකීය ක්‍රීඩා සංකීර්ණයේ දීයි.     

පාසල් රග්බි කාලසටහන නිකුත් වෙයි

තරගකාරීත්වය, දක්ෂතාවය, වාසනාව සහ උද්වේගකර බව මුසු වූ ……….

මෙම මහා රග්බි තරගාවලියේ අතීතය දෙස හැරී බලන විට, 1958 දී තර්ස්ටන් විදුහල රග්බි ක්‍රීඩාව ආරම්භ කළ අතර ඉසිපතන විදුහල 1963 දී රග්බි ක්‍රීඩාවට පිවිස තිබේ. 1963 දී දීපාල් සොයිසාගේ නායකත්වයෙන් තර්ස්ටන් විදුහල් රග්බි කණ්ඩායම ඉසිපතනය සමඟ ප්‍රථම වරට තරග වැදුණු අතර ලකුණු 06-03 තියුණු ජයක් හිමි කර ගැනීමට තර්ස්ටන් කණ්ඩායම සමත් විය.

වසර දෙකක ඇවෑමෙන් නැවත වරක් ආනා සරණපාලගේ නායකත්වයෙන් 1965 දී ඉසිපතනය, තර්ස්ටන් විදුහලට අභියෝග කළ අතර ජයග්‍රාහී මතකයන් ඉතිරි කරමින් ලකුණු 17-00ක් ලෙස තරගය ජය ගැනීමට ඉසිපතනය සමත් විය.

1967 දී තර්ස්ටන් විදුහලේ විදුහල්පතිව සිටි පී. එම්. ජයතිලක හා ඉසිපතන විදුහලේ විදුහල්පතිව සිටි කර්නල් ජී. ඩබ්ලිව්. රාජපක්ෂ යන මහත්වරුන්ගේ මූලිකත්වයෙන් වාර්ෂික රග්බි තරගය මහා රග්බි තරගයක් බවට පත්කොට ජයග්‍රාහකයින්ට ලබා දෙන පලිහ “අබ්දුල් ජබ්බාර්” පලිහ ලෙස නම් කරන ලදි.

ඉතා ඉක්මනින් ප්‍රබල කණ්ඩායම බවට පත්වූ හැව්ලොක් ටවුමේ රග්බි බලකාය “අබ්දුල් ජබ්බාර්” තරගාවලි ඉතිහාසය කොළ පැහැයෙන් වසා දමමින් අඛණ්ඩව වසර 36ක් පලිහ ඉසිපතනයට රැගෙන යන්නට සමත් විය. නමුත් එහි දී 1975 වර්ෂයේ දී ලකුණු 00-00ක් වශයෙන් කණ්ඩායම් දෙකම සම ලකුණු තත්වයකින් අවසන් කළත්, ශූරතාව ඉසිපතන විදුහල සතු විය.

පාසල් රග්බි ලීගයේ B කාණ්ඩයේ තරග කාලසටහන

දිවයින පුරා විහිදී ඇති පාසල් රග්බි කණ්ඩායම් උරෙන් උර ගැටෙන උද්වේගකර, උද්‍යෝගී, තරගකාරී තරගාවලිය වන …………

පෙරළිකාරී කණ්ඩායමක් සමඟින් පිටියට පිවිසුණු තර්ස්ටන් කණ්ඩායම 2005 වසරේ දී පළමු වරට පලිහේ පහස විඳීමට සමත් වූයේ අමිල එරංගගේ නායකත්වය යටතේ ෂේන් අරවින්දගේ අලංකාර උත්සාහක දිනුමත් සමඟින් ලකුණු 15-06ක ජයග්‍රහණයක් ලබා ගනිමිනි. මෙම ජයග්‍රහණයට පෙර තර්ස්ටන් විදුහලේ ජයග්‍රහණයට ආසන්නතම අවස්ථාව වූයේ 1975 දී පැවති තරගය ජය පරාජයෙන් තොරව අවසන් කර ගැනීමයි.

2005 වසරෙන් පසු ගෙවුණු වසර කිහිපය තුළ ඉසිපතන විදුහල තරගාවලිය සම්පූර්ණයෙන්ම සිය ග්‍රහණයට ගත් අතර මුල දී කරට කර අවසන් වූ තරග කෙමෙන් කෙමෙන් ඉසිපතනයට පහසු ජයග්‍රහණ ගෙන දෙමින් අවසන් විය.

2011 වසරේ දී දේවින්ද ප්‍රසාද්ගේ නායකත්වය යටතේ ලකුණු 70-06ක දැවැන්ත ලකුණු පුවරුවක් සටහන් කිරීමට ඉසිපතන ක්‍රීඩකයෝ සමත් වූ අතර 2012 වසරේ දී කුමේන්ද්‍ර ධර්මදාසගේ නායකත්වයෙන් ඉසිපතන ක්‍රීඩකයෝ 98-00ක දැවැන්ත ජයග්‍රහණයක් වාර්තා කිරීමට සමත් විය.

ඉසිපතන කණ්ඩායම සිය අතීත කණ්ඩායම සමඟම ලකුණු රැස්කිරීමේ සටනක නිරත වූ අතර 2015 දී ඔමල්ක ගුණරත්නගේ නායකත්වයෙන් තරගයට පිවිසි ඉසිපතන බලකාය තරගාවලි ඉතිහාසයේ වැඩිම ලකුණු සංඛ්‍යාව වාර්තා කරමින් ලකුණු 105-00ක දැවැන්ත ලකුණු පුවරුවක් සටහන් කිරීමට සමත් විය.

අබ්දුල් ජබ්බාර් පලිහ හඳුන්වා දීමෙන් පසු මෙතෙක් පැවති තරග 49න් තරග 47ක ජයග්‍රහණය ඉසිපතනය හිමිකර ගනිද්දී, තර්ස්ටන් විදුහලට ජය ගත හැකි වූයේ එක් තරගයක් පමණි. එක් තරගයක් ජය පරාජයෙන් තොරව අවසන් වූ අතර 1972, 2010, 2013 හා 2017 යන වසරවල දී තරගය පැවැත්වූයේ නැත.

පාසල් රග්බි C කාණ්ඩයේ කාලසටහන නිකුත්වේ

B කාණ්ඩයට පිවිසීමේ අරමුණින් කණ්ඩායම් …………..

පෙර වසරවලට සාපේක්ෂව තරුණ ක්‍රීඩකයින් රැසක් සමඟින් ඉසිපතනය මෙවර ශූරතාවයට සහභාගී වන අතර ‘Center’ ස්ථානයේ ක්‍රීඩා කරන මනිල්ක රුබේරු මෙවර කණ්ඩායමේ නායකත්වය දරනු ඇත. ඉසිපතන පළමු පෙළ කණ්ඩායමේ වසර 6ක පළපුරුද්දක් ඇති මනිල්ක මෙතෙක් සහභාගී වූ අබ්දුල් ජබ්බාර් තරග හතරෙම ජයග්‍රහණය සඳහා කණ්ඩායම මෙහෙය වීමට සමත් විය.

තර්ස්ටන් විදුහල ද මේ වන විට අබ්දුල් ජබ්බාර් පලිහ වෙනුවෙන් ඉතා හොඳ සූදානමකින් සිටින අතර CH&FC කණ්ඩායම් නායක රෝහිත රාජපක්ෂගේ පුහුණුකාරීත්වය යටතේ තර්ස්ටන් කණ්ඩායම ඉතා හොඳින් දස්කම් අතරට පැමිණ ඇත. 2020 අබ්දුල් ජබ්බාර් කුසලාන තරගය මෙම තරග වාරයට කණ්ඩායම් දෙකටම ඉතා හොඳ පෙර පුහුණුවක් වනු ඇත.

වසර 49ක් පුරාවට අබ්දුල් ජබ්බාර් කුසලානය කණ්ඩායම් දෙක අතර බෙදී ගිය අයුරු පහතින්.

වර්ෂය ජයග්‍රාහි පාසල සහ කණ්ඩායම් නායක
1967 ඉසිපතන – ගුණසේන විජේරත්න
1968 ඉසිපතන – ජුරන්ගන් සවඥාන්
1969 ඉසිපතන – තජෝන් සවඥාන්
1970 ඉසිපතන – හාෆි ආබ්ඩීන්
1971 ඉසිපතන – ශ්‍රියන්ත රාජකරුණා
1972 තරගය පැවැත්වුයේ නැත
1973 ඉසිපතන – නලීන් ද සිල්වා
1974 ඉසිපතන – නිහාල් මෙන්ඩිස්
1975 තරගය සම විය (00-00)

ශූරතාවය ඉසිපතන සතුවිය – 

ඉසිපතන – S ගොඩවෙල

තර්ස්ටන් තිස්ස වික්‍රමනායක

1976 ඉසිපතන – J ගිනිගල්ගොඩ
1977 ඉසිපතන – H K සිසිර
1978 ඉසිපතන – M P F සලේ
1979 ඉසිපතන – K D නානායක්කාර
1980 ඉසිපතන – අනුරුද්ධ බෝවෙල
1981 ඉසිපතන – ලෙස්ලි ද සිල්වා
1982 ඉසිපතන –  ඩිල්රෝයි ප්‍රනාන්දු
1983 ඉසිපතන – රොජර් රුද්‍රිගු
1984 ඉසිපතන – ශබීන් සිද්ධික්
1985 ඉසිපතන – චන්දන දීප්ති
1986 ඉසිපතන – සෙල්වින් සලේ
1987 ඉසිපතන – නිලන්ත ලක්ශ්මිවැව
1988 ඉසිපතන – සුදේශ් අබේසිංහ
1989 ඉසිපතන – චානක ජයවීර
1990 ඉසිපතන – මියුරු යුගාන්තර
1991 ඉසිපතන – චම්පික නිශාන්ත
1992 ඉසිපතන – චම්පික නිශාන්ත
1993 ඉසිපතන – චමිල නිශාන්ත
1994 ඉසිපතන – ලිලෙක ප්‍රනාන්දු
1995 ඉසිපතන – අලි වාහිද්
1996 ඉසිපතන – බන්දුල මල්ලිකාරච්චි
1997 ඉසිපතන – වජිර හේවගේ
1998 ඉසිපතන – ශම්ලි නවාස්
1999 ඉසිපතන – ක්‍රිෂාන් චන්ද්‍රන්
2000 ඉසිපතන – හමේෂ් ගුණරත්න
2001 ඉසිපතන – රංග පෙරේරා
2002 ඉසිපතන – අනුරංග වල්පොල
2003 ඉසිපතන – නිමේෂ් ද සිල්වා
2004 ඉසිපතන – අශෝක ගුණවර්ධන
2005 තර්ස්ටන් අමිල එරංග
2006 ඉසිපතන – අශාන් ද කොස්තා
2007 ඉසිපතන – දමිත් උදයංග
2008 ඉසිපතන – දිනුෂ චතුරංග
2009 ඉසිපතන – නිරෝෂන් ප්‍රනාන්දු
2010 තරගය පැවැත්වුයේ නැත
2011 ඉසිපතන – ප්‍රසාද් දේවින්ද
2012 ඉසිපතන – කුමේන්ද්‍ර ධර්මදාස
2013 තරගය පැවැත්වුයේ නැත
2014 ඉසිපතන – සේනාල් දීලක
2015 ඉසිපතන – ඔමල්ක ගුණරත්න
2016 ඉසිපතන – කුෂාන් ඉඳුනිල්
2017 තරගය පැවැත්වුයේ නැත
2018 ඉසිපතන – මනිල්ක රුබේරු
2019 ඉසිපතන – ජනිත් සේරසිංහ

 

  • Isipathanarugby.lk වෙබ් අඩවිය
  • Isipathana College Rugby Facebook පිටුව 

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<