ඩිවිලියර්ස්ට බිග් බෑෂ් හි දොරටු විවර වෙයි

70

හිටපු දකුණු අප්‍රිකානු සුපිරි පිතිකරු ඕස්ට්‍රේලියානු බිග් බෑෂ් විස්සයි විස්ස තරගාවලිය ක්‍රීඩා කිරීම සඳහා බ්‍රිස්බේන් හීට් කණ්ඩායම සමඟ ගිවිසුම් ගත වී තිබෙනවා. මේ ඩිවිලියර්ස් ක්‍රීඩා කරන මංගල බිග් බෑෂ් තරගාවලිය වීම විශේෂත්වයක්. 

තරග ජය අහිමි වුවද ශෙහාන් – දසුන් අතරේ වාර්තාගත සබඳතාවයක්!

මුල්පෙළ පිතිකරුවන් පස් දෙනෙකු ශ්‍රී ලංකා ඉනිම සම්පූර්ණයෙන්ම බිඳ දමා තිබිය දී සයවැනි කඩුල්ල වෙනුවෙන් වාර්තාගත……….

කණ්ඩායම් අටක් සහභාගී වන බිග් බෑෂ් තරගාවලිය එළඹෙන දෙසැම්බර් මස සිට පෙබරවාරි මස දක්වා පැවැත්වීමට නියමිතයි. 

බ්‍රිස්බේන් පුහුණුකරු Darren Lehmann පවසා සිටියේ ඒ බී ඩිවිලියර්ස් සමඟ කටයුතු කරන්නට ලැබීම ගැන තමන් ඉතා සතුටු වන බවයි.

“ලෝක මට්ටමේ ක්‍රීඩකයින් සෑම දිනකම හමුවන්නේ නැහැ. ඒ. බී වගේ ක්‍රීඩකයෙක් සහ ඒ වගේ දක්ෂතාවක් බිග් බෑෂ් තරගාවලියට මෙන්ම තරගාවලියට සහභාගී වන ක්‍රීඩකයින් සියලු දෙනාටමත් ඉතා වැදගත්.” ඔහු පවසා සිටියා.

“ඔහු අංශක 360ටම පහර එල්ල කරන ක්‍රීඩකයෙක්. සුපිරි දක්ෂයෙක් හා හොඳ නායකයෙක්.”

ඩිවිලියර්ස් දකුණු අප්‍රිකාවේ වෙනුවෙන් ටෙස්ට් තරග 114 ක් එක්දින තරග 228 හා විස්සයි විස්ස තරග 78 ක් ක්‍රීඩා කර ඇත්තේ 2018 වසරේ විශ්‍රාම ගන්නා තුරු වසර 14ක් ජාත්‍යන්තර පිටියේ ඉහළ දස්කම් දක්වමින්.

මේ වසරේ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් වෙනුවෙන් ඉතාම ඉහළ දස්කම් දක්වන්නට ඩිවිලියර්ස් සමත් වූ අතර ඔහු ලකුණු 44.20 ක සාමාන්‍යයකින් මුළු ලකුණු 442 ක් රැස් කර ගත්තේ 154 ක ප්‍රහාරක වේගයක් රඳවා ගනිමින්.

ඔහු පවසා සිටියේ බ්‍රිස්බේන් හීට් කණ්ඩායම සමඟ ඔහු එළඹෙන වසරේ ජනවාරි මස සිට එක්වන බවයි. “මම ආස විදියට තමයි බ්‍රිස්බේන් හීට් කණ්ඩායම ක්‍රීඩා කරන්නේ. ඔවුන් හරිම ආක්‍රමණශීලි ලෙස ක්‍රීඩා කරනවා. මම බොහොම නොඉවසිල්ලෙන් ඉන්නේ ගැබා පිටියේ තරග කරන්න.” ඩිවිලියර්ස් පවසා සිටියා.

“එය හරිම ලස්සන ක්‍රීඩා පිටියක්, හොඳ තණතිල්ලක් වගේම එහි පැවැත්වෙන තරගත් හරිම තරගකාරී.”

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<