ආබාධයක් නිසා ඩි විලියර්ස්ට PSL මඟ හැරේ

161

හිටපු සුපිරි දකුණු අප්‍රිකානු ක්‍රිකට් ක්‍රීඩක ඒබි ඩි විලියර්ස්ට මෙවර පාකිස්තාන සුපර් ලීග් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ පාකිස්තානයේ දී පැවැත්වෙන තරග අහිමි වී තිබේ.

පිට කොන්ද ආශ්‍රිතව ඇති ආබාධ තත්වයක් හේතුවෙන් ඩි විලියර්ස්ට මෙලෙස පාකිස්තාන සුපර් ලීග් තරගාවලියේ පාකිස්තානයේ පැවැත්වෙන තරග අහිමි වී තිබේ.

ක්‍රිකට් ක්‍රීඩකයන්ට සංග්‍රාම නැවැත්විය හැකිය

අපි මහා ක්‍රිකට් සංග්‍රාම සහ ක්‍රිකට් සටන් අගයන කාල …..

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගත් ඩි විලියර්ස් පාකිස්තාන සුපර් ලීග් තරගාවලියේ දී ලාහෝර් කලාන්ඩාර්ස් කණ්ඩායම නියෝජනය කරමින් තරග 7කට ක්‍රීඩා කිරීමට ගිවිසුම් ගත වී තිබුණි. එම තරග 7ට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන තරග 5ක් සහ පාකිස්තානයේ ලාහෝර් නුවර පැවැත්වෙන තරග දෙකක් ඇතුළත්.

මේ පිළිබදව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ඩි විලියර්ස් සඳහන් කර සිටියේ පාකිස්තාන ක්‍රිකට් ප්‍රේක්ෂකයින් ඉදිරියේ සිය දක්ෂතා පෙන්නුම් කිරීමට නොහැකී විම පිළිබඳව තමා කනගාටුවට පත්වන බවයි.

වෛද්‍ය උපදෙස් මත සති දෙකක කාලයක් තමන්ට ක්‍රීඩා පිටියෙන් බැහැරව සිටීමට ද සිදුවන බව ඔහු එම නිවේදනයේ වැඩිදුරටත් දක්වා තිබේ.

ජේස්න්ට නායක පදවියක් හිමිවන ලකුණු

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායමේ ….

නැවතත් එළඹෙන වසරේ දීයි පාකිස්තාන සුපර් ලීග් තරගාවලිය සඳහා සහභාගී වීමට තමන් බලාපොරොත්තු වන බවත්, ලාහෝර් කලාන්ඩාර්ස් කණ්ඩායමට මෙම වසරේ දීයි මෙවර තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට හැකි වේවායි තමන් සුබ පතන බවත් එම නිවේදනයේ සඳහන්.

මෙවර පාකිස්තාන සුපර් ලීගයේ මූලික වටයේ තරග 7කට සහභාගී වී ඇති ඩි විලියර්ස් ලකුණු 218ක් රැස්කර ගෙන තිබේ. ඊට එක් අර්ධ ශතකයක් ඇතුළත් අතර ඩි විලියර්ස මෙවර තරගාවලියේ දී හයේ පහර 5ක් හා හතරේ පහර 19ක් ද එල්ල කර තිබේ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<